සාහිත්‍ය මාසය වෙනුවෙන් පරිත්‍යාගශීලීන් සමඟ එක්ව මහජන බැංකුව දියත් කළ ‘පැතුමක් තෑගි කරමු’ වැඩසටහන යටතේ ලැබුණු පොත්පත් පිරිනැමීමේ සමාරම්භක උත්සවය බ/අඹගස්දෝව කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි. මීට සමගාමීව බණ්ඩාරවෙල විශාඛා මධ්‍ය මහා විද්‍යාලය වෙත පොත්පත් බෙදාදීමද එදින සිදුකෙරිණි. මෙහිදී පොත්පත් මෙන්ම පාසල් අධ්‍යාපනික උපකරණද බෙදාදෙන ලදී.
පොත් කියැවීමට කැමැති, එහෙත් මිලදී ගැනීමට තරම් වත්කමක් නැති අපේම දූ පුතුන්ට ශක්තියක් වීම අරමුණින් මහජන බැංකුව සිය ආයතන සමාජ වගකීමක් ලෙස ‘පැතුමක් තෑගි කරමු’ වැඩසටහන දියත් කරන ලදී. මේ සඳහා ඔබ කියවා අවසන් වූ ඕනෑම පොතක් ළඟම ඇති මහජන බැංකුවට ගෙනැවිත් භාරදෙන ලෙස මහජන බැංකුව සිය නිල ෆේස්බුක් පිටුවෙන් ගනුදෙනුකරුවන් හා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම අමතක නොකර ඔවුන්ගේ දිවිය දිරිමත් කරන ධනාත්මක ප්‍රාර්ථනාවක් සෑම පොතේම පළමු පිටුවේ ලියන ලෙසටද වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.