නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ බණ්ඩාරගම ශාඛාව වඩාත් පුළුල් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලකදී විවෘත කිරීම පසුගිය 14 දින සිදුවිය. මේ අනුව බණ්ඩාරගම කළුතර පාරේ අංක 18/2 ස්ථානයේ පිහිටා තිබූ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛාව දැන් පානදුර පාර, අංක 14 ස්ථානයේදී විවෘතව ඇත. එම ශාඛාව නිල වශයෙන් විවෘත කිරීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන ණය නිලධාරී ගයාන් රණවීර මහතා අතින් සිදුකරන ලදී. බැංකුවේ ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් හා ගනුදෙනුකරුවන් රැසකගේ සහභාගීත්වය එහිදී දක්නට ලැබිණි.