• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආදරේ ගින්දර කලින්ම කියන රේඛාව

October 29, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ආදරේ ගින්දර කලින්ම කියන රේඛාව
Share on WhatsAppShare on Facebook

අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් හෘද රේඛාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ගුරු මණ්ඩලය ප්‍රදේශයෙන් ආරම්භ වන හෘද රේඛාව ශනි මණ්ඩලය, රවි මණ්ඩලය හා බුධ මණ්ඩලය පසුකරගෙන අත්ලේ කෙළවර තෙක් විහිදෙයි. ඒ බව මේ සමඟ පළවන රූප සටහනින් පැහැදිලි වෙනවා ඇති. ඇතැම් විට මෙම රේඛාව බුධ මණ්ඩලයෙන් ආරම්භ වී ගුරු මණ්ඩලය දෙසටද විහිද යා හැකිය. කෙසේ වුවද ගුරු, ශනි, රවි, බුධ මණ්ඩල හතරේ විද්‍යුත් ශක්තීන්ගෙන් පෝෂණය වන හෘද රේඛාව කෙනකුගේ මනස කෙරෙහිද එක එල්ලේම බලපෑම් කරයි. හෘද වස්තුව හා පෙණහලුවල ක්‍රියාකාරිත්වය සටහන් වන අත්ලේ ඇති ප්‍රධානම රේඛාව වන්නේත් මෙම රේඛාව බැවින් එයට හෘද රේඛාව නමින් භාවිත කරයි.

ඒ හැරෙන්නට මෙම රේඛාව මඟින්, ආලය, විවාහ ජීවිතය, ලිංගික ආශා, රුධිර ධාවනය ආදී යම් යම් දේවල් නිර්මාණය කිරීමේ ඇති සහජ බුද්ධිය, ක්‍රියාකාරී හැඟීම් ගතිගුණ පිළිබඳ විශේෂ ලක්‍ෂණද පෙන්නුම් කරයි.

ඇතැම් අයගේ හෘද රේඛාව නොපිහිටන අතර, ඔවුහු අනුකම්පා විරහිත, ආත්මාර්ථකාමී ගතිගුණ ප්‍රකට කරයි. අන් අය කෙරෙහි සෙනෙහසක්, අනුකම්පාවක් හෝ ඔවුන්ගේ සිත් තුළ නොමැත. සාමාන්‍ය ව්‍යවහාරයේද හිතක්, පපුවක් නැති පුද්ගලයෝ වශයෙන් සලකන්නේ මෙවන් පුද්ගලයෝය. ඔවුහු වඩා කෝපසහගත වෙයි. හොඳ හෘද රේඛාවක් ගුරු මණ්ඩලය මැදින් ආරම්භ වී කුජ මණ්ඩලය, බුධ මණ්ඩලය අතරින් අවසාන විය යුතුව ඇත. එසේම එය ශීර්ෂ රේඛාව ළඟින්ම හෝ ශීර්ෂ රේඛාවට බොහෝ ඈත්ව හෝ නොවිය යුතුය. හෘද රේඛාව පටන් ගැනීමේදී තියුණුව පෙනිය යුතුය. එසේම අවසානයේදීද එහි වෙනස් වීමක් නොතිබිය යුතුය (හැපීම, කැඩීම් වැනි). එසේම මෙම රේඛාවේ පළල, ගැඹුර, වර්ණය ගැනද සැලකිය යුතුය. හොඳ හෘද රේඛාවක් පවතින විට හොඳ පෞරුෂයක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක්, හොඳ ආකල්පයක් යන හැමදේම පවතී. හෘද රේඛාව ප්‍රමාණයට වඩා මණ්ඩලවලට ළංව පිහිටීමද සුබ නොවේ. එවිට මණ්ඩලවල ශක්තිය අඩු වීමෙන් පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාසහගත බවත්, දරුණු ස්වභාවයත් ඇති වීමටද හේතු වෙයි. ඔවුහු බොහෝ ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනිති. හෘද රේඛාව ප්‍රමාණයට වඩා පහත්ව පිහිටීමද, ආත්මාර්ථකාමී බවක්, කලබලකාරී මානසික තත්ත්වයක් ඇතිවීමටත් හේතු වෙයි. හෘද රේඛාව තැනින් තැන කැඩී තිබීම, රුධිර ධාවනයේ විෂමතාවක් ඇති බව හෙළි කරයි. පැලීගිය ආකාරයේ හෘද රේඛාවෙන් පෙන්නුම් කරන්නේ හෘද වස්තුවේ යම් දුර්වලතාවක් ඇති බවයි. හෘද රේඛාව සමඟ තවත් එවැනිම රේඛාවක් කාගේ හෝ අතක පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් වන බව හස්ත රේඛා ශාස්ත්‍රයේ කියැවෙයි. හෘද රේඛාව ආරම්භයේදීම ශීර්ෂ රේඛාව හා සම්බන්ධව පැවතීම අසුබය. අසනීපයෙන් තැවෙන අයෙක් එමඟින් හඳුන්වා දෙයි. හෘද රේඛාවත්, ශීර්ෂ රේඛාවත් එකට සම්බන්ධ වී එකම රේඛාවක් ලෙස විහිද යෑමත්, ඒ වගේම අසුබයි. තදබල මානසික පීඩාවලට ලක්වී සදහටම දුක උරුම වූ අයකු එම ලකුණෙන් හඳුනාගත හැකිය.

හෘද රේඛාව ගුරු මණ්ඩලය තුළින් මතුවෙලා තිබීමත්, ඉතා හොඳ පිහිටීමක්. පෙම් රජ දහනේ කිරුළු පලඳින්නට වරම් ලබන එවැන්නන්ගේ යුග ජීවිතය ඉතාමත් සාර්ථකය. හෘද රේඛාව කවාකාර හැඩයෙන් පිහිටීම සුබ නොවේ. ඇදුම, හතිය වැනි සෙම් රෝග වැලඳීමට එය හේතු වෙයි. රේඛාව පටන්ගැනීමේදී ශාඛා දෙක තුනකට බෙදී තිබීමද යුග ජීවිතයේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි. එමෙන්ම හෘද රේඛාව දෙකඩ වීමත්, එම රේඛාවෙන් මතුවන අවරෝහණ රේඛාවක් (පහළට විහිදෙන) ශීර්ෂ රේඛාව දෙස ඇදී යෑමත් ඒ වගේම අසුබ ඵල දෙන්නකි. පරාජිත පෙම්වතෙක් හෝ පෙම්වතියක් එමඟින් හඳුන්වා දෙයි.

හිඹුටානේ පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

බෙග් මාස්ටර්ට අසාධාරණයක්

Next Post

ජයමංගල දේවගැතිවරයාගේ සැබෑ වූ අනාවැකිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.