• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තණමල්විල කොල්ලෙක්

January 19, 2020
in Heart
Reading Time: 2 mins read
A A
තණමල්විල කොල්ලෙක්
Share on WhatsAppShare on Facebook

රොෂාන් රවීන්ද්‍ර ගැන අඳුන්නලා දෙන්න මම හිතන්නේ ලොකු කතාවක් ගොතන්නට හෝ වැඩියෙන් වචන නාස්ති කරන්න ඕනෑ නැහැ. සරලවම කියනවා නම් වැඩි දුරකට යන්න ඕනෑ කමකුත් නැහැ. ‘සහෝදරයා’ එහෙම නැත්නම් ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍ය මාලාව බැලුවා නම් ෆැන්ටසි නාට්‍ය කලාවෙන් බැහැරව ගිය අති දක්‍ෂ මේ රංගවේදියා ගැන අංග සම්පූර්ණ නියාමනයකට එන එක හරිම සරලයි. අනෙක රොෂාන්ගේ ලොකු සීන් නැහැ. ‘හාට්’ විශේෂාංගය ඔස්සේ එක්වන්නැයි කියල අප කළ ආරාධනය හදපතුලින්ම ඔහු පිළිගත්තේ ඒ නිසාමයි. හැබැයි මෙතැනදී අපට ඕනෑ වුණේ ‘රොෂාන් රවීන්ද්‍ර’ කියන රංගවේදියා ගැන දොඩමලු වෙන්න නම් නෙවෙයි. අවශ්‍යතාව තිබුණේ 19 වැනි ඉරිදා ස්වාධීන රූපවාහිනිය හරහා ප්‍රේක්‍ෂකයන් හමුවට කුලුඳුලේම පැමිණෙන ‘තණමල්විල කොල්ලෙක්’ ගැන කතා කරන්නයි.
ප්‍රවීණ රංගවේදියකු වූ ඔබේ පළමු අධ්‍යක්‍ෂණය මෙයයි. එහෙම නේද රොෂාන්?
පොඞ්ඩක් ඔහොම ඉන්න. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට කලින් යමක් කිව යුතුයි. ‘ප්‍රවීණ රංගවේදියකු’ කියා මාව හැඳින්විය යුතු නැහැ’ මොකද ප්‍රවීණත්වයට පත්වීම සඳහා යම් නිර්මාණකරුවකු ලෙස මට යායුතු දුර තව බොහෝමයි කියන රාමු තුළයි මම තවම සිටින්නේ.
හොඳයි, ‘ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි’ යන රාමුව තුළ ඉඳගෙන අපි කතා කරමු?
ඉහත ඇසූ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් ‘තණමල්විල කොල්ලෙක්’ කියන්නේ නිවැරැදිවම කියනවා නම් මගේ දෙවැනි අධ්‍යක්‍ෂණයයි. මීට පළමුව මම ආනන්ද අබේනායක මහතාගේ ‘සංසාරේ පියසටහන්’ කතා මාලාවෙහි එක් කොටසක් සඳහා මගේ දායකත්වය දුන්නා. ඒ අධ්‍යක්‍ෂණය තුළ මම ‘රයිගම්’ සම්මාන උළෙලේදී ඇගැයීමට පවා ලක්වුණා. ‘තණමල්විල කොල්ලෙක්’ ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නේ මගේ දෙවැනි අධ්‍යක්‍ෂණය ලෙසටයි.
‘තණමල්විල කොල්ලෙක්’ ගැන වංහුං කියමුද?
මෙම නිර්මාණ වෑයම වෙනුවෙන් මම වසර හයක්, හතක් තිස්සේ සූදානම් වුණා. ෆැන්ටසි රාමුවෙන් එපිටට ගිය හොඳ නිර්මාණයක්. ආලින්දයේ සිනමාවට තිළිණ කරන්න මට ඕනෑ නිසා හොඳ කතා වස්තුවක් ගෙතීමේ අවැසිතාව තුළ මම ටිකක් කල්ගත්තා කිව්වොත් එය නිවැරැදියි.
‘තණමල්විල කොල්ලෙක්’ කතා තේමාව එහි අන්තර්ගතය ගැන තව ටිකක් කතා කරමුද?
මම හිතන්නේ පමණට වඩා නිර්මාණයක් ගැන කතා කිරීම හොඳ මදියි කියලයි එහෙම නේද?
ඔබ කියන්නේ කුතුහලය තුළ ප්‍රේක්‍ෂකයා ‘තණමල්විල කොල්ලෙක්’ පිළිගත යුතුයි කියලද?
කුතුහලය කියන වචනය මෙතැනට හරි යන්නේ නැහැ. මම අදහස් කළේ ප්‍රේක්‍ෂකයාටම නිර්මාණය හඳුනාගෙන ඒ හා රැඳෙන්නට ඉඩදිය යුතුයි කියලයි.
මෙහි ඔබ හා චරිත නිරූපණය ගැන හඳුන්වනවා නම්?
මම මෙහි කිසිදු චරිත නිරූපණයක යෙදෙන්නේ නැහැ. මම මුලින් කිව්වා වගේ ‘තණමල්විල කොල්ලෙක්’ වෙනුවෙන් සූදානම් වීමට මට බොහෝ කල්ගන්න වුණා. කතාව ලියන විට එහි ප්‍රධාන චරිතයක් ගැන මගේ හිතේ තිබුණා. නමුත් කාලය පමණට වඩා ගෙවුණු නිසා ඊළඟ පරම්පරාවට එය භාර දිය යුතුය යන මතයට ඉඩ දෙන්න සිද්ධ වුණා.
ඔබ තෝරා ගත් රංගවේදීන් ගැන කතා කරනවා නම්?
