• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අන්ත අසරණ වෙලා වැලේ වැල් නැතිවෙන දුෂ්ට යෝග…! එකක් හරි තිබුණොත් මරණයටත් වඩා දුකක්…! Sri Lanka Latest News

December 6, 2025
in Astrology
Reading Time: 5 mins read
A A
අන්ත අසරණ වෙලා වැලේ වැල් නැතිවෙන දුෂ්ට යෝග…! එකක් හරි තිබුණොත් මරණයටත් වඩා දුකක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ග්‍රහ යෝගයන් අතර ශුභඵල දෙන යෝග මෙන්ම අශුභපල දෙන යෝගයන්ද රාශියක් ඇත. කෙතරම් දියුණු වුවත් ධන කුවේරයන්ව සිටියත් දුගී දුප්පතුන් බවට පත්වෙන පුද්ගලයන් අප කොතෙකුදු දැක ඇත. එමන්ම ප්‍රභල යෝග නොමැති නම් කාලකණ්ණි ජීවිත ගෙවන පුද්ගලයන් ද තමා කරනා අකුසල කර්මයන් ජීවිතයේ අවසාන කාලය තුළ ගෙවීමට සිදුවන බව අප දැක ඇත. එමෙන්ම සමාජ විරෝධී ක්‍රියා කරනා පුද්ගලයන්ට කරදර කොට අධම මාර්ග තුළින් මුදල් හම්බකරන පුද්ගලයන් ඉතා සුඛෝපභෝගී ජීවිත ගතකර අවසානයේ දරුවන්ගේ මාර්ගයෙන් හෝ දුක් විඳීමට සිදුවන පුද්ගලයන් ඇත. මෙලෙස රජකම් කළත් කළකම් පලදෙන ග්‍රහයෝග කිහිපයක් මෙවර ගෙනහැර දක්වමු. මෙම ග්‍රහ පිහිටීම් ඇත්නම් නිසැකවම ඔබ සුචරිවත් ලෙස ජීවිතය ගෙවිය යුතුමයි. එමෙන්ම ආගමට දහමට ළැදිව කටයුතු කළ යුතුය. මිනිසකු වශයෙන් උපත ලබා ඉතා දිළිඳුව, රෝගීව, අසරණව ජීවිතය ගෙවීමට සිදුවනවා නම් එය මරණයට වඩා දුකකි. අද මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මෙලෙස අභාග්‍යසම්පන්න ලෙස ජීවිතය ගෙවීමට සිදුවන දුෂ්ට යෝග කීපයකි.Sri Lanka Latest News

කේමදෘම යෝගය
ඔබගේ උප්පත්ති කේන්දරයේ සඳු දෙපස ග්‍රහයන් නොපිහිටි විට මෙම යෝගය යෙදේ. එමෙන්ම පහ නමය යන ස්ථානවල ග්‍රහයන් නොසිටීම මෙන්ම චන්ද්‍රයාට ශුභ ග්‍රහ ග්‍රහ දෘෂ්ටි නොවැටේ නම් මෙම ග්‍රහයෝගය යෙදෙනු ඇත. එමෙන්ම බොහෝ දෙනා පවසන පරිදි හතර කේන්ද්‍රයේ ග්‍රහයෙන් නොමැති නම් එහෙමනම් හතර කේන්ද්‍රය පාළු නම් කේමදෘම යෝගය යෙදෙන බව බොහෝ දෙනා පිළිගනිති නමුත් මෙහි සත්‍යතාවක් නම් දැක ගන්නට නොහැකිය. හතර කේන්දරේ ග්‍රහයන් බලවත් නොවූවත් ත්‍රිකෝණස්ථානවල ග්‍රහයෙන් බලවත් වීම හේතු කොටගෙන කේමද්‍රම යෝගය භංග වෙන ග්‍රහ පිහිටීම් පිහිටනවා ඇත. නමුත් හතර කේන්ද්‍රය එනම් එක හතර හත දහය පාළු වූ පමණින්ම ජන්මියාට අයහපත් දෙයක් සිදු නොවන බව අත්දැකීම් රාශියක් තිබේ. බැලූ බැල්මට හතර කේන්දරය පාළුවී තිබුණත් භාව , ස්ඵුට ග්‍රහ දෘෂ්ටි බැලීමෙන් හතර කේන්දරය පාළුවී ඇති ජන්ම පත්‍ර සියයට හැටක ප්‍රමාණයක් හතර කේන්ද්‍රය පාළුවී නැති බව පෙනී යයි. එමෙන්ම හතර කේන්දරයේ පාළුවේ තිබුණත් යහපත් ග්‍රහ දෘෂ්ටි දැක්ීම් වගේම ත්‍රිකෝණස්ථානවල ග්‍රහයන් බලවත් වීම නිසාම ඔහු හෝ ඇය සමාජයේ උසස් තත්ත්වයකට පත්වෙයි. එවැනි අවස්ථාවකදී මෙම දෝෂ භංග වීම සිදුවනවා ඇත. ප්‍රධාන වශයෙන්ම කේමද්‍රම යෝගයේ යෙදෙන්නේ චන්ද්‍රයාගෙන් දෙපැත්තේ ග්‍රහයන් නොපිහිටීම හේතුකොටගෙනය. කේමදෘම යෝගී ප්‍රතිඵල පහත පරිදි වේ.

