අනුරාධපුරයේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස 2018දී රන් සම්මාන දිනූ සීමාසහිත එල්ලාවල හෝර්ටිකල්චර් (පෞද්ගලික) සමාගම මෙවර මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. මහවැලි ව්‍යවසායකත්ව 2019 ජනාධිපති සම්මාන උළෙල පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී හොඳම මහවැලි කෘෂිකාර්මික ව්‍යවසායකයා ලෙස මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයත්, උපරිම ඵලදායිතාවෙන් ඉඩම් පරිහරණය / සැලසුම්කරණය සහිත මහවැලි ව්‍යවසායකයා ලෙස රිදී සම්මානයත්, සමස්ත තරගාවලියේ හොඳම මහවැලි ව්‍යවසායකයා ලෙස ලෝකඩ සම්මානයත් එල්ලාවල හෝර්ටිකල්චර් සමාගම විසින් දිනාගන්නා ලදී. සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ සුරේෂ් එල්ලාවල සහ කළමනාකාර අයි.ජී.ඩබ්ලිව්. බණ්ඩාර යන මහත්වරු ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ.











