සතුට, සමාදානය, සිරියාව තිබෙන තැනෙක ජීවත් වන්න කවුරුත් දක්වන්නේ බලවත් ප්‍රියතාවක්. සතුටක් නැති, නිසි අහරක් පවා නොමැති, කලබල සහිත තැනක ජීවත් වන්නට තිරිසන් සතකු වුවත් දක්වනු ලබන්නේ අකැමැත්තකි.
මහා මංගල සූත්‍රයේදී බුදුන් වහන්සේ මංගල කාරණාවක් වශයෙන් “පතිරූප දේස වාසෝච” වශයෙන් සුදුසු පරිසරයක වාසය කිරීම බලවත්ව පෙන්වා දෙනු ලබන්නේ මේ නිසාමය. නමුත් මූලික වශයෙන්ම මෙම කාරණාවේ ප්‍රතිශතාත්මක වෙනස සඳහා මානව වර්ගයාගේ බොහෝ කටයුතු බලවත්ව බලපානු ලබනවා.
නිවෙසක් පළමු කොට සැලකීමේදී එහි සතුට-සමගිය සහ සෞභාග්‍යය වැනි කාරණාවන් උදෙසා බලපානු ලබන්නේ ප්‍රධාන වශයෙන් නිවෙසේ මව්පියන්, වැඩිහිටි දරුවන් ආදී දෙනා යහපත අයහපත වශයෙන් සිදුකරනු ලබන ප්‍රයෝගික කරුණු කාරණාවන්ය. යම්කිසි නිවෙසක අයහපත් දේම සිදුකරන, සත්ව ඝාතනයේම යෙදෙන, පංචශීලයේ නොයෙදෙන ආදී වශයෙන් මර්මස්ථානයක නම් එවැනි තැනක කිසිසේත්ම සතුට-සෞභාග්‍යය ගිලිහී ගොස් සිරිදේවියද නිවෙසින් පලා යනු ඇත. සෑම නිවෙසකම මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා නිසි ලෙස තේරුම් බේරුම් කරගත හැකිය.
අද මා ඔබට ඔබ මෙවැනි පීඩාවකට මේ වන විටත් පත්ව ඇත්නම් ස්වයංක්‍රියවම එයින් මිදී නිවෙසටත්, ඔබටත් සතුට සමගිය සෞභාග්‍යය නිසි ලෙස ළං කර ගත හැකි උතුම් වැඩ පිළිවෙළකට මාර්ගය සකස් කර දෙන්නෙමි. නමුත් මෙය එක්වර ක්ෂණිකව සිදු කළ හැකි කාර්යයක් නම් නොවෙයි. සතියකට හෝ පෙර සිට නිවෙසියන් හොඳින් මස් මාංසවලින් වැළකී නිවෙසටත් ඒවා නොගෙන පවිත්‍රව වතාවත් පිරිය යුතු වන්නේය. උදේ 6.00ට පෙර හා සවස 6.00ට පසුවත් නිවෙසේ වා කවු`ඵ අතරින් සුවඳ දුම හොඳින් පැතිරී යන අයුරින් දුම් අල්ලා සුවඳවත් කළ යුතුය. පළමුව බුදුන්ට මල්, පහන්, දැහැත් පුදා දෙවනුව දෙවියනට ද වතාවත් සිදු කොට තුන් සූත්‍රය නිවෙසේ හොඳින් සජ්ජායනය කළ යුතුය.
දැන් සත්වැනි දිනයේ බලවත් රාජකාරියකට අත ගැසිය යුතුය. නිවෙසේ නැඟෙනහිර දිශාවට යොමුවන ලෙසින් මල් බුලත් සහිත යහනක් තනා, එයට ද පෙර සිදුකළ යුතු වතාවත් සියල්ල උසස්ව සිදුකොට රාහු කාලය මඟහැර මතු දැක්වෙන බුදු ගුණ යන්ත්‍රය ඇඳ ගැනීම සිදු කරන්න.
දැන් යන්ත්‍රය තඹ පත්‍රයක ඇඳ ගැනීම අවසානයේ ඔබට නිරන්තරයෙන්ම හුරු පුරුදු,“ඉතිපිසෝ භගවා අරහං” ආදී වශයෙන් ඉතිපිසෝ ගාථාවෙන් දහස් වර ජීවම් කිරීම ආරම්භ කරන්න. නිසි දිග පළල යන්ත්‍රය ඇඳීමේදී යොදා ගත යුතු අතර, මෙම බලවත් යන්ත්‍රය ව්‍යාපාර ස්ථානවල පවත්නා දියුණුවේ අඩුකම, ඇස්වහ, කටවහ ආදී දෝෂ සඳහාද ව්‍යාපාරික ස්ථානයේ දර්ශනය වන අයුරින් තැන්පත් කිරීමෙන්ද උසස් ඵල නෙළා ගත හැකිය. නැතිනම් උත්පත්ති නැකැත් සීහුම් අනුව ගළපා බලවත්ව පැලඳ ගැනීමෙන්ද නිසි පල ඉතාමත් කෙටි කාලයකදී උදා කර ගැනීමට හැකියාව පවතින්නේය. මෙයින් නිවෙසේ මේ වන විට පවත්නා අසමගිය, සහෝදර සහෝදරියන් අතර ආරවුල්, මව්පිය – දරුවන් එකිනෙකාට විරුද්ධ වීම් ආදී තත්ත්වයන් ද බලවත්ව සමනය කොට, දුරැර හරින්නට හැකියාව පවත්නා බැව් මගේ අත්දැකීමෙන්ම සිහිපත් කළ යුතුය. ඔබට උතුම් තුන් රුවනේ ආශීර්වාදයත්, විශ්වයේ ශක්තියත් ළං කරගන්නට වාසනාව උදාවේවා.
බලවත් යන්ත්‍රය
ඉ ති ති වා පි ග සො
ත්‍ථා ඔු ස ද්‍ධො ථි වි භ
ස පු fන්‍නා ණෙ සු ර භ
දෙ මප දු ක කත ජජා ද්‍ධො
මම රි ලො වි ග සා ග
ව ස අ තො නු ව බු
ස ස ණ ධ ර මම වා
ඊ හං නු ර සසා අ නං
ජ්‍යොතිෂවේදී කේඬිී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











