නිව් හොලන්ඞ් ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනෙකුත් ප්‍රතිලාභ ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම ‘ඇග්‍රි ලීස්’ ප්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ.
කෘෂි කාර්මික කටයුතු කරන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ට්‍රැක්ටර් මිලදී ගැනීමේදී අඩුම වාරික අනුපාත ලබා දීමට අමතරව, ‘ඇග්‍රි ලීසිං’ ගනුදෙනුකරුවන්ට තවත් අමතර අගය එකතු කිරීම් සහ ප්‍රතිලාභ ලබාදෙන බව බැංකුව පවසයි.
මීට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ආදායම් රටාවට අනුව ඔවුන්ට ගැළපෙන ලෙස නම්‍යශීලී නැවැත ගෙවීමේ සැලසුම් ලබා දීමටත්, මෙහිදී බැංකුව කටයුතු කරයි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාව ලබා ගැනීමට කැමැති පාර්ශ්වයන්ට කොමර්ෂල් බැංකුවේ ඕනෑම ශාඛාවකට හෝ AMW ප්‍රදර්ශනාගාරයකට පැමිණ මෙම ලීසිං පහසුකම ලබාගත හැකි බවයි.
ඉතාමත් පහසු ක්‍රමවේදයක් යටතේ ගොවීන්ට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ කෘෂි උපකරණ මිලදී ගැනීමට මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළ බවද බැංකුව පවසයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ කෘෂි සහ ක්‍ෂුද්‍ර මූල්‍ය යන නිලධාරීන් සහ AMW සමාගමේ අලෙවි කණ්ඩායම එක්ව කෘෂි කාර්මික ප්‍රදේශවල සිදුකරයි.