මේ නිර්මාණය සඳහා මට අවශ්‍ය මුහුණු කිහිපයක්ම තිබුණා. හැබැයි ඒ හොයපු හැම දෙනකුටම ‘තණමල්විල කොල්ලෙක්’ ළඟට අරන් එන්න මට පුළුවන් වුණේ නැහැ. නමුත් ප්‍රධාන චරිත නිරූපණයන් සඳහා මා දැරූ උත්සාහයත් සාර්ථක කරගැනීමට මට හැකියාව ලැබුණු බවද මෙහිදී කිව යුතුයි.
ඇතැමුන්ට මඟහැරුණෙ ඔවුන් ඔබේ ආරාධනය ප්‍රතික්‍ෂේප කළ නිසාද?
අපොයි නැහැ. එතැන මතුව තිබුණේ වෙනත් ගැටලු සහගත තත්ත්වයක්. එය සර්වසම්පූර්ණ කරගන්න මට නොහැකි වුණා.
නිර්මාණය සඳහා ඔබ සෙවූ, ඔබ දායක කරගත් රංගවේදීන් නිර්මාණය වෙනුවෙන් ඔබට අවැසි තැන සිටියද?
සත්තකින්ම ඔව්. ඔවුන් හැසිරවීම මට ඉතාම පහසු වුණා. ඔවුන් මා බලාපොරොත්තු වූ මෙහෙවර තුළ සාර්ථකව සිටියා කිව්වොත් හරියටම හරි. අනෙක් කාරණය, හොඳ නිර්මාණයකට අවැසි රඟපෑමක් නොවන රංගනය මම ඔවුන් තුළින් දුටුවා. ඒ වාගේම මෙහි චරිතයකට දායක නොවී, අධ්‍යක්‍ෂණය තුළ ඉඳගෙන මා නිර්මාණය කළ කතා පුවත ගොඩනැඟීමට මා විසින් සොයාගත් රංගවේදීන් වෙහෙස වෙන ආකාරය පැත්තකට වී නිහඬව බලා සිටීමෙන් මා ලද සතුට අපමණයි.
නිෂ්පාදන අංශයෙන් ඔබට ලැබුණු සහයෝගය?
‘ෆාහිම් බවුජුඞ්’ කියන්නේ හොඳ ටෙලි නිෂ්පාදන සඳහා සහයෝගය දෙන නිර්මාණකරුවෙක්. ආනන්ද අබේනායක මහත්තයගේ ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍යයේ ෆාහිම් සමඟ වැඩ කරන කොටම මට දැනුණා ඔහු ඉතාම සුහදව වැඩ කරන අයෙක් කියල. ඔහුම තමයි මට ආරාධනා කළේ ටෙලි නිර්මාණයක් කරමු කියලා. ඇත්තෙන්ම නිෂ්පාදකවරයකු ලෙස ෆාහිම් මට මිත්‍රශීලී සහයෝගයක් දුන්නා.
මෙගා ටෙලි සම්ප්‍රදාය තුළ ඔබේ නිර්මාණය සීමා වෙන්නේ කොටස් කීයකටදැයි කියන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම එය කොටස් 45ක් වැනි සීමාවකින් අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි.
උසස් නිර්මාණයක් කළ වෑයම තුළ ඔබ අද තෘප්තිමත්ව සිටිනවාද?
‘උසස්’ යැයි කියන මගේම නිර්මාණයක් ගැන උජාරු කතා කියන්නට මම කැමැති නැහැ. ‘තණමල්විල කොල්ලෙක්’ ගැන මම මෙහෙම කියන්නම්. ටෙලි ෆැන්ටසිය තුළ හෙම්බත්ව සිටින ප්‍රේක්‍ෂකයන්ව එයින් මුදා, ජීවිතය යන විෂය ගැන කළු-සුදු අවබෝධයක් දෙන්නට මම උත්සාහ ගත්තා. අපේම ජීවිත තුළ මඟහැරුණු තැන්, තම තමන්ගේම ජීවිතය නැවැත ටෙලි නිර්මාණයක් තුළ දකින්නට ඔවුනට අවස්ථාව සලසා දෙන්න මට ඕනෑ වුණා. ඒ අතර, අධ්‍යාපනය, තාරුණ්‍යය කියන සුවිශේෂී අවස්ථාවන් අපේ ජීවිත තුළට කොයිතරම් වැදගත්ද කියන එක පෙන්නලා දෙන්නත්, පවුලේ හැමෝටම එකට එකතු වෙලා ජීවිතයේ සතුට, දුක, උපේක්‍ෂාව ගැන සංසිද්ධීන් ආලින්දයට වී නරඹන්නටත් මම ප්‍රේක්‍ෂකයනට අවස්ථාව සලසා දුන් බවක් මෙහිදී කියා සිටිනවා. නිර්මාණය උසස්ද, එය තම තමන්ගේ සිතට දැනුණේ කෙසේ දැයි යන්න ගැන ඔවුන් අවසානයේ තීරණය කරයි.
ෆැන්ටසි මෙගා තලයට නව මඟකට යොමු කිරීමට නව රජය විසින් පියවර ගෙන ඇති බව ආරංචියි නේද?
තවම කිසිවක් සිදුවී නැහැ. වසර ගණනක් තිස්සේ සිදුවූයේ ඒ ගැන කතා කිරීම පමණයි. වටමේස කතිකාවලට හෝ තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නෙත් නැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

යෝගය දන්නවා නම් අභියෝගයක් නෑ

Next Post

කොළඹ මහ නගර සභාව සහ ජෝන් කීල්ස් පදනම ප්‍රජා මධ්‍යස්ථානයක් ස්ථාපනය කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.