• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක නම් මතක් කරගන්න (3 ‌කොටස)

October 5, 2019
in News, Politics
Reading Time: 7 mins read
A A
දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක නම් මතක් කරගන්න (3 ‌කොටස)
Share on WhatsAppShare on Facebook

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා හරිමින් ව්‍යවස්ථා විරෝධී සහ කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 26 දින සිදුකළ කුමන්ත්‍රණ මෙහෙයුමට මේ වන විට වසරකට ආසන්නය. ඒ අනුව දින 52ක් පුරා පැවැති මෙම නීති විරෝධී ආණ්ඩුව පිහිටුවීම පිටුපස කිසිවකු නොදත් විශාල දේශපාලන රහස් රැසක් තිබේ. ඒ කිසිවක් එකල කිසිදු පුවත්පතක් වාර්තා කළේ නැත. නමුත් අප එදා සිදු වූ සිදුවීම් ඒ ආකරයෙන්ම පාඨකයන්ට දැන ගැනීමට ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකළෙමු. එම සිදුවීමට වසරක් පිරෙන මේ මොහොතේ අප එම තොරතුරු නැවත මේ පළකරන්නේ ජනතාවට ඒ පිළිබඳ මතක් කිරීමටත්, කිසිවකු නොදත් තොරතුරු යළි කියවීමටත්ය.


මෛත්‍රි – මහින්ද ආලවන්තකම කාලයක සිටම

එමෙන්ම මහින්දගේ පාර්ශ්වයේ පිරිස්ද මේ හදිසි දිවුරුම් දීම සම්බන්ධයෙන් පුදුමයට පත්ව සිටීම නිසා ඔවුන්ද මහින්දගෙන් මේ පිළිබඳ හාරා අවුස්සමින් විමසන්නට වීම නිසා ඔවුන්ටද මහින්ද එම සාකච්ඡාවල අතීත කතාව හෙළිදරව් කර සිටියේය. කාලයක් තිස්සේ මෙම සාකච්ඡා පැවැත්වුණද දිවුරුම් දෙන දිනය සහ වේලාව සම්බන්ධයෙන් තමන්ද නොදැන සිටි බවත් මහින්ද එහිදී කියා සිටියේය. නමුත් පැවති සාකච්ඡාවලදී ආණ්ඩුව පෙරළීම සහ ඉදිරි වැඩකටයුතු කරගෙන යෑම සම්බන්ධයෙන් කාලසටහනක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගෙන තිබූ බවත්, මහින්ද එහිදී ඔවුන්ට දැනුම් දී සිටියේය.

අය-වැය හදන්න ගිහින් පී. බී. විශාල අර්බුදයක

කෙසේ වෙතත් ඉන් අනතුරුව මෛත්‍රි-මහින්ද පිලට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්නය වූයේ ඊළඟ අය-වැය ඉදිරිපත් කිරීමය. මීට පෙර නොවැම්බර් 5 වැනි දින අය-වැය ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වශයෙන් මංගල කටයුතු කරගෙන ගියත් සිකුරාදා සිදුවූ හදිසි පෙරළියත් සමඟ එම කටයුතු සම්පූර්ණයෙන්ම අතරමඟ නැවැතිණි. නමුත් නියමිත ආකාරයට අය-වැය ඉදිරිපත් නොකළහොත් බරපතළ මූල්‍ය අර්බුදයක් රට තුළ මතුවන නිසා මෛත්‍රි-මහින්ද දෙදෙනාම කල්තියාම හිටපු මහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත විකල්ප අය-වැයක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව පී. බී. අය-වැය සකස් කිරීමේ කටයුතුවල නිරත වුවද මුදල් අමාත්‍යාංශ ලේකම්කම ඔහුට භාරගන්නා ලෙස දැනුම් දී තිබුණද ඔහු එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඊට ආටිගල මහතා පත්කිරීමට මෛත්‍රි පියවර ගත්තේය. කෙසේ වෙතත් අය-වැය සකස් කිරීමේදී පී. බී. ගැටලු ගණනාවකට මුහුණ දී සිටි බවක්ද මේ වන විට දැනගන්නට ලැබේ. විශේෂයෙන්ම රට තුළ විශාල මුදල් හිඟයක් තිබීමත්, රටින් විශාල මුදල් ප්‍රමාණයක් විදේශයන්ට ඇදෙමින් තිබීමත් එහිදී පී. බී.ට දැකගන්නට ලැබුණු ප්‍රධානම ප්‍රශ්නය විය. උදාහරණයක් ලෙස පසුගිය මාස තුනක කාලය ඇතුළත රුපියල් බිලියන 4.5ක මුදලක් රටින් පිටට ගොස් තිබුණු අතර, මහින්ද අගමැති ධුරය භාර ගැනීමෙන් අනතුරුව එක් දිනක් තුළ රුපියල් බිලියන 3ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 20.4ක්) විදේශිකයන් රටින් ඉවත් කරගෙන තිබීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබිණි.

