• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාසනාව පාදන කේන්දරයේ ත්‍රිකෝණ බලය

August 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
වාසනාව පාදන කේන්දරයේ ත්‍රිකෝණ බලය
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ජන්ම පත්‍රයක හෙවත් හඳහනක සඳහන් වන ත්‍රිකෝණ ස්ථානයන්හි විශේෂිත වූ සම්භන්ධතාවක් පවතී. ත්‍රිකෝණ ස්ථාන 4ක් පවතින අතර මෙම ස්ථානයන් අංශක 120 දුරින් පිහිටා ඇත. ඉහත දක්වන ලද ත්‍රිකෝණ ස්ථානයන්හි උපතේදී ග්‍රහයන් පිහිටීම අනුව ජන්මියාගේ සුවිශේෂී වූ ගතිලක්ෂණ අපට හෙළි කර ගත හැකිය. මෙම ත්‍රිකෝණ ස්ථානයන්ට ග්‍රහහයන් අංශක 120ක ප්‍රමාණයට ළංවීමත් සමඟ ග්‍රහ දෘෂ්ටි ඉතා හොඳින් බල පවත්වයි. එමගින් ග්‍රහයන්ගේ බලපෑම වැඩිවන අතර මෙම ස්ථානයන්හි ග්‍රහයන් වැඩි ගණනක් සිටීමෙන් ලැබෙන ග්‍රහ බලයද ඉතා බලවත්ය.
පහත දැක්වෙන්නේ එම ත්‍රිකෝණ ස්ථාන වන ධර්ම ත්‍රිකෝණය, කාම (වායෝ) ත්‍රිකෝණය, කර්ම (අර්ථ) ත්‍රිකෝණය, මෝක්‍ෂ ත්‍රිකෝණය හෙවත් සම්පත් ත්‍රිකෝණයන්ය.

