ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳාම් හා සංවර්ධන ආයතනයක් වන ඔසාකා ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සමාගමේ (www.osakaleeway.com) නවතම සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය ඔසාකා හයිට්ස් නමින් කිරුළපන නගරයේදී ඉදිකිරීම් අරඹයි. මෙම ව්‍යාපෘතිය ඔසාකා ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සමාගම සහ ඉන්දියාවේ කීර්තිමත් ප්‍රමුඛ පෙළේ මහල් නිවාස ව්‍යාපෘති ඉදිකිරීම් සමාගමක් වන ලීවේ ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ආයතනය සමඟ සිදු කරන හවුල් ව්‍යාපෘතියකි. සුඛෝපභෝගී සුව පහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් හා ආකර්ෂණීය මාදිලි රැසකින් මෙම නිවාස ව්‍යාපෘතිය සමන්විතය. කටුනායක අධිවේගී මාර්ගයට කි.මී. 9ක්ද, දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 12ක්ද, කළුබෝවිල රෝහලට කි.මී. 2ක්ද දුරින්, දුම්රිය ස්ථාන, සුපිරි වෙළෙඳසල්, බැංකු හා ජාත්‍යන්තර පාසල් රැසකට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි දුරින් ඉදිකෙරෙන ඔසාකා හයිට්ස් මහල් නිවාස වර්ග අඩි 925 සිට වර්ග අඩි 1860 දක්වා වූ ප්‍රමාණවලින් සහ මාදිලි 6කින් මිලදී ගත හැකිය.