කරු සටනට මැදිහත් වෙයි: පාර්ලිමේන්තුව කැඳවන්නැයි මෛත්‍රිට ලියුමක් යවයි

කෙසේ වෙතත් මේ සියල්ල අතරවාරයේ පාර්ලිමේන්තුව කල්තබා තිබීමත් වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙසට දේශපාලන පක්‍ෂවලින් දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබීමත් නිසා අවසානයේ මෙම ගැටලුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එකක් බවට පත්වූවා පමණක් නොව එය මෛත්‍රි හා කරු අතර ගැටුමක් බවට පත්වන ආකාරයක්ද පෙනෙන්නට තිබිණි. සිකුරාදා රාත්‍රියෙහි මාධ්‍ය මඟින් මෙම වෙනස දැනගත් කරු මුලින්ම කළේ එදින රාත්‍රියේ යොදාගෙන තිබූ සියලු වැඩකටයුතු අවලංගු කර පැනනැඟුණු මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම සහ නීති උපදෙස් ලබාගැනීමේ කටයුතුවල නිරත වීමය. ඒ අනුව වහාම පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් තැබීම මඟින් මහජන නියෝජිතයන්ගේ හඬ යටපත් කිරීමක් සිදුව ඇති නිසා වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලා මෛත්‍රි වෙත ලිපියක් යැවීමට කටයුතු කළේය. ඉන් අනතුරුව සඳුදා දිනම මහනුවර බලා ගිය කරු මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු මුණගැසී පවතින තත්ත්වය දැනුම් දීමටද කටයුතු කළේය.

හදිසි පක්‍ෂ නායක රැස්වීමක් කැඳවයි

මීට අමතරව පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසි පක්‍ෂ නායක රැස්වීමක් කැඳවීමටද කරු පියවර ගත්තේය. පාර්ලිමේන්තුව කල්තබා ඇති බැවින් එසේ කළ නොහැකි නිසා කරු එය නිල නොවන ආකාරයට කැඳවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව සියලුම පක්‍ෂ නායකයන්ට දුරකතන ඇමතුම් ලබාදී මෙම සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස දැනුම් දුන් අතර, එය නිල නොවන සාකච්ඡාවක් යන පදනම මත ඊට ආණ්ඩුවෙන් මහින්ද සමරසිංහ, විජේදාස රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන යන අයද, එජාපයෙන් අජිත් පී. පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද, අනෙකුත් පක්‍ෂ නායකයන්ද එක්ව සිටියහ. මෙහිදී ආණ්ඩුවෙ නියෝජිතයන් මෛත්‍රිගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථානුකූල එකක් බවට දිගින් දිගටම තර්ක කරද්දී එජාපය, ජවිපෙ ඇතුළ පිරිස් එය නීත්‍යානුකූල නොවන බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවා මෙම ගැටලුව විසඳාගත යුතු බවත් පෙන්වා දුන්හ. මේ නිසා සාකච්ඡාව අවසානයේදී කරු කීවේ තමන් වහාම මේ පිළිබඳ මෛත්‍රි මුණගැසී සාකච්ඡා කර තීන්දුවක් ලබාදීමට කටයුතු කරනවා යැයි කියාය.

ඇමෙරිකාවෙන් ආ ප්‍රබල පණිවුඩය

මේ සම්බන්ධයෙන් පසු දින ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකම තානාපතිවරු කරුව මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එමෙන්ම ඇතැම් තානාපති කාර්යාලවල ඉල්ලීම් උඩ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතවරිය වූ හැනා සිංගර් මහත්මිය මෛත්‍රිවත්, රනිල්වත්, කරුවත් මුණගැසී ප්‍රබල පණිවුඩයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. එම ප්‍රබල පණිවුඩය කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැතත් එම පණීවුඩය ලැබීමෙන් පසුව කරු, මෛත්‍රිගෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වේලාවක් ඉල්ලා සිටීමට කටයුතු කළේය. ඒ අනුව මෛත්‍රිගෙන් වේලාව ලැබුණේ බදාදා පස්වරු පහටය.

කරු-මෛත්‍රි මුල්ම හමුව හැඟීම්බරයි

ඒ වන විට විදේශීය තානාපතිවරු කරු මුණගැසී තිබීම නිසාත්, දේශපාලන පක්‍ෂ බොහෝමයක් පාර්ලිමේන්තුව කැඳවන ලෙස මෛත්‍රිගෙන් ඉල්ලීමක් කර තිබූ නිසාත් බොහෝ දෙනා සිතුවේ මෙම හමුව ඉතා උණුසුම් සහ ඉතා ආන්දෝලනාත්මක එකක් වනු ඇතැයි කියාය. එම නිසා දෙස්-විදෙස් බොහෝ දෙනාගේ ඇස මෙම සාකච්ඡාවට යොමුව තිබිණි. දෙදෙනා අතර පමණක් පැය එකහමාරකට අධික කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාව ඉතා සුහදශීලී අයුරින් පැවැති ආකාරයක් මෙහිදී දැකගන්නට ලැබිණි. මෛත්‍රි එහිදී ඉතා හැඟීම්බරව ඉකුත් වසර තුනහමාර සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරු හමුවේ තබා ඇති අතර, කරු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කිරීමේ වැදගත්කම මෛත්‍රිට පෙන්වා දී තිබේ. මෛත්‍රි සඳහන් කරන සියලු කරුණු නිවැරැදි විය හැකි වුවත් මේ මොහොතේ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුකොටගෙන රට කඩාවැටෙන බවත්, ජාත්‍යන්තරය හමුවේ ලංකාවේ ප්‍රතිරූපය විනාශ වන බවත් මෛත්‍රීට පෙන්වා දුන් කරු කෙසේ හෝ 16දාට ප්‍රථම පාර්ලිමේන්තුව කැඳවන ලෙසත්, එහිදී ලැබෙන තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෛත්‍රිට දැනුම් දී සිටියේය. ඒ අනුව කරුගේ කීම පිළිගත් මෛත්‍රි එසේ නම් පාර්ලිමේන්තුව ලබන සඳුදා හෝ අඟහරුවාදා දිනට කැඳවීමට තමන් කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් රාත්‍රියේදී නිශ්චිත දිනය දැනුම් දීමට කටයුතු කරන බවත් කරුට දැනුම් දෙමින් සාකච්ඡාව අවසන් කිරීමට කටයුතු කළේය. කරු එහිදී සඳුදා (5දා) ඊට සුදුසු බව නිල නොවන වශයෙන් මෛත්‍රිට දැනුම් දී සිටියේය.

කරුට රෑ දුන් පොරොන්දුව මෛත්‍රි උදේ කඩකරයි

කෙසේ වෙතත් මෛත්‍රි කී පරිදි එදින රාත්‍රියේ කරුට දුරකතන ඇමැතුමක් ලබා නොදුන්නද ඊට පසු දින මහින්ද විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් හමුවෙමින් කියා සිටියේ ලබන පස්වැනි දින නියත වශයෙන් පාර්ලිමේන්තුව කැඳවීමට මෛත්‍රි තීන්දු කර ඇති බවයි. මහින්දගේ මේ ප්‍රකාශයත් සමඟ මෛත්‍රිගෙන් ඒ පිළිබඳ බොහෝ දෙනා විමසීම් කරන්නට පටන්ගත් අතර, ඒ සියලු දෙනාටම මෛත්‍රි කියා සිටියේ තමන් එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැතැයි කියාය. එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදීද මේ බව කියා සිටි මෛත්‍රි ඒ පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවත්, එම දිනය පසුවට තීන්දු කරන බවත් ඒ සම්බන්ධයෙන් දින වකවානු කීමෙන් වැළකී සිටින බවත් පක්‍ෂ නායකයන්ට දැනුම් දීමට කටයුතු කළේය.

ඇමැතිකම් එපා: දුමින්ද දැඩි ස්ථාවරයක

මේ අතරවාරයේදී ආණ්ඩුව ඇතුළේ මතුවූ තවත් ප්‍රශ්නයක් වූයේ දුමින්ද දිසානායක ඇමැතිකම නොගන්නා බවට දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමය. දුමින්දගේ මේ දැඩි ස්ථාවරයට හේතු වී තිබුණේ කිසිවකුටත් නොකියා මෛත්‍රි මහින්දව අගමැති බවට පත්කිරීමත්, එම සන්ධානය හරහා ශ්‍රීලනිපය පිළිබඳ විශ්වාසය තබා අලුතින් පත්වීම් ලැබූ ආසන සංවිධායකවරු පත්වන තත්ත්වය පිළිබඳවත්, ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ කුමන සන්ධානය යටතේද යන්න පිළිබඳවත් එහිදී ඉදිරිපත් වන සලකුණ පිළිබඳවත් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන්ය. මේවාට නිසි පිළිතුරු ලැබෙන තෙක් තමන් ඇමැතිකම් දැරීමෙන් වැළකී සිටින බව දුමින්ද මෛත්‍රිට දැනුම් දී සිටියේය. මේ හේතුව නිසාම දුමින්ද ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවයට පවා සහභාගි නොවී සිටීමට පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් දුමින්දගේ ප්‍රශ්නය විසඳීම පැවරුණේ බැසිල්ටය.

බැසිල් දුමින්දගේ ගෙදරටම යයි

ඒ අනුව බදාදා දිනයේදී දුමින්ද හමුවීමට ඔහුගේ නිවෙසටම ගිය බැසිල් පැය දෙකහමාරක පමණ සාකච්ඡාවක් දුමින්ද සමඟ පැවැත්වීය. එහිදී දුමින්ද තමන්ට ඇති ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය බව බැසිල්ට දැනුම් දී සිටියත්, බැසිල් කියා සිටියේ ඒ සියල්ල පිළිබඳ පසුව සාකච්ඡා කළ හැකි බවත්, දැනට පවතින තත්ත්වය යටතේ සියලුදෙනා එකමුතුව කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව මෛත්‍රි හමුවී මෙම ප්‍රශ්න විසඳා ගන්නා ලෙසද බැසිල් දුමින්දට දැනුම් දී සිටියේය. ඒ අනුව දුමින්දගේ ප්‍රශ්නය විසඳුනේ බ්‍රහස්පතින්දා දිනයේදී මෛත්‍රි හමුවී ඔහු සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුවය. ඒ සමඟ එදිනම සවස් වරුවේ වාරිමාර්ග හා ආපදා කළමනාකරණ ඇමැති ධුරයේ දිවුරුම දීමටද දුමින්ද කටයුතු කළේය.

රනිල්ට දෙන්නෙම නැහැ: මෛත්‍රි දැඩි ස්ථාවරයක

මේ අතර ඊට පෙර බදාදා දිනයේදී දිවයිනේ සියලුම ආසන සංවිධායකවරු කොළඹට කැඳවීමට මෛත්‍රි පියවර ගත්තේය. ඊට ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමැතිවරු බොහෝ පිරිසක් සහභාගි වී සිටි අතර, සාකච්ඡාව ආරම්භ කරමින් මෛත්‍රි මෙම දේශපාලන වෙනස සිදුකිරීමට බලපෑ කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ආසන සංවිධායකවරුන්ට ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදුන් අතර, එහිදී බොහෝ දෙනකු ප්‍රශ්නකර සිටියේ ඉදිරියේදී මැතිවරණයට ඉදිරිපත් වීම ආදී කරුණුවලදී පක්‍ෂයේ ස්ථාවරය කුමක්ද කියාය. මීට එක් අවස්ථාවකදී දයාසිරි දුන් උත්තරයකින් සභාව තරමක් උණුසුම් වන ආකාරයක්ද දක්නට ලැබිණි. කෙසේ වෙතත් මෛත්‍රි මෙහිදී එක් කරුණක් විශේෂයෙන් සඳහන් කිරීමට කටයුතු කළේය. ඒ තමා ගත් තීන්දුවේ අභියෝගය තවමත් පවතින නමුත්, කුමන හේතුවක් මත හෝ රනිල් නැවත අගමැති පුටුවේ වාඩි වීමට කටයුතු කරන්නේ නම් තමා එක මොහොතක් හෝ ජනපති පුටුවෙ රැඳී නොසිට ජනතාවත් සමඟ පාරට බැස ඊට එරෙහිව සටන් කිරීමට කටයුතු කරනවා යැයි කියාය.

තවත් ‌කොටසක් ලබන සතියේ

SendShareShare
Previous Post

සජිත්-‌ගෝඨා උණුසුම මැද අපි ඇල්පිටි ගියා

Next Post

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් 10 අතරට

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.