සුඛෝපභෝගී හා ආකර්ෂණීය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකරගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළෙඳපොළ තුළ නවමු වෙනසක් සිදු කරමින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා පසුගියදා හඳුන්වාදෙනු ලැබූ නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදන (Customized Steam Inhaler) තොගයක් රජයේ ප්‍රධාන සෞඛ්‍යාතන කිහිපයක් වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනය (IDH), නෙවිල් ප්‍රනාන්දු රෝහල, හෝමාගම මූලික රෝහල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහල සහ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මෙන්ම මෙරට නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකට අවශ්‍ය පෝසිලේන් වාෂ්ප ආශ්වාසක ප්‍රදානය කිරීම සිදුවිණි.
මේ වන විට සමස්ත දිවයිනම මුහුණ දී තිබෙන කොරෝනා වසංගතය මෙන්ම අනෙකුත් සියලුම ශ්වසන රෝගයන්ගෙන් වැළකීම උදෙසා වන මූලික ප්‍රතිකාරයක් වන වාෂ්ප ආශ්වාස (inhaling) කිරීම සඳහා මෙම නවෝත්පාදිත නිෂ්පාදනය නිර්මාණය කර ඇත.











