මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වාදී ඇත.
මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින් සඳහා නොමිලේ වන අතර අනෙකුත් ජංගම දුරකතන ජාල පරිශීලකයින්ටද ඊට ප්‍රවේශ විය හැකිය. අවශ්‍ය වූ විටෙක පරිශීලකයා සිදු කළ යුත්තේ 1926 වෙත කෙටි පණිවුඩයක් යොමු කිරීම පමණක් වන අතර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික සෞඛ්‍ය විශේඥයෙකු විසින් මෙයට ක්ෂණික ප්‍රතිචාරයක් ලබාදෙනු ඇත.
ඉංග්‍රීසි, සිංහල හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවය ලබා ගත හැකි වෘත්තීයමය මනෝ උපදේශකවරුන් වෙත පරිශීලකයින් සම්බන්ධ කරමින් ඔක්තෝම්බර් 10 වැනිදාට යෙදී තිබුණු 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීමට සමගාමීව මෙම කෙටි පණිවිඩ සේවාව මුළු දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.
එයාර්ටෙල් විසින් නිර්මාණය කරන ලද 1926 කෙටි පණිවිඩ පදනම් කරගත් මෙම උපකාරක සේවාව මගින් සමාගම බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඉතා අවදානම් කාලයක් අත්විඳින විට හා නොදන්නා පරිසරයක් තුළ ආරක්ෂිතව ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු අවම කරගැනීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම සඳහා වෘත්තීය මනෝ උපදේශකයින් වෙත යොමු වීමට ඔවුන්ව දිරිමත් කිරීමයි.











