තමන් හා රිෂාඩ් බදුර්දීන් මහතා අතර හමුවක් සිදුවුණේ ඒ මහතා ආණ්ඩුවට එකතු කරගැනීමේ පියවරක් වශයෙන් නොවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
තමන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි වීම සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
නිවේදනයයි
මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.
ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.
විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.










