• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හරියටම හරියන රැකියාව

September 30, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය අවසන් වුණාම සෑම දරුවකුටම තමන්ගේ අනාගතය වඩාත්ම සාර්ථක කරගැනීම සඳහා යොමු විය යුත්තේ කුමන වෘත්තියකටද, එහෙමත් නැත්නම් මොන අධ්‍යාපන ක්‍ෂේත්‍රයටද කියන ප්‍රශ්නය සිතට එනවා. සෑම කෙනකුටම තමන් වඩාත් කැමැති වෘත්තීමය ක්‍ෂේත්‍රයක් තමන්ගේ සිත තුළ තිබෙනවා. ඒ වගේම තමයි කෙනකුගේ කේන්දරය අරගෙන මෙයාට වැඩියෙන්ම හරියන රස්සාව මොකක්ද කියන එක කියන්න හැකියාවකුත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය සතු වෙනවා. අද කේන්දරේ තුළින් අපි බලමු කෙනකුට ගැළපෙන රැකියාව ගැන ග්‍රහයන් ඇසුරෙන් සොයා බලන හැටි.

ග්‍රහයන් කේන්දරයක් තුළ බලවත් වන ආකාරය ගැන ඔබ හොඳින් දන්නවා. නැවත මතක් කරනවා නම් මුලින්ම ග්‍රහයා ඉන්න රාශිය හඳුනාගන්න ඕනෙ. ඊට පස්සෙ පංචාංග ලිතක තියෙන වගුවකින් එක් එක් රාශිය තුළදී ග්‍රහයා ලබා ගන්නා බලය, උච්ච මූල ත්‍රිකෝණ, ස්වක්‍ෂේත්‍ර, අදී වශයෙන් වෙනම සටහන් කරගන්න. ඔබ මෙතෙක් අධ්‍යයනය කර ඇති යහපත් යෝගවලට දායක වන ග්‍රහයන්ද 10 වැනි රාශියේ ඉන්න ග්‍රහයන් සහ 10 වැන්න අධිපතිද, ඒ වගේම විපරිත රාජ යෝගවලට දායක වන ග්‍රහයන්ද, දුබල ලෙස කෙනකුගේ වෘත්තිය ගැන කියාපාන බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ.

ජන්ම පත්‍රයක හයවැන්න, අටවැන්න සහ දොළොස්වැන්න හඳුන්වන්නේ දුෂ්ට ස්ථාන ලෙසයි. හැබැයි මෙම දුෂ්ට ස්ථානයක අධිපතියෙක් තැන්පත්ව සිටියොත් එය විපරිත රාජ යෝගයක් වෙනවා. හයවැන්න අධිපති 6, 8, 12 වැනි දුෂ්ට ස්ථානයක සිටීම හර්ෂා යෝගයයි. 8 වැන්න අධිපති 6, 8 හෝ 12 සිටීම සරලා යෝගයයි. 12 වැන්න අධිපති 6, 8 හෝ 12 සිටීම විමලා යෝගයයි. ඔබගේ ලග්නය අනුව 6, 8, 12 අධිපතින් වන්නේ,
ලග්නය 6 අධිපති 8 අධිපති 12 අධිපති
මේෂ බුධ කුජ ගුරු
වෘෂභ සිකුරු ගුරු කුජ
මිථුන කුජ ශනි සිකුරු
කටක ගුරු ශනි බුධ
සිංහ ශනි ගුරු සඳු
කන්‍යා ශනි කුජ රවි
තුලා ගුරු සිකුරු බුධ
වෘශ්චික කුජ බුධ සිකුරු
ධනු සිකුරු සඳු කුජ
මකර බුධ රවි ගුරු
කුම්භ සඳු බුධ ශනි
මීන රවි සිකුරු ශනි
ඔබගේ කේන්දරයේ විපරිත රාජ යෝගයක් තියෙනවාද කියලා ඉහත වගුව ඇසුරෙන් ඉතා පහසුවෙන් බලාගන්න පුළුවන්. විපරිත රාජ යෝගයක් නිර්මාණය කරගෙන සිටින ග්‍රහයාට අනුව කේන්දර හිමියාගේ වෘත්තියට විශාල බලපෑමක් වෙනවා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. ඊළඟට අපි බලමු කේන්දරයක මොනයම් ආකාරයකින් හරි බලවත් වන ග්‍රහයාට අනුව ඔබට වඩාත් ගැළපෙන වෘත්තීමය ක්‍ෂේත්‍රය මොකක්ද කියලා.

සඳු බලවත් වීමෙන් කේන්දර හිමියාට දියර වර්ග ආශ්‍රිත ව්‍යාපාර, ප්‍රවාහන කටයුතු, ආනයන-අපනයන ව්‍යාපාර, සංචාරක කටයුතු වැනි දෙයින් හොඳ ආදායම් ලබන්න පුළුවන්. රවි බලවත්ව ජන්ම පත්‍රයක පිහිටීමෙන් ජන්මියා රාජ්‍ය අංශයේ රැකියාවකට යොමුවීමක් පෙන්නුම් කරනවා. කුජ බලවත් වන අය පිරිස් පාලනයට, ආරක්‍ෂක අංශයේ සේවයට, කෘෂිකාර්මික කටයුතුවලට, කාර්මික අංශයේ රැකියාවන්ට විශේෂ දස්කම් දක්වනවා. බුධ බලවත් වූ විට නීති අංශයෙන් ඉදිරියට යෑම, කථිකත්වයේ දක්‍ෂතා, ගිණුම් කටයුතුවල හැකියාව ඇති වෙනවා. ගුරු බලවත් අය ගුරු වෘත්තියට උපදේශන සේවාවන්ට දේශන කටයුතුවලට යොමුවන බව සඳහන්. සිකුරු බලවත්වූ විට කලා කටයුතුවලින්, විසිතුරු දේවලින්, රෙදිපිළි කර්මාන්තයෙන්, රූපලාවණ්‍ය කටයුතුවලින් ආදායම් ලැබිය හැකියි. සෙනසුරු බලවත් අය ආදායම් ලබන්නේ භූමිය ආශ්‍රිතව, පතල් කටයුතු, කෘෂිකාර්මික කටයුතු, ලෝහ සම්බන්ධ කටයුතුවලින්. මීට අමතරව විශේෂ වෘත්තීන් සඳහා කේන්දර හිමියන් යොමුවන ග්‍රහ පිහිටීම් ගණනාවක් ගැනම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

OPPO A Series හඳුන්වාදීමට සුපිරි තරු එක්වෙයි

Next Post

ශිරාණිගෙන් තවත් වාර්තාවක්

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන්...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.