මේ පෘථග්ජන සමාජය තුළ නිදහස්ව නිරවුල්ව ජීවත් වීම කාගේත් අභිප්‍රාය වුවත් ඒ බලාපොරොත්තු මට්ටමින්ම ජීවත් වීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද සෑම කටයුත්තකදීම අන්‍යයන් සමඟ බැඳී කටයුතු කරන්නට සිදුවේ. රැකියාවක් සිදු කරද්දී වුවත්, අසල්වාසීන්ගේ හෝ තමන්ගේ කියන කෙනෙකුගේ ආවාහ – විවාහ කටයුත්තකදී වුවත්, සමිති සමාගම්වල කටයුතු සිදු කරද්දී වුවත්, මෙම බැඳීම් මත කටයුතු සිදු කිරීමට සැලසීම සාමාන්‍ය වන්නේය. හැබැයි ඒ වගේම තමයි මෙසේ කටයුතු සිදු කරද්දී හොඳ වගේම නරකත් අසන්නට සිදු වනවා. යහළුවන් වගේම සතුරනුත් ඇති වෙනවා. මේ තත්වය ඔබ ප්‍රායෝගිකව මේ වන විටත් අත්විඳලා ඇති.
ඉතින් ඒ ඇති වූ සතුරු කරදර අදටත් ඔබව පීඩාවට පත් කරනවාත් ඇති. තරහව, ඊර්ෂ්‍යාව, කේන්තිය දීර්ඝකාලීනව සිත් ඇති කෙනකුට අනුන් වෙනුවෙන් කරන්නට බැරි දෙයකුත් නැති තරම්ය.
සමහර අවස්ථාවන්හිදී නිකරුණේ අනුන් වෙනුවෙන් අනවින – කොඩිවිනවලට පවා යොමු වෙමින් කටයුතු සිදු කිරීමද මේ තුළින් ඇති වන තත්ත්වයන් වන්නේය. ඉතින් මෙවන් අයුරින් නිතර සතුරු පීඩාවන්ගෙන් පීඩාවට පත් ඔබේ සිතට සහනය සැනසුම ලබා දෙමින් කරදරයකින් තොරව ඔවුන්ව දමනය කර ගන්නට හැකියාව පවත්නා ගුප්ත ක්‍රමවේදයක් අද දින මා ඔබ වෙත ගෙන එමි.
පැරණි මුතුන්මිත්තන් පවා ඇතැම් අවස්ථාවන්වලදී බලවත් විශ්වාසයෙන් යුතුව මෙම යන්ත්‍රය යොදා ගනිමින් සතුරු කරදරවලින් මිදී යහපත උදා කර ගත් බව පුරාණ ගුප්ත පොත පතේද සඳහන් වනු ඇත. විශේෂයෙන් සතුරන් හමුවේ වන කටයුතුවලදී බලවත්ව ඔවුන්ගෙන් මිදී හෝ තමාගේ කාරණාව ජයග්‍රහණය කර සාධනය කර ගන්නට ඇති බලවත් හැකියාවක් මෙම යන්ත්‍රයේ පවතිනු ඇත. මන්ත්‍රයක ජීවම් කිරීමක් මේ සඳහා යොදා නොගන්නා අතරම නිසි ලෙසින් තඹ පත්‍රයක ඇඳ පේ කර ප්‍රාණ පිහිටුවීම පමණක් සිදු කිරීම අවශ්‍ය වන්නේය. මූලික වශයෙන් පළපුරුදු ඇදුරකු මගින් මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ගන්නවා නම් ඒ සඳහාත් වරදක් නැත. යන්ත්‍රයේදී ඇති පරිදි එකිනෙකට හරස් ඉරි නොකැපෙන ලෙසින් යන්ත්‍රය ඇඳ ගැනීමටත්, වත් පිළිවෙත් නිසියාකාරව සිදු කරන්නටත් අනිවාර්යයෙන්ම යොදා ගනු ලබන පුද්ගලයා විසින් අනුගත විය යුතුය. නිසි ලෙස සකසා ගත් යන්ත්‍රය තමාගේ ජන්ම නැකතට බලවත් වන නැකැත් සීහුම් සහිත වේලාවකදී පැලඳ ගෙන සතුරා හමුවට යන්නේ නම් උසස් ප්‍රතිඵල නිසැකව ළං කර ගැනීමට ද හැකියාව පවතින්නේය.
මෙම බලවත් යන්ත්‍රය යොදා ගැනීමෙන් ඔබට බලාපොරොත්තු වන කාර්යය සාධනය ඇති වේවා! තෙරුවන් සරණයි!
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











