යුගදිවිය ගැන ගැඹුරින් සොයා බැලීමේදී සුවිශේෂිත කරුණු රැසක්ම ගැබ්වී ඇති බැව් පැහැදිලිය. අඹු-සැමි අතරින් වඩාත් මුල්ව ක්‍රියාකරන්නේ බිරියයි.
“වසෝ ඉස්සිරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං
“ඉස්සිරිය සූත්‍රය”
ලොව ඇති උතුම්වූ භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී නමැති භාණ්ඩය අති උතුම්ය. විවාහයේදී එය ස්ථාවරව නොකැඩී පවත්වාගෙන යෑමට අත්තිවාරම වන්නේ බිරියයි. ගෙයක් ශක්තිමත්ව නොකැඩී තිබීමට අත්තිවාරම ඉතාම ශක්තිමත්ව තිබීම අනිවාර්ය වෙයි. යුග දිවියද ඒ තත්ත්වයේමැයි.
අද අපි කතාබහේ යෙදෙන්නට සූදානම් වන්නේ අති සාර්ථකම පවුල් දිවියක් පවත්වාගෙන යෑමට අවශ්‍ය වන මූලිකම සාධකය කුමක්ද යන්න විමසා බැලීමකි. සත්ව ලෝකයේ ස්ත්‍රියගේ පෙලඹීම මත පිරිමියාගේ කාමාශාව මතු වූ විටදී උම්මත්තකයකු සේ ක්‍රියාකරනු ඇත. මෙය සොබාදහමේ අවශ්‍යතාවක් නිසාම සත්ව ලෝකයේ මිනිසා මේ තත්ත්වයට පත්වෙයි. ශිෂ්ට සම්පන්න සමාජයක සමාජයීය පැවැත්ම සඳහා සිරිත් – විරිත්, සාර-ධර්ම තුළ හැසිරීම අතිශයින්ම වැදගත්ය.
සමහර විට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කාමශක්ත බව අඩු වීමටත්, සමහර අයට වැඩි වීමටත් ඔවුන්ගේ උත්පත්ති ග්‍රහ හැසිරීම හා තත්කාලීන ග්‍රහ චාරයද බලපාන බැව් එක්තරා ජ්‍යොතිෂ පදනමකි. කෙසේ වෙතත් සොබාදහමට අනුව පිරිමි පොලඹවන්නේද, පාලනය කරන්නේද ස්ත්රීන්ය. පිරිමි සිත ගිතෙල්ය. ගැහැනු සිත ගින්නකි. අන්ධ බවින් යුක්ත අය හැර ඇස් පෙනෙන සෑම පිරිමියකුටම ස්ත්‍රී දේහය රස ගුලාවකි. ස්ත්‍රී දේහය තරම් පිරිමියාගේ ඇස මායා බන්ධනයට තුඩු දෙන අන් කිසිවක් ලොවම නැත.
ජ්‍යොතිෂ විද්‍යාව හරහා අපි දැන් විමසා බලමු කාන්තාවකගේ යුගදිවිය සාර්ථකව පවත්වා ගෙන යෑම මූලිකවම අවශ්‍ය වන ග්‍රහ පදනම ක්‍රියාත්මක වන ආකාරය ගැන. කුජ, රාහු, ශුක්‍ර, සඳුගේ බල ශක්තිය අනුව කෙනකුගේ කාමශක්ත බවේ අඩු වැඩි වීම් මෙසේ දක්වමු.
* කුජ, ශුක්‍ර දෙදෙනා පරස්පරව ප්‍රතිවිරුද්ධ අංශකගතව සිටීම කාමශක්ත බව අධිකත්වයට හේතුකාරක වීමද.
