• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ලංකාවට ආපු කඩු කන්ටේනර් 3 ‌කෝ…

August 20, 2019
in Politics
Reading Time: 2 mins read
A A
ලංකාවට ආපු කඩු කන්ටේනර් 3 ‌කෝ…
Share on WhatsAppShare on Facebook

පරීක්ෂණ යටගහපු ‌ලොකු ‌ලොක්කෝ කව්ද?

කෝටි ගණන් සල්ලි ‌බෙදපු සමාගම ‌මොකද්ද?

අප්‍රේල් 21 වැනිදා බෝම්බ පුපුරවමින් රටම අරාජික කළ සහරාන්ගේ කල්ලියේ ඉලක්කය වී තිබුණේ කතෝලික දේවස්ථාන හෝ හෝටල් නොව ඉකුත් නිකිණි පොහෝ දින පැවැත්වූ දළදා පෙරහැරය. ඒ බව සහරාන්ගේ ගෝලබාලයන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ වමාරා අවසන්ය.
සහරාන්ගේ ඉලක්කය වී තිබුණේ සිංහල බෞද්ධයන් කුපිතකරවීමය. ඒ තුළින් රටම ලේ විලක් කිරීම අරමුණ විය. දළදා මාලිගාවට පවා එල්.ටී.ටී.ඊ.ය පහර දුන්නේ සිංහල බෞද්ධයන් කුපිත කරවන්නටය. දළදා මාලිගාවට පමණක් නොව, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩසිටින අනුරාධපුර උඩ මළුව පවා ලේ විලක් කළේ සිංහල බෞද්ධයන් අවුස්සන්නටය. ඒ යැයි කියා සිංහලයන් හෝ සිංහල බෞද්ධයන් ඇවිස්සුනේ නැත. මහා නායක හිමිවරුන් පොලිස් විමර්ශනවලට බලපෑම් කරන්නට හෝ විමර්ශන තොරතුරු ගැන විමසන්නට ගියේත් නැත. පොලිසියට පොලිසියේ කටයුත්ත කරගෙන යන්නට දෙමින් උන්වහන්සේලා ඉවසීමෙන් සියල්ල දෙස බලා සිටයහ.
එහෙත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ හැසිරීම ගැන සමාජයේ ඇත්තේ දැඩි කතාබහකි. උන්වහන්සේ යම් දේශපාලන අතකොළුවක් වී සිටීදැයි යන්න පිළිබඳ ඇත්තේ සැබැවින්ම ගැටලුවිකි. උන්වහන්සේ දැඩිව ආණ්ඩුව විවේචනය කරමින් නොකියා කියන්නේ අලුත් ආණ්ඩුවක් ගැනය. උන්වහන්සේගේ කියුම් කෙරුම්වලින් පෙනී යන්නේ, නොකියා කියන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් ගැනදැයි යන්න සැක සහිතය.
කාදිනල් හිමියන් අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම එසේ රට තුළ පවත්වාගෙන යමින් සිටින විට එය ඇවිස්සෙන්නේ දළදා පෙරහැර පැවැත්වෙමින් තිබියදී වෙලම්බඩ පොලිස් ස්ථාන භාරයේ තිබුණු මන්නා කෙටේරි තොගයක් නැවතත් පල්ලියට මුදාහැරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟිනි.
සියයකට අධික එම මන්නා සහ කෙටේරි තොගය පොලිස් භාරයට ගැනෙන්නේ අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයත් සමඟ රට පුරා පල්ලිවලින් සහ මුස්ලිම් වැසියන්ගේ නිවෙස්වලින් කඩු සහ මන්නා හසුවෙමින් තිබියදීය. මෙම මන්නා සහ කෙටේරි තොගය තිබෙන්නේ වෙලම්බඩ පල්ලියේය. පොලිසියට ඒවා භාරදෙන්නේද පල්ලියේ භාරකරුවන්ය. එම කඩු සහ කෙටේරි තොගය පොලිසියේ නඩු භාණ්ඩ ලේඛනවලට ඇතුළත් කර පැත්තක දමා තිබෙන්නේ නීතිමය පියවර කිසිවක් නොගෙනය.
අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යෑමත් සමඟ වෙලම්බඩ පල්ලියෙන් ඉල්ලීමක් පොලිසියට ලැබෙන්නේ තමන් භාරදුන් මන්නා සහ කෙටේරි නැවත භාරදෙන ලෙසය. හේතු දක්වන්නේ හජ්ජි උත්සවය වෙනුවෙන් දේවස්ථානයේදී ගවයන් ඝාතනය කරන බැවින් ඒ සඳහා එම මන්නා සහ කෙටේරි අවශ්‍ය බව කියමිනි.
එම ඉල්ලීම මුස්ලිම් පල්ලියෙන් ලැබෙන විට ස්ථානාධිපතිවරයා සිටින්නේ දළදා පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා මහනුවරට ගොසිනි. ඉල්ලීම ඉදිරිපත් වන්නේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාටය. ඔහු ඒ ගැන ඉහළ නිලධාරීන්ටවත් නොකියා මන්නා සහ කෙටේරි නිදහස් කරන්නට අවශ්‍ය පියවර ගත්තේය. එහෙත් පල්ලියේ උදවියට ඒවා රැගෙන යන්නට පෙර ඒ ගැන කන වැකුණු පොලිස් ස්ථානාධිපතිවරයා වහාම එය නවතමින් ඉහළ නිලධාරීන් දැනුවත් කරන්නේ සිදුවන්නට ගියේ නීති විරෝධී ක්‍රියාවක් වූ බැවිනි. වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට ඒත් එක්කම සිදුවන්නේ වැඩ තහනමකට ලක්වන්නටය.