ධර්ම ත්‍රිකෝණය
මෙම ධර්ම ත්‍රිකෝණය හෙවත් ජීව ත්‍රිකෝණයට කේන්ද්‍රයක ලග්නය එනම් පළමු වැන්න 5 වැන්න හා 9 වැන්න යන කේන්ද්‍රයේ සුබපල ලබාදීමේ ප්‍රධාන ස්ථාන තුනක් අයත්වේ. විශ්ව කේන්ද්‍රයේ මේෂ, සිංහ හා ධනු යන රාශි තුන මෙම ත්‍රිකෝණයෙන් විද්‍යාමාන වේ. මේෂ රාශියෙන් හිසද සිංහ රාශියෙන් හෘදය වස්තුවද, ධනු රාශියෙන් කලවාද නියෝජනය වේ. මෙම ස්ථානයන් රජස් තමස් හා සත්ව යන තුන් ගුණයට අයත් වන අතර ජන්මියාගේ පූර්ව කුසලාකුසල කර්ම ශක්තිය අනුව සිදුවන බල දුබලතාවයන් ප්‍රධාන වශයෙන්ම ලග්නය 5, 9 යන ත්‍රිකෝණය ඇසුරින් හඳුනාගත හැකිය. ජන්ම පත්‍රයේ ලග්නය මගින් පුද්ගලයාගේ පෞරුෂය හා වර්තමානය මෙන්ම තමා පිළිබඳවත්, 5 වැන්නෙන් කුසලතාවයන් මෙන්ම අනාගතය හා ඉදිරි පරම්පරාවත් (දූ දරුවන්), 9 වැන්නෙන් අධ්‍යාත්මික ස්වභාවය සමඟ උදාර චරිත ලක්ෂණයන් මෙන්ම පියා හා අතීතයද පිළිබිඹු වෙයි. ඒ අනුව පැවැත්මේ අන්‍යොන්‍ය සබඳතාවය තහවුරු කරමින් අතීතය අනාගතය වර්තමානය යන ස්වභාව ධර්මතාවය මෙම ධර්ම ත්‍රිකෝණය මගින් අපට මැනවින් පැහැදිලි කර ගත හැකිය. ඒ අනුව කේන්ද්‍රයක මෙම රාශි 3 පිහිටා ඇති ආකාරයට ජන්මියාගේ සුබ අසුබ තීරණය කළ හැකිය.
කාම (වායෝ ) ත්‍රිකෝණය
ජන්ම පත්‍රයක මෙම ත්‍රිකෝණය 10 වැන්න මුල් කොට ගෙන යෙදෙන අතර 2 වැන්න 6 වැන්න හා 10 වැන්න මගින් නියෝජනය වෙයි. ඉතා වැදගත් ස්ථාන තුනක් මෙමගින් පිළිබිඹු වන අතර මූලික වශයෙන් 2 වැන්න කේන්ද්‍රයක ධනස්ථානයයි. 6 වැන්න රෝගස්ථානය වන අතර 10 වැන්නෙන් කෙනෙකුගේ රැකියාව, බලය අභිමානය හා කීර්තිය පිළිබඳව පැවසේ. ධනයේ උරුමය ධනය ලැබීම් මෙන්ම ඉතිරි වන ධනය පිළිබඳව මෙමගින් නියෝජනය වන අතර විවාහයෙන් පසු ජීවිතය සතුරු කරදර රෝගාබාධ මෙන්ම තමාගේ දියුණුවත්, පිරිහීම හා මරණය පිළිබඳව තොරතුරුත් මෙමගින් අපට දැන ගත හැකිය. විශ්ව කේන්ද්‍රයේ වෘෂභ, කන්‍යා හා මකර යන රාශි තුන මෙම ත්‍රිකෝණයෙන් විද්‍යාමාන වේ. මෙම ත්‍රිකෝණයට අධිපති ග්‍රහයන් එකිනෙකාට මිතුරුවේ. ජන්ම පත්‍රයක මෙම රාශිවලින් උපදින අය ලෞකික ජීවිතයට ළැදි වන අතර ආත්මාර්ථකාමී ගුණය පහසුවෙන් දැක ගත හැකිය. මෙම ස්ථානයන්වල සුබ ග්‍රහයින් සුබ දුෂ්ටි සහිතව පිහිටා තිබේ නම් එමඟින් ජන්මියාගේ ඉහත දැක්වූ කාරණා කෙරෙහි විශේෂ සුබ බලපෑමක් උදා වනු ඇත.
මෝක්‍ෂ ත්‍රිකෝණය හෙවත් සම්පත් ත්‍රිකෝණය
ඉහත දක්වන ලද ත්‍රිකෝණ තුනටම වඩා විශේෂත්වයකින් හෙබි මෙම ත්‍රිකෝණය අධ්‍යාත්මික පැත්තට බරය. විශ්ව කේන්ද්‍රයේ කටකය, වෘශ්චිකය හා මීන යන රාශි තුන මෙම ත්‍රිකෝණයෙන් විද්‍යාමාන වේ. කේන්ද්‍රයේ 4 වැන්න 8 වැන්න හා 12 වැන්න මෙහිදී ප්‍රධාන වන රාශි වන අතර ඒ අතරින් 8 හා 12 හඳහනක අසුබ ස්ථාන ලෙෂ සලකනු ලැබේ. පපුවේ සෙම් රෝග, වණ, පිළිකා, මුත්‍රා රෝග මෙමගින් පිළිබිඹු වෙයි. සඳු ග්‍රහයාට අයත් කටකය ශීත ගුණයෙන් යුක්ත වන අතර වෘශ්චිකය හා මීන යන රාශි දෙකද ජල ගුණයෙන් යුක්ත වේ. ඊට හේතු වන්නේ මෙම රාශීන් රාත්‍රී කාලයේ බලවත් වන හෙයිනි. මෙම ත්‍රිකෝණය ප්‍රධාන වශයෙන් මනස මුල්කරගත් ක්‍රියාකාරකම්වලට බලපවත්වයි. මෙම ස්ථානයන්වල සුබ ග්‍රහයින් සුබ දුෂ්ටි සහිතව පිහිටා තිබේනම් එමගින් ජන්මියාගේ ඉහත දැක්වූ කාරණා කෙරෙහි විශේෂ සුබ බලපෑමක් උදා වනු ඇත.
ඉහත දැක්වූ ආකාරයට ඔබත් ඔබගේ ජන්ම පත්‍රයේ ඇති ත්‍රිකෝණ ස්ථානනයන් පිළිබඳව අවධානය යොමු කොට කේන්ද්‍රයේ සුබ අසුබතා පිළිබදව විමසිලිමත් වන්න.
ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

නායකයා රනිල්මයි: මහලේකම් අකිලමයි: පක්ෂය ප්‍රතිසංවිධාන කරනවා -එජාපයෙන් නිවේදනයක්

Next Post

දේශපාලනයෙන් මං බැට කෑවා

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.