කොවිඞ් 19 ව්‍යසනය හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර මූල්‍ය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නව ව්‍යාපාර ආරම්භ කරන්නන් සඳහා වූ ‘දිවි උදාන’ සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ උතුරු මැද පළාත් සම්මන්ත්‍රණය 2020 සැප්තැම්බර් මස 15 වැනිදා අනුරාධපුර, උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ කළමනාකරු (මානව සම්පත්, කේ.ඊ.ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් හා හැසිරවුම් කළමනාකරණ) ප්‍රියාල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා බැංකු කටයුතු කලාප I) ඊ.එම්. ජයරත්න, ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ, සහකාර මහා කළමනාකරු (උතුරු මැද පළාත) රංජිත් වැලිකන්නගේ යන මහත්වරු සහභාගි වූහ. කෘෂි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම කුඩා පරිමාණයේ ස්වයං රැකියාවල නියුතුවන්නන් රැසක් මේ සඳහා සහභාගි වූහ.
මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ ව්‍යවසායකයන් සඳහා වැඩිදුර විස්තර හා උපදෙස් සඳහා අදාළ ප්‍රාදේශීය කළමනාකරු වෙත යොමු කිරීමත් එදින සිදුවිය. මෙහිදී පැවැත්වූ සාකච්ඡා වටය හරහා ව්‍යාපාරයන්හිදී තම තමන් මුහුණදෙන මූල්‍ය හා මූල්‍ය නොවන ගැටලු ගැන සාකච්ඡා කිරීමටත් ඒවාට විසඳුම් ලබා ගැනීමටත් සහභාගිවූවන්ට අවස්ථාව හිමිවිය.










