ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව තම තොරතුරු තාක්ෂණ මෙහෙයුම්වල සඵලතාවය, කාර්යක්ෂමතාව, රහස්‍යභාවය සහ පරිපූර්ණත්වය තහවුරු කිරීම සඳහා ගෝලීය ප්‍රමිතීන් සහ විශිෂ්ට භාවිතයන් යොදාගැනීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් “Bureau Veritas” වෙතින් පසුගියදා පිරිනමන ලද ISO 27001:2013 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. මේ වන විටත් අති නවීනතම බැංකු තාක්ෂණයන් භාවිත කිරීම පිළිබඳ කීර්තියක් දිනා ඇති පෑන් ඒෂියා බැංකුවේ කීර්ති නාමය මෙම සහතිකකරණය තුළින් තව දුරටත් ඉහළ නැංවෙන අතර පාරිභෝගිකයන් තුළ බැංකුවේ තොරතුරු තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ සුරක්ෂිතභාවය මෙන්ම රහස්‍ය තොරතුරු සහ තොරතුරු තාක්ෂණ වත්කම් කළමනාකරණය කිරීම පිළිබඳ ගොඩනැඟී ඇති විශ්වාසය ද තව දුරටත් වර්ධනය වනු ඇත.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පෑන් ඒෂියා බැංකුවේ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජෙරල්ඞ් වනිගරත්න මහතා මෙසේ පැවසීය.“පාරිභෝගිකයන්ගේ දත්තවල රහස්‍යභාවය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ සුරක්ෂිතභාවයේ වැදගත්කම සඳහා අප දක්වන සැලකිල්ල ඉතා හොඳින් පිළිබිඹු වන නිසා “Bureau Veritas” වෙතින් ISO 27001:2013 සහතිකකරණයෙන් පිදුම් ලැබීමට හැකිවීම ඇත්තෙන්ම අපට මහත් අභිමානයක්. මෙම සහතිකකරණය හේතුවෙන් ප්‍රධාන වශයෙන් අවධානයට ලක්විය යුතු සහ අප මූලික වශයෙන් ප්‍රමුඛත්වය ලබාදෙන දත්ත සුරක්ෂිතභාවය, පෞද්ගලිකත්වය සහ තොරතුරු තාක්ෂණ පාලනය ආදිය පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර නියාමනයන්වලට අනුකූලව කටයුතු කිරීම සඳහා බැංකුව දරන උත්සාහය සහ කැපවීම මනාව පිළිබිඹු වෙනවා. බියුරෝ වෙරිටාස්හි විගණන ප්‍රතිඵලවලට අනුව පෑන් ඒෂියා බැංකුව තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය පිළිබඳ සියලු අවශ්‍යතාවන් නිසි ලෙස සම්පූර්ණ කොට ඇති අතර එය අඛණ්ඩව ඉදිරියටත් සිදු කරමින් පවතිනවා.