ඇට්ලස් ඇක්සිලියා සමාගම පසුගියදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සේවා ස්ථානයේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙල සංවිධාන කරනු ලබන්නේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සම්බන්ධ ජාතික ආයතනය මගින් වන අතර, එහිදී වඩාත්ම කාර්යක්ෂම සුරක්ෂිතතා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද, 2018 වසරේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය සඳහාද ඇට්ලස් ඇක්සිලියා සමාගමට විශේෂ සම්මාන යුගලක් හිමි විය.
ඇට්ලස් ඇක්සිලියා සමාගමට Indexpo Certification සමාගම වෙතින් සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සම්බන්ධ OHSAS 18001 සහතිකකරණය හිමිවී ඇති අතර, සමාගමේ සෞඛ්‍ය හා සුරක්ෂිතතා ක්‍රමවේදයන් නිරන්තර අධීක්ෂණයන්ට ලක්වේ.