• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ප්‍රේතයන් එළවන්න හිතන තරම් අමාරු නැහැ

December 24, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ප්‍රේතයන් එළවන්න හිතන තරම් අමාරු නැහැ
Share on WhatsAppShare on Facebook

“ඒ ගෑනිට පෙරේතයෙක් වැහිලා.”
“අර මිනිහා මැරිල මළ පෙරේතයෙක් වෙලා ඉපදිලා ඇති. ඒකයි ගෙදරට වගතුවක් නැත්තේ.”
මෙවැනි කතාබහ අපට නොයෙක් විට ඇසෙයි. ප්‍රේතයන් මළ ප්‍රේතයන් වන්නේ කෙසේද? පව්කම්, මසුරුකම් කළ මිනිසුන් ගැහැනුන් මළ ප්‍රේතයයන් ලෙස උප්පත්තිය ලබන බවට අපට විශ්වාස කළ හැකියි. ප්‍රේත බන්ධනවලට හසු වූ මිනිසුන් පිළිබඳව විවිධ කතා ඇසෙයි.
ප්‍රේතයන් අල්ලා නූලකින් බැඳ බෝතල්වල දමා වැව්, ගංගා, මුහුදු පත්ලේ සිරගත කරන යකැදුරන් පිළිබඳව තොරතුරුද අසන්නට ලැබෙයි.

නූලක ගැටගසා සිරගත කළ බන්ධනයට හසුවූ ප්‍රේතයා බෝතලය තුළ සිරව ඇති විට බෝතලයේ නූල චලනය වීම ප්‍රේතයා එහි සිටින බවට සංකේතයකි. නිවාස භූමි තුළ, ඇතැම් පාඵ ස්ථාන අප්‍රියජනක ගඳින් යුක්තය. අල වර්ගයන්හි දුගඳ, මල මුත්‍ර සහ අනෙකුත් අපවිත්‍ර ද්‍රව්‍යයන්ගේ දුගඳ එවන් ස්ථානයන්හිදී වහනය වෙයි. ඇතැම් නිවාසයන්හි බත්පතට වැලි දමන, බඩු භාණ්ඩ කඩන, බිඳින ප්‍රේත පිරිස්ද ඇත. ප්‍රේතයන්ට වඩා භූත කොටස් බලවත්ය. ප්‍රේතයන් පිළිබඳව විමසීමේදී වර්තමාන සමාජය තුළ එතරම් පිළිගැනීමක් විශ්වාසයක් නැත. ආහාර අප්‍රියවීම, දුගඳ බව දැනීම, නිතර කටට කෙළ ඉනීම ප්‍රේත දෝෂයන්ය. හුදෙකලා වීම, වැරැහැලි ඇඳීම, අපවිත්‍රබව මෙන්ම හඬා වැටීම, සිනාසීමද ප්‍රේත දෝෂයන් ලෙස සැලැකේ. ප්‍රේතයන් පිළිබඳව විමසීමේදී එය බුදුදහමට අනුගතය. සූත්‍ර පිටකයේ ප්‍රේතවත්ථු පාලියේ ප්‍රේතයන් පිළිබඳව බොහෝ කරුණු ගෙන එයි. ශාරිපුත්‍ර ස්ථවිර මාතෘදේව වස්තුවේ සඳහන් කර ඇති පරිදි ආත්ම ගණනාවකට පෙර සැරියුත් හිමියන් හට මවක වූ ප්‍රේතියක් සැරියුත් හිමියන්ට දර්ශනය විය. දුක්ඛිත ශරීරයකින් නිරාහාරව පීඩා විඳි ඇය සැරියුත් හිමියන් ඇමැතුවේ මාතෘ සෙනෙහස පාමිනි. ඇගේ දුක්ඛිත ආත්මයෙන් ඇය මුදාගන්නා ලෙස ඇය කළ ආයාචනය අනුව සැරියුත් හිමියන් ඇගේ පෙර භවය පිළිබඳව විමසිලිමත් විය. පෙර ආත්මයන්හි දන් පින් නොකළ එයට බාධා කළ ඇය ඇගේ මසුරු ජීවිතය තුළ කුසල් නොකිරීම මෙලෙස ප්‍රේත ආත්මභාවයක් ලැබීමට හේතුවක් වී ඇත. පෙර අකුසල් පිළිබඳව තැවෙන ඇය තමන් වෙනුවෙන් දන් දී පින් අනුමෝදන් කරවන ලෙස සැරියුත් හිමියන්ගෙන් ඉල්ලා සිටියාය. ඇගේ ඉල්ලීම මල්ඵල ගැන්විණි. පිණ්ඩපාතයෙන් ලද ආහාරය අනුරුද්ධ, මුගලන් -කප්පින යන තෙරුන්වහන්සේලාට පූජාකොට ප්‍රේතියට පින් අනුමෝදන් කිරීමෙන් ඇය ප්‍රේත ආත්මයෙන් මුදාගැනීමට සැරියුත් හිමියන් හට හැකිවිය. ප්‍රේතයන්හට දර්ශනය වීම, මිනිසුන් හට පීඩා කිරීම සහ ශරීරවලට ඇතුඵවීමද කළ හැකිය. පරදාර සේවනයෙහි, ගබ්සාවෙහි, මසුරු ලෙස භවයන්හි ජීවත්වූවන් මරණින් පසු දුගතියට පත් වූ අයුරු ප්‍රේතවත්ථු පාලියෙහිද නොයෙකුත් බෞද්ධ දේශනාවන්හිද ඇතුළත්ය.

