මහජන බැංකුව Lanka Pay Technnovation 2019 සම්මාන උළෙලේදී The Most Popular Electronic Payment Product” ‘Bank of the year for Financial Inclusivity-category A’ iy ‘Best Common ATM Acquirer of the Year – category A’ යන කාණ්ඩවල රන් සම්මාන හිමිකරගැනීමට සමත්විය. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සමඟ නව්‍ය ඩිජිටල් භාවිතාවන් සමඟ තරග කරමින් ඉතා උසස් තාක්ෂණික භාවිතාවන් වෙනුවෙන් මෙම සම්මාන මහජන බැංකුවට පිරිනැමිණි.
මෙම Lanka Pay Technnovation සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වාර්ෂික ගෙවීම් තාක්ෂණය(payment technology) හඳුන්වාදීම් පිළිබඳ සම්මාන ලබාදෙන සම්මාන උත්සවය වේ.
මහජනතාව වෙත හඳුන්වාදී කෙටි කලක් තුළදී බාගතකිරීම් 500000ක් සිදුකරමින් වාර්තාවක් තැබූ මහජන බැංකුවේ ‘Peoples Wave’ මොබයිල් බැංකු යෙදවුම වසරේ ‘The Most Popular Electronic Payment Product” ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබන්නට සමත්විය. මෙම සම්මාන ලබාදීම සිදුකෙරුනේ සමාජ ජාල හරහා ඡන්දය ලබාදුන් 32000කගේ බහුතර කැමැත්ත පරිදි වීම විශේෂත්වයකි. දිවයින පුරා ශාඛා 737ක් සහ ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ වූ ශාඛා විශාල ප්‍රමාණයක් මඟින් ගනුදෙනුකරුවන්ට නව්‍ය තාක්ෂණයේ සුවපහසුව සෘජුව ලබාදෙන මූල්‍ය ආයතනයක් ලෙස ‘Bank Of The Year for Financial Inclusivity’ රන් සම්මානය හිමිකරගැනීමට මහජන බැංකුව සමත්විය. තෙවැනි රන් සම්මානය වන ‘Best Common ATM Acquirer of the Year’ සම්මාන ලබාදීමට පදනම වූයේ මහජන බැංකු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා සිදුකළ මුදල් හුවමාරු ප්‍රමාණය වේ. එහිදී සම්මාන පිරිනැමීම සඳහා ගණන් ගන්නා කාල සීමාව වන 2018 අප්‍රේල් 01 වැනිදා සිට 2019 මාර්තු 31 වැනිදා දක්වා අනෙකුත් සියලුම බැංකු සහ මුල්‍ය ආයතනවලට වඩා මහජන බැංකුවේ ATM ජාලය පොදු ජනයා අතර මුදල් හුවමාරු සිදුකිරීමට භාවිත කර තිබේ.