වසර 2019 SLIM NASCO සම්මානය දිනා ගනිමින් දුරකතන සන්නිවේදන ජාලය තුළ වඩාත් කැමැතිම සේවායෝජකයා ලෙස එයාර්ටෙල් ලංකා තම ශක්තිමත් ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත් වී තිබේ. පසුගියදා අවසන් වූ SLIM NASCO සම්මාන උළෙලේදී එයාර්ටෙල් විකුණුම් බළකායේ සාමාජිකයන් දෙදෙනෙකු රන් සහ ලෝකඩ පදක්කම් ලබා ගැනීමට සමත් වූ අතර එයාර්ටෙල් ලංකා ආයතනය තම සෘජු සහ වක්‍ර යන සේවක දෙපාර්ශ්වයම වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ වෘත්තීය පුහුණුව, වෘත්තීය සංවර්ධන අවස්ථා, මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ඉවහල් වී ඇත. සම්මාන උළෙලේ දුරකතන සන්නිවේදන අංශයේ විකුණුම් විධායක /සුපරීක්ෂක අංශයේ යටතේ “Best of the Best” කාණ්ඩය යටතේ එයාර්ටෙල් ලංකාහි ජ්‍යෙෂ්ඨ කලාපීය විකුණුම් විධායක බිෂ්රුල් සුහෙයිබ් රන් සම්මානය ලබා ගැනීමට සමත් වූ අතර දුරකතන සන්නිවේදන අංශයේ කලාපීය කළමනාකරු කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට ඉෂාන් මල්වත්තගේ සමත් විය.











