• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
in Astrology, Kendaraya
A A
අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

පොදුවේ සියලු ජන්මීන් අපහසුතාවට පත්වන කාල වකවානුවක් උදාවී තිබේ. මෙය ග්‍රහයන්ගේ වැඩක් දැයි කෙනකු විමසනවාට සැකයක් නැත. එසේ අසන්නට පෙර මේ තත්ත්වය දෙස කවුරුත් සාධාරණව බැලිය යුතුය. මන්ද මෙය එක්තරා ආකාරයකට ලෝකයටම බලපාන තත්ත්වයකි. එමෙන්ම ග්‍රහ මණ්ඩලය තුළ මේ වසරේ සිදුවූ හැලහැප්පීම් සහ විවිධ ග්‍රහ ගෝචරයන්ද අඩු වැඩි වශයෙන් මේ ප්‍රතිඵල උපරිම කිරීමට හේතු පාදක වී තිබේ. ඒ ගැන ගැඹුරින් විමසීමේදී ඊට හේතු සාධක වූ ග්‍රහ තත්ත්ව හඳුනා ගැනීමට හැකිවනු ඇත.

එහෙත් ගෝලීය තත්ත්වයක් සේ සලකා මෙම අර්බුදය ඇතැම් විට විවිධ රටවලට බලපාන ආකාරය අනුවත් ඇතැම් රටවල් ශීඝ්‍රයෙන් දියුණුවට පත්වන්නට මේ අර්බුද තත්ත්වයම හේතුවක් වන්නටත් එකම අර්බුදය විවිධ රටවලට විවිධාකාරයෙන් බලපාන්නටත් ඒ ඒ රටවල පිහිටීම හේතුවූ බව සරලව විමසීමේදී පවා පැහැදිලි වේ. ඒ අනුව ඒ ඒ ග්‍රහයන්ගේ බලපෑම විවිධ රටවල් අනුව වෙනස් වන ආකාරයක් හඳුනාගත හැකි වේ.

කෙසේ නමුත් ලංකාවාසී ජන්මීන් අතරින් ගත් විටද මේ අර්බුද තත්ත්වය විවිධ ආකාරයට බලපාන බව අකැමැත්තෙන් වුව පිළිගන්නට සිදුවේ. එහිදී ඇතැම් පිරිස්වලට මේ අර්බුදය ආර්ථික වාසියක් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එවැනි අයගේ උත්පත්ති කේන්දර පරීක්ෂා කළහොත් ඔවුන්ට අර්බුදයකින් වුවද වාසනාව උදාවන ග්‍රහ තත්ත්වයක් උදාවී ඇති බව පැහැදිලි වනු ඇත.

මීට වසරකට පමණ පෙර මා වෙත පැමිණි එක්තරා ව්‍යාපාරික මහතෙකුගේ කේන්දරය පරීක්ෂා කළ මා ස්ථිරවම පැවැසුවේ එවැන්නක් මාස දහයක් ගිය තැන ඔහුට නොසිතූ විරූ ආදායමක් උපයාගත හැකි බවයි. එහෙත් ඔහු එය විශ්වාස නොකළ අතර ඔහු පැවසුවේ එසේ විය නොහැකි බවයි. එහෙත් අද වෙන විට ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ භාණ්ඩවල මිල 500%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඔහු සතුව තිබූ එම භාණ්ඩ විශාල තොග ශීඝ්‍රයෙන් අලෙවි වන තත්ත්වයක්ද ඇතිවී තිබේ. ඒ අනුව ඔහු පසුගියදා මා හට දුරකතනයෙන් කතා කොට අනාවැකිය සත්‍ය වූ බව පවසා මා හට තුති පුද කළේ හැකි ඉක්මනින් මා හමුවන බව පවසමිනි.

මේ ආකාරයට මෙලොව සෑම ජන්මියකුටම මේ අර්බුද කාලයට ගැළපෙන ආකාරයට දියුණුවට පත්වීමට හැකි ග්‍රහ තත්ත්ව හඳුනාගත හැකි බව පිළිගත යුතුය. එහෙයින් තම පවුලේ ජ්‍යොතිෂවේදී මහතා හමුවී කේන්දරය පරීක්ෂා කරවාගෙන තමන්ට මෙම අර්බුදය හමුවේ වාසනාව උදාකර ගත හැකි දින වකවානු සහ ක්‍රම ගැන පූර්ණ විමසුමක් කරවා ගෙන ඒ ගැන දැන සිටීම වැදගත් වේ.
මෙහිදී ඔබට ධන උල්පත් පෑදෙන වාසනාව උදාවන මුදල් ලැබෙන සහ ඔබට සුබ වන අනෙකුත් කාරණා කිසිදු සැඟවීමකින් තොරව පැවැසීමට ජ්‍යොතිෂවේදී මහතා කාරුණික විය යුතුය. එහෙත් වර්තමානයේ බහුතරයක් ජ්‍යොතිෂවේදීන් තමන් ළඟට එන්නාගේ අවශ්‍යතාව ඉටු කරන්නේද ගුරු මුෂ්ටි තබාගනිමිනි. එමෙන්ම අනවශ්‍ය ආකාරයට මුදල් අයකිරීමද මේ මොහොතේ සුදුසු නොවන බව ජ්‍යොතිෂවේදී මහතුන් වටහාගත යුතුමය. කෙසේ නමුත් සෑම කෙනකුටම තම පවුලේ සාමාජික සියලු දෙනාගේම කේන්දර පරීක්ෂා කරවාගෙන මේ මොහොතේ අභියෝග මැඩගෙන ජීවිතය ජයගත හැකි ක්‍රමවේදයක් ඒ ඒ අයගේ කේන්දර ඇසුරින් සකස් කරවා ගන්නේ නම් වඩාත් සුබදායකය. එවිට ඒ ඒ අයගේ වාසනා ගුණයන් බලගැන්වෙන ආකාරයට පවුලේ සාමාජිකයන්ගේ කේන්දර ඇසුරින් යම් සැලසුමක් ජ්‍යොතිෂයට අනුව සකසා ගත හැකිය. මෙය ආවාට ගියාට කළ නොහැකි අතර යම් කැපවීමක් කර සිදුකළ යුතු හෙයින් වගකිව යුතු ජ්‍යොතිෂවේදී මහතකු හමුවන්න. නැතහොත් අමතන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර- 0777137310

Share50Tweet32SendShare13
Previous Post

තංගල්ලේ කලබල කළ බව කී වකමුල්ලේ උදිත හිමි හා වෑකඳවල රාහුල හිමි ඇතුළු සියලු දෙනාට ඇප ලැබෙයි! වීරකැටියට අද මහා සෙනගක්! (VIDEO)

Next Post

මෙහේ එනවා නම් ෆුල් ටෑන්ක් තෙල් ගහගෙන එන්න! අපිත් ගහගන්නේ ඉන්දියාවෙන්! ලංකාව ලෝකයේම ගුවන් සේවා සමාගම්වලට දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!
Exclusive

මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!

July 11, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.