විශිෂ්ටත්වය පිළිබඳ වන සිය ගමන් මඟ යළිදු වතාවක් මනාව සනාථ කරමින් සිලෝන් බිස්කට්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ නවතම සෝයා නිෂ්පාදනය වන ලංකාසෝයි කිරිමාළු, 2019 ීඛෂඵ සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නව හඳුන්වා දීමට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ලංකාසෝයිහි විශිෂ්ට නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වූ කිරිමාළු, ගෘහස්තව පිළියෙල කරන සම්ප්‍රදායික කිරිමාළු රසයෙන්ම පැමිණෙන නිසා ඉතා කෙටි කාල සීමාවක් ඇතුළතදී විශාල පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගත් රසයෙන් සහ ගුණයෙන් අනූන නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැකිය.











