අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මාතලේ ලග්ගල පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියේදී හූ තැබූ පිරිස් මෙහෙයවූ මාතලේ එජාප ප්‍රබලයා කවුරුන්ද යන්න මේ වනවිට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබේ.
ලග්ගල පැවැති රැස්වීමේ අගමැතිවරයාට හූ තැබීම හරහා එය ලග්ගල සංවිධායිකා රෝහිණී කවිරත්න මහත්මිය පිටින් යැවීමට මෙම පිරිස සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත.