කිසිදු දැනුම් දීමකින් තොරව තමන් යටතේ තිබූ ජාතික රූපවාහිනී ආයතනය නීති විරෝධී හා සදාචාර විරෝධී ආකාරයට ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට එරෙහිව නඩු පැවරීමට ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තීන්දු කොට ඇත.
ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පවා ජනාධිපතිවරයා සමග රෑට රෑට ගොස් හොරරහසේ මුණගැසී ගනුදෙනු සිදුකරන අවස්ථාවකදී රුවන් විජයවර්ධන මහතා මෙසේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයට යාමට තීන්දු කිරීම බහුතරයක් මැතිඇමැතිවරුන්ගේ ප්‍රසාදයට හේතු වී තිබේ.
ඊයේ (10) දිනයේදී නිවේදනයක්ද නිකුත් කරමින් විජයවර්ධන මහතා ජනාධීපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර තිබිණ.