මෙම සිදුවීම ගැන ගැඹුරින් සොයාබැලීමකදී හෙළිවන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟ රට පුරා මුස්ලිම් පල්ලිවලින් සහ මුස්ලිම් වැසියන්ගේ නිවෙස්වලින් සොයාගත් කඩු සහ මන්නා පිහි සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර නැති බවකි. ඊට හේතුව එම කඩු සහ මන්නා මෙරටට චීනයෙන් ගෙන්වා ඇති සමාගම අතපය දිගහැර පොලිසියටද සලකමින් සිටින නිසාය.
පාස්කු ප්‍රහාරයට පෙර එම සමාගම් කන්ටේනර් තුනක් පිරෙන්නට කඩු ගෙන්වා තිබුණු බව කීවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ය. ඒ, පාර්ලිමේන්තුවේදීය. එම කඩු සහ මන්නාවලින් බොහොමයක්ම මෙරට නීතියට අනුව තහනම් ඒවාය. එහෙත් එම තහනම් පිහි කන්ටේනර් පිටින් රට තුළට ගෙන එන්නේ සමාගමේ රුපියල් ශතවලට වහල්වූ රේගුවේ දූෂිත නිලධාරීන්ගේ සහායද ඇතිවය. අන්තිමේදී අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟ එම කඩු සිය ගණනින් පල්ලිවලින් මතුවන විට එය යට ගසන්නටද අදාළ සමාගම මුදල් වියදම් කළේ කෝටි ප්‍රකෝට ගණනිනි. මාධ්‍ය ආයතනවල කටද වැස්සුවේ දැන්වීම් ලබාදෙමින් සහ තෝරාගත් මාධ්‍යවේදීන්ට අතමිට මොළවමිනි. කඩු ගැන කතා කළත් එම කඩු මෙරටට ගෙන්වන ලද සමාගම ගැන මාධ්‍ය ආයතනවලින් හඬක් එළියට නාවේ ඒ නිසාය.
අප්‍රේල් 21 ප්‍රහාර ගැන කෑමොර දෙන විපක්ෂයේ දේශපාලනඥයන්ද කඩු ගැන කතා කළත් කඩු ගෙන්වූ සමාගම ගැන කතාකරන්නට ගියේ නැත. ඒ, වෙන කිසිවක් නිසා නොව විපක්ෂයේ දේශපාලන පක්ෂයක ප්‍රබල පක්ෂ නායකයෙක් සහ අදාළ සමාගම අතර ඇති ළඟ සම්බන්ධය නිසාය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එවක කොළඹ නගරයේ ඉදිකරන ලද තට්ටු නිවාස පිළිසකර කරමින් ඉකුත් ආණ්ඩු සමයේදී අලේප කළේ අදාළ සමාගමේ තීන්තය. වැටී සිටි එම සමාගම ගොඩ ගියේ ඒත් එක්කමය. නමුත් ඒ තීන්තවල පැහැය මාස දෙක තුනක්වත් තිබුණේ නැත. පාට වෙනස් වූයේ බාල තීන්ත ලබාදී තිබුණු බැවිනි. ඒ පිටුපස ඇත්තේ බොහෝ විට කොමිස් කුට්ටි වන්නට පුළුවන.
එකල අදාළ සමාගමට එරෙහිව සෞඛ්‍යමය චෝදනාවක්ද එල්ලවී තිබිණි. ඒ, ඔවුන්ගේ තීන්තවල ඊයම් ඇති බවටය. මිනිස් සිරුරට හානිදායක බව සඳහන් එම ඊයම් චෝදනාවෙන් පවා ඔවුන් නිදහස් වන්නේ දේශපාලනයේ ආනුභාවයෙනි. ඒ පැවැති අණ්ඩුවේ දේශපාලනඥයන් රැසක්ම ඔවුන් මුදලට බිලී බාගෙන තිබුණු බැවිනි. මහා ලොකුවට අප්‍රේල් 21 ගැන කතා කරන විපක්ෂයේ ඒ කිසිදු දේශපාලනඥයෙක් මෙම සමාගම ගැන කතාකරන්නට ගියේ නැත.
මෙම සමාගම කඩු සහ මන්නා තොගය රැගෙනවිත් ඇත්තේ හාඞ්වෙයාර් ආයතනයක නමිනි. එම කඩු රට පුරාම ඔවුන් බෙදාහැර ඇත්තේ පිටකොටුව කේන්ද්‍ර කරගෙනය. ඒ ගැන මූලික විමර්ශන පැවැත්වෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයෙනි. සියල්ල දැන් ඇත්තේ මුදලට යට ගසාය. අඩුම තරමින් මෙරට නීතියට අනුව තහනම් පිහි ආනයනය කිරීම වෙනුවෙන් අදාළ සමාගමට එරෙහිව අදටත් නීතිය ක්‍රියාත්මක වී නැත්තේ එබැවිනි.

SendShareShare
Previous Post

පාතාලය වැඩ පටන් ගනී

Next Post

අපේක්ෂකත්වය ගන්න සජිත්ලා බඩගින්නේ ඉන්න යයි

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.