• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි විස්මිත රහස්

August 1, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි විස්මිත රහස්
Share on WhatsAppShare on Facebook

ජාති, ආගම්, කුල-මල භේදයකින් තොරව මෙරට ජනයා කතරගම දෙවියන් කෙරේ භක්තියෙන් කටයුතු කරති. කතරගම දෙවියන්ට වඳිති, පුදති, පිහිට පතති. එනිසාම දෙවියන් කෙරේ විශ්වාස නැතැයි කියන්නෝ රහසෙන් වරක්, දෙවරක් කතරගම ගොස් කඳසුරිඳුන්ගෙ පිහිට පතන්නට ක්‍රියා කරති. තම පිහිට පැතුවන් කිසිවකුට අයහපතක් අකටයුත්තක් කරන්නට හෝ ඒ අයට පිහිට අවැසි තැන පිහිට නොවී සිටීමට කඳසුරිඳුන්ද කටයුතු කර නැති බව බොහෝමයකගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ මහා තෙද බලැති කතරගම දෙවියන් වැඩ සිටින කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමේ අවස්ථාවට සහ සම්බන්ධව වැඩසිටි අතිපූජනීය බළන්ගොඩ මහ නාහිමිපාණන් වහන්සේට වරක් කතරගම දෙවිඳුන් ජීවමානව ගිනි පෑගීමේ අවස්ථාවට සම්බන්ධ වන අයුරු දකින්නට ලැබී ඇත. ඒ බව උන්වහන්සේ හා සම්බන්ධ පොතපතෙහිද සඳහන්ව ඇත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් කිසිදා කිසි අයුරකින් බොරුවක් නොකියනා බව රහසක් නොවේ. එනිසාම කතරගම දෙවිඳුගේ ජීවමාන සම්ප්‍රාප්තියද ලේසියෙන් බැහැර කළ නොහැක්කකි. එසේම කතරගම දේවාලයේ වැඩවසන කතරගම දෙවිඳුන්ගෙ තෙදබල අනුහස් අප්‍රමාණය. එනිසාම එහි හාස්කම් නොඅඩුව නොනැසී පවතියි.

දුටුගැමුණු මහ රජුගේ යුද ජයග්‍රහණය නිසාම කතරගම ඉදිකෙරුණු මහ දේවාලයේ පූජාවත්, වතාවත් එදා සිට අද දක්වාම නොඅඩුව පැවතෙන්නේ ඒ මහා අනුහස් නිසාමය. ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පුද පූජාවන්ට පාත්‍ර වූ කතරගම පුදබිමේ අසීමිත දේව බලය නොඅඩුව පැතිරී පවතින බවත්, කතරගම දෙවියන් ඒ සියල්ලන්ටම සෙත සදන බවත් ජනයා හදවතින්ම විශ්වාස කරති.

කතරගම දෙවිඳුගේ අත් දොළසින් ලග්න දොළහා නිරූපණය කෙරෙන බවටත්, රක්ත වර්ණය කුජ, අඟහරුගේ බලය ඉසමතු කොට දන්වන්නක් බවටත් විශ්වාසයේ පවතී. කතරගම දෙවිඳුන් සහ කුජ ලේ මෙන්ම රතු වර්ණයද මෙහෙයවන බවත් සත්‍යයකි. එනිසා මිනිසුන් කතරගම දෙවියන්ගෙන් පිහිට ලබන්නට සිතන්නේ නම් ඒ වෙනුවෙන් වටහා ගතයුතු කරුණක් වෙයි.
ඒ මිනිසෙකුට, දෙවියකුට ළංවිය හැක්කේ පස්පව්, දස අකුසල් මූලයන් මුලින් උපුටා දැමීමෙන්ය. අධම ක්‍රියාවන්ගේ නියැළෙමින් දෙවියන් යැදීමෙන් හෝ පුද පූජා පැවැත්වීමෙන් ඒ කිසිවකුටත් කතරගම දෙවිඳුගේ පිහිට, ආරක්‍ෂාව ලබාගත නොහැකිය. එවැනි කළු චරිත දෙසට කිසිවිටෙක කතරගම දෙවිඳුගෙ බැල්ම යොමුවන්නේද නැත.