* ලග්නයට අධිපති ග්‍රහයා සමඟ එක්වූ කුජ, මකර රාශිගතව රාහුගේ පෙනීම නිසාද
* ලග්නාධිපතියා 7 වැන්නාධිපති ග්‍රහයන්
පාප රාශිගතව සිටීම ලග්නය හා සඳුට සිකුරු බැල්ම නොවැටීමද
* කේන්දරයේ 1, 4, 7, 8, 12 යන තැන්වල සිටින පාපියකුට සංයෝගව කුජ සිටීමද
* උච්චක්ෂේත්ර නොවූ සඳු, කුජ, කිවි 7 වැන්නේ සිටීමද
* පාප පෙනීම් ලැබූ සඳු ලග්නයේ සිට ශුක්‍ර, මකර හෝ කුම්භයේ සිටීමද
* ලග්නය සඳු 7 වැන්නේ පාපරාශි වී එකී තුන් අධිපතීන් දෙදෙනාම පාපී රාශිවල සිටීමද
* ලග්නය සහ සඳු පාපකර්තරී වීමද සියලු පාපීන්ට සඳු පෙනීමක් ඇති වීම බුධ ශුක්‍ර යෝග වී සිට 8 වැන්නේ වූ වෘෂභයේ සිටීමත් හා තුලාව ලග්නය වීමද
* මකරයේ 7 වැන්නේ රවි, කුජ යෝග වීමද ලග්නයේද 3-7 හි පාපීන් සිටීමත්, පාපීන් සිටීම හෝ ච, කු, ශු 7 වීමද
* 7 වැන්නේ කුජ, රාහු එකම නවාංශකයේ යෝග වීමද,
* 7 වැන්නේ සිටින උක්ත ග්‍රහයකුට අන්‍ය ග්‍රහයා පෙනීමද
* සඳු, රාහු ලග්නයේ සිට මේෂ ලග්නකාරියගේ කේන්දරයේ රවි, බුධ, කේතුද, 6-8 භාවයන්හි 2හි ශුක්‍රද, කුජද සිටීම නිසාද ඇය අධික කාම ශක්ත වී මනස රාගයෙන් මුසපත්ව විවාහ වී සිට වෙනත් සබඳතා වේගයෙන් ගොඩනඟා ගනී. ඇයට කිසිම අයුරකින් ලිංගිකව සතුටට පත් නොවේ. දිවා – රෑ නොතකා ඇය වින්දනාත්මක තෘප්තියක් ලැබීමට උත්සුක වන්නීය. එය නොවැළැක්විය නොහැකි චරිතයක් වෙයි. විශේෂයෙන් ඉහත සඳහන් ග්‍රහ පිහිටි කාන්තාවන් සිය වයස 40දී පාලනය කරගැනීම නොහැකිම වයස් කාල පරාසයේ කාමශක්ත වී මුළු ජීවිතයම ලිංගිකමය සතුට ලබා ගැනීමට මානබලන්නීය.
රවි, කුජ, ශනි, ශුක්‍ර, බුධ පංචම ග්‍රහයන් ලග්නයේ හෝ පස්වැන්නේ එකට එකතු වී සිටින කාන්තාව අධිකම කාමයෙන් මුසපත් වෙයි. ඇයට අවශ්‍ය වන්නේ ලිංගිකමය සතුට විනා අන් කවරෙක්වත් නොවේ. විවාහ වූවන් වෙනත් රහස් සබඳතා ගොඩනඟා ගැනීමට උපක්‍රමශීලී වන්නේය. මෙවැනි කාමශක්ත ග්‍රහ පිහිටීම් ඇති කාන්තාවක් සමඟ යුගදිවියක් ගෙනයා හැකිද යන්න ගැන ඇයගේ කේන්දරයේ පැහැදිලිව ඇත. ඇස රවටන රූපයට රැවටී මුළු විවාහයම ඇදවැටෙන නිසා විවාහවීමට පෙර ග්‍රහ පිහිටීම ගැඹුරින් බැලීමට අගනේය. කාන්තාවන් මෙන්ම පිරිමින්ද මේ අතර වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල











