ශ්‍රී ලංකාව අවස්ථාවන්වලින් සපිරි රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ කුවේට් ශාඛාව විසින් සංවිධානය කළ ‘New Horizons’ ’ නමැති විශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා ලෙසින් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා මෑතකදී සහභාගි විය.
කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයාට මෙම අවස්ථාව ගෞරවයක් ලෙසින් ලබාදුන්නේ බැංකුවේ ප්‍රේෂණ වෙළෙඳපොළින් විශාලම කොටස කුවේට් රාජ්‍ය තුළින් ලැබීම හේතුවෙනි.
මෙම වැඩසටහන සංවිධානය කළ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන් කුවේට් රාජ්‍යයේ ප්‍රමුඛ ආයතනවල සේවය කරයි. මෙම වැඩසටහන සඳහා වරලත් ගණකාධිකාරිවරුන්ට අමතරව, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂකයන්, බැංකුකරුවන්, කොමර්ෂල් බැංකුවේ ව්‍යාපාරික පාර්ශ්වකරුවන් ඇතුළු විශේෂ ආරාධිතයන් 120ක් පමණ සහභාගි විය.











