ඔබත් මමත් කවුරුත් දන්න සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ඔබගේ කේන්ද්‍ර සටහනේ ඔබව රජ කරවන්නත් මාරක අපල ගෙනදෙන මෙන්ම මරණය කැඳවන්නටත් සමත් වන බව ඔබ දන්නවද? සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ නරකට හිටියොත් ඔබට කුමක් සිදුවේද කියා ඔබ දන්නවද? ජීවිතයේ සතුට සැනසීම වනසන නැත්තටම නැතිකරන සෙනසුරු ග්‍රහයා ගැන ඔබ අවධානයෙන් සිටින අයෙක් නම් ඔබට ඒ ගැන ඇති වන්නේ සැකයක් එක්ක මහ බයක් නේද? Sri Lanka Latest News
මාරක අපල ගෙනෙන සෙනසුරු ග්‍රහයා සමග කුජ ග්‍රහයා යෝගීවී හෝ සංයෝග වී ඔබගේ කේන්ද්‍ර සටහනේ පිහිටා ඇත්නම් හදිසි අනතුරු, කැපීම් කෙටීම්, අවි ආයුධවලින් සිදුවන හානි, අකල් මරණවලට හේතු වන ගුප්ත බලපෑම්, ලෙඩ රෝගවලින් දැඩි පීඩා ඔබත් අත්විඳ තිබේද? එසේ නම් මේ කරුණු ඔස්සේ ඔබට බොහෝ පීඩාකාරී අත්දැකීම් ගණනාවක්ම ඔබ ඔබගේ ජීවිතයේ පසුකළ අයකු විය හැකිය. පාපී ග්‍රහයකුගේ පාප දෘෂ්ටියක් කුජ, ශනි, රාහු, කේතු ආදී පාපී ග්‍රහයකුට මැදිවී පාප පීඩිතව චන්ද්‍රයා සමග යෝග වී ඔබගේ හඳහනේ පිහිටා ඇත්නම් හෝ උත්පත්තියෙන් සඳු සිටින තැනට ඉහත සඳහන් කළ පාපී ග්‍රහයන්ගේ පැමිණීමත්, 22 දෙර්කාණාධිපති හෝ 64 වැනි භවාංග අධිපතින් පාපී ග්‍රහයකු වී සඳු සිටින රාශියට ගෝචරයෙන් ගමන් කරන විට පරාජය තුළ මෙම මාරක තත්ත්වය මාරකයක් ලෙසට එළියට එන බව ඔබ දන්නවද?
සෙනසුරු ග්‍රහයාගෙන් පැමිණෙන ලග්න ඒරාෂ්ටක, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක ආදී මාරක අපල උදාකරවන මෙවැනි පිහිටීම් ඔබේ හඳහනේ කොතැනක හෝ තිබේද? මේ පිළිබඳ ඔබ කොතරම් දුරට දැනුවත්ව සිටිනවාද? මේ සඳහා ඔබ ගත් ක්‍රියාමාර්ගවලින් ඔබට තවමත් සහනයක් උදාවී නැද්ද? එසේ සහනය උදාකරගත හැකිද, නොහැකිද යන ප්‍රශ්නය ඔබට තවමත් තිබෙනවාද? ඔබ එවැනි පීඩාවකින් පීඩා විඳින අයකු නම් ඔබ අනිවාර්යයෙන් ඔබගේ ජ්‍යොතිර්වේදියා හමුවී මේ පිළිබඳ මනා ලෙස දැනුමක් අවබෝධයක් ලබාගත යුතු කාලය බව ඔබ හොඳින් මතක තබාගත යුතුය. ලග්නයෙන් 6-8-11 වැන්නේ පාප ග්‍රහයෝ ගමන් කරන විට පාප දෘෂ්ටිවලට හසුවූ විට, සඳු පීඩාවී 6-8-12 වැන්නේ පාපී ග්‍රහයකු සමග ගමන් කරන විට ඒ විතරක් නෙවෙයි ඔබව ලෙඩ කරවන, රෝග කරවන එක්තැන් කරවන 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයකු සමග 64 වැනි ස්ථානය අධිපති ග්‍රහයකුගේ පාප ග්‍රහ දෘෂ්ටියට හසුවී හෝ 6-8-12 වැන්නේ එම ග්‍රහයන් ග්‍රහ ගමනින් ගෝචර වනවිට මෙන්ම නීච ග්‍රහයකුගේ නැකැත හෝ නැකැත් අධිපති උප අධිපතිත් සමග ගමන් කරන කාලවකවානුව ගැන ඔබ හොඳින් දැනුවත් වී සිටීම ඔබ විසින් කල්තියාම දැන හඳුනාගැනීම මෙහිදී ඉතාම වැදගත් කරුණක් බව හොඳින්ම මතක තබාගත යුතුය. එවිට ඔබටම ඔබගේ අපලය වන මාරක අපලය සඵල කරගෙන ඉදිරියට යාහැකිය. මාරකය පන්නන්න පුළුවන් බවද මෙහිදී සිහි තබාගන්න. දක්ෂ, පළපුරුදු ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාගේ විමර්ශන ඇසින් පරීක්ෂා කර බලා, ඔබට මාරකය ජයගත හැකි ආකාරය පැහැදිලිවම දැනගත හැකිවනු ඇත.
එසේ නම් ඔබට අවශ්‍ය වන්නේ මාරකයෙන් මිදෙන්නට නම් ඒ පිළිබඳ කළයුතු වත් පිළිවෙත් බෞද්ධ ශාන්තිකර්ම, ඒ සඳහා පිළිපැදිය යුතු යන්ත්‍ර වර්ග මැණික් වර්ග ගුප්ත ශාස්ත්‍රය ඇසුරින් කළ යුතු වත්පිළිවෙත් පිළිබඳ මෙන්ම සෙත් කවි මගින් සහනය සුව සෙත උදාකරගත හැකි ආකාරය පිළිබඳ මා මෙහිදී සඳහන් කරන්නේ ජ්‍යොතිෂයෙන් මා ලැබූ අත්දැකීම්වලිනි. නැවතත් ලබන සතියේ ඔබව මරණය ජයගන්නා ක්‍රමවේද ගැන දැනුවත් කිරීමට මා සූදානම්. ඔබත් සූදානමින් සිටින්න. සැමට සියලු යහපත උදාවේවා.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස,
දුරකතන – 0777 130391