කෙසේ නමුත් කතරගම දෙවියන් නිතරම සිය පිහිට ලබාදෙන්නේ ජීවිතයේ පස්පවින් වැළකී දස අකුසලයන්ගෙන් වැළකී දැහැමිව කටයුතු කරන අයටම පමණකි. දුකක්, කරදරයක් වූ පසු හදිසියේ පේවී දෙවියන් සොයා යන්නාට කතරගම දෙවියන් පිහිට වෙනවාද යන්න සැකසහිතය. එනිසාම කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීමේ විස්මිත රහස සැඟවී ඇත්තේ කුසලයේ හැසිරීම තුළය.

මල්, පහන් පුදා තෙරුවන් නමැද සිත පහන් කරගෙන දෙවියන්ට නිතිපතා පින් අනුමෝදන් කරන්නේ නම් ඔබට දෙවියන්ගේ ආරක්‍ෂාව මෙන්ම දේව ආකර්ෂණයද නිතැතින්ම ලැබෙනු ඇත. එසේ කටයුතු නොකර අසරණ වූ පසුව පැය ගණන් ස්තෝත්‍ර ගායනයෙන් පමණක් කතරගම දෙවියන්ගේ ආකර්ෂණය හෝ පිහිට ලබාගත නොහැකිය.
යන්ත්‍රයකින් හෝ මන්ත්‍රයකින් කතරම දෙවියන්ගේ පිහිට ලබාගත හැකි යැයි කෙනකු තුළ වැරැදි විශ්වාසයක් තිබෙන්නට බැරි නැත. එහෙත් එය සාර්ථක සිතුවිල්ලක් නොවේ. යන්ත්‍රයක් කරේ හෝ ඉණේ ගැටගසාගෙන එය අතගාමින් මට කතරගම දෙවියන්ගේ පිහිටයි, ආරාක්‍ෂාවයි කියා සිතමින් සියලු වැරැදි කරයි නම් එවන් අයට කතරගම දෙවියන් බලන්නේ නැත. යම් කෙනකු දැහැමි දිවියක් ගෙවමින් එම ආකාරයටම උදේ, සවස මට කතරගම දෙවියන්ගේ පිහිටයි, ආරක්‍ෂාවයි යනුවෙන් මතක් කරයි නම් නිසැකවම ඔහු කෙරේ කතරගම දේව බැල්ම යොමුවනු ඇත. ඔහුට කරදරයක්, දුකක් වූ විට පිහිට වනු ඇත. එසේම ඔහුගේ ව්‍යාපාර කටයුතු, ආර්ථික කටයුතුවලට බාධා ඇත්නම් ඒවා දුරලා වාසනාව පාදා දෙනු ඇත.

මේ සත්‍ය හොඳින් වටහාගෙන තම අනාගතය සාර්ථක කරගනිමින් දිනෙන් දින දියුණු වීමට කැමැත්තක් වේ නම් ඒ සඳහා කතරගම දෙවියන්ගේ පිහිට, ආරක්‍ෂාව මෙන්ම උදව්වද ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් අදම ඊට අවශ්‍ය ආකාරයට හැඩගැසීමට සිතට ගන්න. උදේ – සවස බුදුන්ට මල්, පහන් පූජා කරන්න. පස්පව් කිරීමෙන්, දස අකුසල් කිරීමෙන් වළකින්න. කරන, කියන සියල්ල දැහැමිව, සාධාරණව කරන්න. අන් අයට යහපතක් වන ආකාරයට සියල්ල සිදුකරන්න. එවිට ඔබ කතරගම දේව ආරක්‍ෂාව ලබන්නකු බවට නිරායාසයෙන්ම පත්වනු ඇත. ඉන්පසු ඔබ ඔබේ බලාපොරොත්තු දෙවියන්ට කියන්න. ස්තෝත්‍ර, නැකැත් ඔබ දන්නා විදියට ඔබට තේරෙන අයුරින් පවසන්න. නිසැකවම ඔබේ බලාපොරොත්තු ඉෂ්ටසිද්ධ වෙන ආකාරයට ඔබට විශ්මය දනවනු ඇත. දෙවියන් ඔබ සමීපයේම බව ඔබට දැනෙනු ඇත. ඔබව දියුණුවේ හිනිපෙත්තටම රැගෙන ගොස් මිස දෙවියන් ඔබව අත්නොහරිනු ඇත. කිසිවකු හරියට හඳුනා නොගත් කතරගම දෙවියන්ගේ විදිහ එයයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සුද්දටවත් ගලවන්න බැරිවුණු පිටකොටුවේ බෝධිය

Next Post

සංගීතයේ අමරදේවගේ සලකුණ වගේම ක්ලැන්ස්ගේ නමත් ලියැවෙන්න ඕනෙ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.