ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, පාරිභෝගික පහසුව පිණිස සිය නවතම නිෂ්පාදන ද්විත්වය පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි. ක්‍රිස්බ්‍රෝ චිකන් ලිවර් සහ ක්‍රිස්බ්‍රෝ චිකන් ගිසාඞ් යන මෙම නවතම නිෂ්පාදනයන් සඳහා මෙම උත්සව සමයෙහි පාරිභෝගිකයන්ගේ ඉහළම ප්‍රතිචාරය ලැබෙනු ඇතැයි ක්‍රිස්බ්‍රෝ සමාගම විශ්වාසය පළ කරයි. ක්‍රිස්බ්‍රෝ ෆැමිලි නිෂ්පාදන පෙළ යටතේ මීට ඉහතදී Chicken dramsticks” Chicken legs, Chicken thighs, Chicken breast, Chicken winglets විශාල සහ පිරිමැසුම්දායී Crysbro chicken home packs වශයෙන් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට ඉදිරිපත් කළ අතර මෙම නිෂ්පාදනයන් කුකුළු මස් නිෂ්පාදන අතර ඉහළම වෙළෙඳපොළ කොටසක් අත් කර ගැනීමට සමත් විය.
මෙම නවතම නිෂ්පාදනයන් උත්සව සමයෙහි පාරිභෝගිකයන් අතට පත් කිරීමට ක්‍රිස්බ්‍රෝ සමාගමට හැකි වූ බැවින් කුකුළු මස් ආශ්‍රිත සියලු නිෂ්පාදනයන් ක්‍රිස්බ්‍රෝ වෙළෙඳ නාමය යටතේ එළිදැක්වීමට සමාගමට හැකිව තිබේ.











