ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ මිනිස්බල සහ රැකියා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය. මෙම සම්මාන උළෙල පසුගිය වසරේ දෙසැම්බර් මස අගදී විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ශාලා පරිශ්‍රයේ පැවැත්විණි. විවිධ ක්ෂේත්‍රයන් යටතේ රැකීරක්ෂා උත්පාදනය කළ දේශීය සමාගම් මෙහිදී ඇගයීමට ලක් කෙරිණ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවති ලක් රැකියා හරසර සම්මාන උළෙල සඳහා විවිධ කාණ්ඩ යටතේ ශ්‍රී ලාංකේය සමාගම් 500කට ආසන්න සංඛ්‍යාවක් අයදුම් කළ අතර එම සමාගම් අතුරින් මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට ක්‍රිස්බ්‍රෝ සමත් විය. මෙම සම්මාන උළෙල සඳහා ක්‍රිස්බ්‍රෝ සමූහය අයදුම් කළ පළමු අවස්ථාවේදීම ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.