කිළුටු වස්ත්‍ර අඳින සිතින් දුක් විඳින අය වෙති. තම කුලයට නුසුදුසු ක්‍රියාවන්හි ඇලුනෝ වෙති. ආහාරපාන ගෙවල් දොරවල් ස්ත්‍රීන්ගෙන් තොරව දිළින්දකුව ලෙඩ රෝග ආදියෙන් පෙළෙන්නෝ වෙතින් රජ පවුලක ඉපදී රජ සැප විඳින අයකුගේ වුවත් මෙම යෝගය යෙදී නම් දිළින්දන් කර හිඟාකන තත්ත්වයට පත්කරයි.

දණ්ඩයෝගය
උප්පත්ති කේන්දරයේ එක, දහය එකොළහ, දොළහ යන ස්ථාන හතරෙහි සියලු ග්‍රහයන් යෙදුණු විට මෙම අභාග්‍යසම්පන්න යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපත ලද විට භාර්යාවගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් හා දරුවන්ගෙන් සැප නොලබති. විවාහය බොහෝ විට දෙකඩ වෙති. අසල්වැසියාගෙන් නින්දා අපහාස ලබයි නෑදෑයින් විසින් හැර දමනු ලබයි පහත් ගති පැවතුම් අය වෙති. බොහෝ විට කම්සැප සොයාගෙන අනියම් පුරුෂයන් අනියම් ස්ත්‍රීන් සොයාගෙන යන්නෝ වෙති.

ගෝලයෝගය
සියලු ග්‍රහයන් එක් රාශියක පමණක් සිටීමෙන් ගෝලයෝගය නම් දුර්ලභ අවාසනාවන්ත යෝගය යෙදෙයි. මෙම යෝගයෙන් උපත ලද ජන්මීහු ධනය අතින් පිරිහුණු අය වෙති. අපිරිසිදු ශරීර ඇත්තෝය. බොහෝ විට සිහිවිකල් වූවෝ වෙති. පයට බිය නැත්තෝ වෙති. ශාස්ත්‍රයෙහි නිපුණත්වයක් නොලබයි. තද කම්මැළියෙකි හරිහැටි කෑම බීම පවා නොලැබෙයි.

පණියෝග
රවි කුම්භයේත් ශනි, චන්ද්‍ර ,කිවි යන ග්‍රහයින් සියලු දෙනා නීච රාශීන් තුළ සිටීම නිසා මෙම අවාසනාවන්ත යෝගය යෙදෙයි. මෙම ජන්මීන් කෙතරම් හොඳ පොහොසත් නිවාස තුළ හැදී වැඩුණත් කෙතරම් හොඳ ව්‍යාපාර තිබුණත් ජීවිතයේ අවසාන කාලයේදී වැරහෙලි අඳින ඉතා අපරිසිදු පිළුණු ආහාර බුදින විකෘති අත් පා ඇති යාචකයෝ වෙති.

රෝග ග්‍රස්ථයෝගය
ලග්නාධිපතියා (6,8,12) භාව අධිපතියාත් සමඟ ලග්නයේ සිටින විට හෝ දුබල ලග්නාධිපති ත්‍රිකෝණගත වීම හෝ කේන්ද්‍රගත වීම නිසා මෙම යෝගය උදාවේ. මෙම අය නිතරම රෝගවලට ගොදුරු වෙයි. එක් ලෙඩක් සෑදී සුව වනවාත් සමඟ තවත් ලෙඩක් සෑදී, දුබල වූ සිරුරක් ඇති අවසනාවන්ත පුද්ගලයෝ වෙති. පිළිකා රෝගී තත්ත්වයන්ද ඇතිවීමට ඉඩකඩ ඇත. වැඩි ආයුෂ නොවිඳින්නෝ වෙති.

ශකට යෝගය
1 චන්ද්‍රයාගෙන් (7,8) යන ස්ථානයක ගුරු සිටීම.
2 ගුරු හතර කේන්ද්‍රයේ හැර අනිත් ස්ථානයක සිටීම.
3 රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශනි ලග්නයේ හා හතෙහි සිටීම මේ තුන් ආකාරයෙන්ම මෙම යෝගය යෙදේ.
මෙම යෝගවලින් උපත ලද්දෝ දුගී වූ කාලකණ්ණි පුද්ගලයකු වෙයි. විවාහය එතරම් ශුභ වන්නේ නැත. විවාහ වීමට ලැබෙන්නේ වධක භාර්යාවක් හෝ පුරුෂයකි. මොවුන් වැඩි වශයෙන් රථ වාහන කර්මාන්ත ශාලාවල ඇඳුම් කිලිටි කරගන්නා රැකියාවල නිරත වන බවද දක්නට ලැබේ. මෙම එක දෙක යෝග පාප සංයෝග ඇතිව යෙදී ඇති විට ජන්මියා කසළ ශෝධකයකු කිරීමටද සමත් වෙයි.

