ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් ගණකාධිකරණ ආයතනය (CIMA) සමග පිට පිටම දෙවැනි වතාවටත් එක්ව පැවැත්වූ 2019 සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍රවූ සමාගම් 10 අතරට පත්වීමට සමත්ව තිබේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සම්මානය බැංකුවට ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් 10 ලයිස්තුවට විවිධාංගීකරණය වූ සමාගම්, ප්‍රමුඛතම බැංකු, ආහාර සහ පාන අංශයේ කීර්තියක් දිනාගත් සන්නාම නියෝජනය කරන සමාගම් ඇතුළත් විය.
මෙම සම්මානය ලබාදීමේදී බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය පමණක් සැලකිල්ලට ගෙන නොමැති අතර කොටස්කරුවන්ට, පාරිභෝගිකයන්ට, සේවකයන්ට සහ තවත් පුළුල් ප්‍රජාවකට බැංකුව විසින් ලබාදුන් වටිනාකම්ද මෙම සම්මානය බැංකුවට ලබාදීමට හේතුවී ඇත.