නිවාස, දේපොළ, වස්තුව සහ අඹුදරුවනට ඇල්මෙන් පින්කම් නොකොට තණ්හාවෙන් මියගිය උදවිය නිසැකවම ප්‍රේත ලෝකවල ප්‍රතිසන්ධිය ලබති. ඇතැමුන් බල්ලන්, බළලුන් වැනි තිරිසන් සතුන් ලෙසද උප්පත්තිය ලබා පෙර භවයේ තම නිවෙස්වලම දිවි ගෙවන්නේය. ඒ සියල්ල බුදු දහමට අනුගතය.

ප්‍රේතයන් සැබැවින්ම අහිංසකය. සංවේදීය. ඔවුන් කුපිත කරන්නේ මිනිසුන්මය. ඔවුනට ඇත්තේ අසමතුලිත ශරීරයකි. එයද වෙනස් කළ හැකිය. මවාගත හැකිය. එය ශරීරයන් විනිවිද යනසුලුය. එහෙයින් ඔවුන් නූලක ගැටයකට අල්ලා බෝතලයක දමා සිරගත කළ හැකිදැයි බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. ප්‍රේතයන් හිංසාවට පත් නොකොට ඔවුන් එම ආත්මභාවයන්ගෙන් මුදා ගැනීම ඉතා යහපත්ය.

ජන්මියකුගේ කේන්ද්‍ර සටහන විමසුම් කිරීමේදී ප්‍රේත බන්ධනයන් පිළිබඳව හඳුනාගත හැකිය. විශ්වය තුළ අප නොදන්නා බොහෝ දේ රහස් නොවන්නේය. එහි ඇත්තේ පියෙවි ඇසින් දැකීමට නොහැකිවීම පමණකි. ප්‍රේතයන් කුපිත කරවා ගැනීමෙන් අනිටු බලපෑම් ඇති වේ. ඔවුන් හඳුනාගෙන යහපත් වූ චේතනාවෙන් ඔවුනට පින් අනුමෝදන් කරවීම ඔවුන් පීඩාකාරී ආත්මයෙන් මුදා ගැනීමකි. දුකින් මිදී සුගතිගාමී වූ ප්‍රේතයන් තමනට පින් වැඩූ නෑසියන් වෙනුවෙන් කෘතවේදී වූ අවස්ථාවන්ද නැත්තේ නොවේ.

ප්‍රේතයන් වෙනුවෙන් පින් පැමිණවිය යුත්තේ ඔවුන්ගෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොවේ. ඔවුන් දුකින් මුදා ගැනීම මිනිසුන් වූ අපට මහත් කුසල් අත්වීමකි. අපට අයහපත් වන ප්‍රේතයන් පලවා හරින පහසුක්‍රම වේදයන් ඇත. කේන්ද්‍ර සටහනට අනුගතව තමන් හට එම බලපෑම් බලවත්වන දිනයේ තම නිවෙසේ දානමය ආහාරයක් සැකැසිය යුතුය. එය එළවඵ වර්ග දෙකක්, පුලුටු හෝ පිළී මිශ්‍ර ආහාරයක් විය යුතුය. එම බත් සහ මාඵ පිණි නිවෙසේ විසිත්ත කාමරයේ බිම ඇතිරූ කෙසෙල් කොළ මත භාජනවල ඉතිරි නොවන අයුරින් බෙදා ඇසුරුම් කිරීම උවදුරුවලින් පීඩා වූ තැනැත්තාගේ කාර්යයකි.

දුගී මගී යාචකයන් වෙනුවෙන් දන්දීමට එය ගෙන යා යුත්තේ නිවෙසේ පසුපස දොරටුවෙන්ය. එදින සවස විහාරස්ථානයක බෝධියක් අබියස පහන් දල්වා මළගිය ඥාතීන්ට සහ සියලු ප්‍රේත, භූත කොටස්වලට පින් පමුණුවා එදින උදෑසන කළ කුසලයේ බලයෙන් ඔවුනට සුගතිගාමී ආත්මයක් පැතීම නිවැරැදි පිළිවෙතයි.

දහස් ගණනින් මුදල් වැය කරමින් ප්‍රේතයන් බැඳීම නොකළ යුත්තකි. එය නිෂ්ඵල ක්‍රියාවකි. ප්‍රේතයන් වෙනුවෙන් අප ධාර්මික වීම යනු එහි ප්‍රතිඵලය වූ ධාර්මික යහපතම අපට උරුමවීමයි. ඔබේ නිවෙසේ ප්‍රේත දෝෂ දුරුකිරීමේ නිවැරැදි මාර්ගය ඔබේ කේන්ද්‍ර සටහනේම සැඟව ඇත.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවෙන් ‘Hearty Christmas’

Next Post

පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටි ‌ලොක්කකු ගැන රහසක් ‌එළිවෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.