කාල සර්පයෝගය
මෙම සියලු යෝග අතරින් බහුල වශයෙන්ම ජන්ම පත්‍රවල දක්නට ලැබෙන යෝගය මෙයයි. මෙම යෝගය අශුභඵල දෙනවා මෙන්ම ජන්මියාට හදිසි උසස් වීම් ලබාදී ඉතා උසස් තත්ත්වයකට පත් කරන අවස්ථාද දක්නට ලැබේ. මෙම යෝගය යෙදෙන අයුරු දැන් සලකා බලමු. ජන්ම පත්‍රයක රාහු හෝ හේතු සිටින රාශි දෙකට මැදිවන සේ අනෙකුත් සියලුම ග්‍රහයන් සිටීමෙන් මෙම කාලසර්ප යෝගය යෙදෙයි. නමුත් මෙම යෝගය ගැන පලාපල කථනයේදී සැලකිලිමත් විය යුත්තේ මෙම භාවයකම තවත් ග්‍රහයකු ඇති අවස්ථාවලදීය එම අවස්ථා නිවැරදිව තීරණය කර ගැනීමට ග්‍රහස්පුඨ අවශ්‍ය වෙයි. එම ග්‍රහයා රාහුට කේතු සිටින අංශවලට වඩා මෙහා අංශකයක එහා අංශකයෙක් ද බලා නිවැරදිව කාලසර්ප යෝගයේ යෙදී ඇත්දැයි තීරණය කළ යුතුය.

මෙම යෝගය යෙදී ඇති ජන්මීහු දුක් කම්කටොලු ඇති කරමින් පහත් තත්ත්වයට ඇද දමා නැවත කීර්ති ප්‍රශංසා ලබමින් උසස් තත්ත්වයට පත් කිරීමක් කරයි. ජීවිතයේ කුමන පැත්තකින් හෝ අඩුවක් වීමද මෙම ග්‍රහයෝගයේ ප්‍රතිඵලයකි. බුධ ග්‍රහයා උච්චව යේදී ඇති විට මෙම යෝගයේ අශුභ ප්‍රතිඵල අඩුවන බවද සඳහන්වේ. දේශපාලනඥයන්ට බොහෝ විට මෙම යෝගය පවතියි යැයි විශ්වාස කළ හැක. ප්‍රසිද්ධ පුද්ගලයන් වන ජවහල්ලා නේරූතුමා බි්‍රතාන්‍ය අගමැති හැරඩ් විල්සන් මහතා, ආඥාදායක මුසෝලිනී යන අයද මෙම යෝගයෙන් උපන්නො බව පෙනේ.

ලග්නාධිපති හා නවාංශකාධිපතියා හය අට දොළහ යන දෘෂ්ටි ස්ථානවල යෙදී ඔවුන්ට දෙක හත යන මාරක ස්ථාන අධිපතීහු සංයෝග වීමද ඔවුන්ගේ අශුභ දෘෂ්ටි ලැබීමද නිසා ජන්මීහු බොහෝ අසරණ දුගී ජීවිත ගෙවන තත්ත්වයට පත්වෙයි.

මෙලොව ජීවත් වන පුද්ගලයන් අතර ඉහත සඳහන් කළ අන්දමේ ජීවිත ගත කරන පුද්ගලයන් කොතෙකුත් ඔබ දැක ඇති. ඒ අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කළ විට එම යෝග එම ජන්ම පත්‍ර තුළ තිබෙනු දැකගත හැකිය. එසේ නම් ජ්‍යෝතිෂය කෙතරම් නිවැරදි විද්‍යාවක් නොවන්නේද. ජ්‍යෙතිෂය ගැන විශ්වාසයක් ඔබ තුළ නැත්නම් ඉහත යෝගවල ප්‍රතිඵලවල ආකාරයට ජීවත්වන ජන්මීන්ගේ ජන්ම පත්‍රවල එම යෝගය අතිදැයි පැහැදිලිව පරීක්ෂා කර බලන්න. එවිට එහි සත්‍ය අසත්‍යතාව ඔබටම වැටහෙනු ඇත.

මිහිරාජ් සිසිල
(ශාස්ත්‍රවේදී ගෞරව)
0719340715

SendShareShare
Previous Post

කාලය අවුරුද්දයි! රට ගොඩගන්න ජාතික ආණ්ඩුවක්! Sri Lanka Latest News

Next Post

මාර මිනිස්සු ඉන්න රටක් මාලදිවයින..! තැන්ක්යූ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.