එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අතර අද (10) දින කැලණිය රජමහා විහාරස්ථානයේදී එකගතාවක් ඇතිව තිබේ.
ඒ, තමා යටතේ පිහිටුවන ආණ්ඩුවකදී ආරක්ෂක අමාත්‍ය ධූරය සමග තවත් වගකීම් රැසක් ෆොන්සේකා මහතාට ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥාවක් ලබා දෙමිනි.
එමෙන්ම ගෝල්ෆේස් පිටියේදී අද පැවැත්වෙන සිය මංගල රැලියේදී මේ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කරන බව ෆොන්සේකා මහතාට දැනුම් දී ඇති සජිත් ප්‍රේමදාස මහතා සිය රැලියේදී ෆොන්සේකා මහතාට කතාවක් ලබාදීමටද කටයුතු කොට ඇත.
පසුගිය කාලයේදී ෆොන්සේකා මහතා හා ප්‍රේමදාස මහතා අතර කිසියම් දේශපාලන විරසකයක් පැවතුණද මේ වනවිට එය සම්පූර්ණයෙන්ම සමතයකට පත්ව ඇති බවක් දැකගන්නට ඇත.










