රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 01/12 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මොවුන් දෙදෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි විවාහක අඹසැමි යුවළකි. 39 හැවිරිදි සැමියා සංචාරක ව්‍යාපාරයේ ද නිරතව සිටින්නෙකි. බිරිද 29 හැවිරිදිය.
ඔවුන් දෙදෙනා 01/12 දින අලුයම 02.30 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ, විදේශීය නිෂ්පාදිත “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි ලක්ෂයක් අඩගු දුම්වැටි කාටූන් 500 ක් සගවා ගෙන සිටියදී , මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, එළඹෙන 01/14 දින මොවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.













