වසර ගනණක් පුරා ජෝන් ඩියර් ට්‍රැක්ටර් සමගින් තම ගොවිතැන් කටයුතු සහ ව්‍යාපාර කටයුතු සිදුකරන ට්‍රැක්ටර් හිමිකරුවන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ජෝන් ඩියර් ප්‍රථම සුපිරි ප්‍රදර්ශනාගාරය පසුගියදා පොළොන්නරුව ජයන්තිපුරදී සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්යක්ෂ ශනිල් පෙරේරා අතින් විවෘත කෙරිණි.
අංගසම්පූර්ණ සේවා, අලුත්වැඩියා සහ අමතර කොටස් යන සියලු අංග එක්කොට සැලසුම් කොට ඇති සුපිරි ප්රදර්ශනාගාර ජාලය ශ්‍රී ලංකාවේ ගොවිතැන් කටයුතු බහුලව සිදුකරන ප්‍රදේශ ආවරණය කරමින් විවෘත කිරීමට සැළසුම් කොට ඇත.
ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයත් දේශීය ගොවි ප්රජාවත් නඟාසිටුවීම මූලික අරමුණ කොටගෙන ජෝන් ඩියර් ට්‍රැක්ටර් නියෝජිතත්වය සියතට ගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ගොඩ මඩ විවිධ වූ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ලමින් ට්‍රැක්ටර් මාදිලි ගණනාවක් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා සියලුම අමතර කොටස් අවශ්‍ය ඕනෑම මොහොතක ලබාගැනීමේ හැකියාව, අවශ්‍ය තාක්ෂණ සහාය ලබාදීම, විශිෂ්ටවූ අලෙවියෙන් පසු සේවය සහ දිවයින පුරා පවත්වන සේවා කඳවුරු ආදිය නිසා ජෝන් ඩියර් ට්‍රැක්ටර් ශ්‍රී ලාංකේය ගොවි ජනතාව අතර අතිශය ජනාදරයට පත්ව තිබේ.
පොළොන්නරුව සහ ඒ අවට ප්‍රදේශයන්හි ජෝන් ඩියර් ට්‍රැක්ටර් හිමිකරුවන්හට තම ට්‍රැක්ටර් සේවා කරගැනීමට, අලුත්වැඩියා කර ගැනීමට හෝ අමතර කොටස් මිලදී ගැනීමට ජයන්තිපුර ජෝන් ඩියර් ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන ලෙස සිංගර් සමාගම ආරාධනා කර සිටී.











