ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට පත්වීම සදහා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර සිටින ශාන්ත බණ්ඩාර මහතාට හෝ මලිත් ජයතිලක මහතාට ඉල්ලා අස්වන ලෙසට පක්ෂයෙන් දැනුම් දීමක් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව නුදුරු දිනකදීම මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයකු සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
එක් වාරයක් පමණක් ධූරයේ සිට දේශපලෙනයෙන් විශ්‍රාම යන බව සිරිසේන මහතා ඉකුත් මැතිවරණ සමයේ අවධාරණය කර සිටියද ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ වනවිට සැලසුම් කර ඇත්තේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ තවදුරටත් දේශපාලනය කිරීමටය.










