ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ ප්‍රබල බලවේගය ලෙස කටයුතු කරනු ලැබුවේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාය. මුල් යුගයේ සිට ප්‍රබලතම අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරනු ලැබුවේ පිරිවෙන් සහ පන්සල් යන ආයතනයන්ය. අනුරාධපුර රාජධාණියේ, අභයගිරිය, ජේතවනාරාමය, සිතුල්පව්ව, මිහින්තලය මෙන්ම තිස්සමහාරාමය ආදී විහාර ආශ්‍රිතව දහස් ගණන් පිරිස් අධ්‍යාපනය ලැබූ ආයතන වෙයි.
ඒ අනුව අතීතයේ විහාරස්ථ අධ්‍යාපන ක්‍රමය ප්‍රබල මට්ටමක පැවැතිණි. ඒ අනුව කෝට්ටේ යුගය වන විට විහාරස්ථ අධ්‍යාපන ක්‍රමයෙන් භික්‍ෂුන් වහන්සේලා මෙන්ම ගිහියන්ටද අධ්‍යාපනය ලබා දුන්හ. 1597දී පෘතුගීසීන් ලක්දිව මුහුදුබඩ ප්‍රදේශ අත්පත්කර ගැනීමත් සමඟ බෞද්ධ අධ්‍යාපනයට රාජ්‍ය සහයෝගය නොලැබී ගිය අතර, ඒ වෙනුවට පල්ලිය මූලික කරගෙන රෝමානු කතෝලික අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය විය. 1658දී මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීමත් සමඟ රෝමානු කතෝලික වෙනුවට රෙපරමාදු ආගම මුල්කරගෙන අධ්‍යාපන ක්‍රමයක් බිහිවූ අතර, පැරිස් පාසල් ආරම්භ කරමින් ලන්දේසීහු අධ්‍යාපනයට ගුණාත්මක වර්ධනයක් සිදුකළහ.
ක්‍රි.ව. 1796දී බි්‍රතාන්‍යයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගැනීමත් සමඟ ලන්දේසීන් යටතේ තිබූ අධ්‍යාපන ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබීය. මෙම ක්‍රමය ලන්දේසීන්ගේ අධ්‍යාපන ක්‍රමය පදනම් කරගත්තක් විය. පළමු ආණ්ඩුකාරයා වූ පෙඞ්රික් නෝර්ත් හඳුන්වනු ලැබූ අධ්‍යාපන ක්‍රමය ලන්දේසීන්ගේ අධ්‍යාපන ක්‍රමය පදනම් කරගත්තක් විය.
ක්‍රිස්තියානි ආගමික පරිසරයෙහි බටහිර සිරිත් විරිත් ඉගැන්වෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැංවීම ආණ්ඩුකාරවරයාගේ අරමුණක් විය. ඒ අනුව ක්‍රිස්තියානි ආගමික පරිසරයක් තුළ බටහිර සිරිත්-විරිත් ඉගැන්වීම් ඒ අනුව කතෝලික දහම මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. කතෝලික රජයට අවශ්‍ය ලිපිකරුවන්, මුලාදෑනීන් ආදී පහළ මට්ටමේ වෘත්තීන් සඳහා වූ කොළඹ ඇකඩමිය නම් ආයතන නිර්මාණය කර තිබිණි. එහි මූලික කාර්ය වනුයේ සිංහල ලියවිලි ඉංග්‍රීසියට පරිවර්තය කිරීම වෙයි. ඊට අමතරව මුස්ලිම් ජනතාව සඳහා වූ මද්‍රසාද් නමින් හඳුන්වනු ලබන පාඨශාලා පිහිටුවීමට ක්‍රියා කරන ලදී. ඒ වගේම නෝත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපනය පිණිස විශාල වූ මුදලක් වැය කිරීම ගැන චෝදනා කරමින් ක්‍රි.ව. 1803දී අධ්‍යාපනය සඳහා වූ මුදල පවුම් 5,000 සිට 1,500 දක්වා අඩු කළ යුතු බවට චෝදනා එල්ල කරන ලදී. තෝමස් මෙට්ලන්ඞ් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී තවදුරටත් අධ්‍යාපනය අඩපණ විය.
1812දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බලයට පත්වීමත් සමඟම බි්‍රතාන්‍ය අධ්‍යාපනයේ සුවිශේෂී දියුණුවක් දක්නට ලැබිණි. ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම් මාධ්‍ය ලෙස අධ්‍යාපනය යොදාගත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ මෙකල තරගකාරීව සිටි මිෂනාරි සමාගම්වල සහයෝගයද මේ සඳහා ලබාගන්නා ලදී. ඒ අනුව ලන්ඩන් මිෂනාරී සමාගම මෙතෝදිස්ත සංගමය, එංගලන්ත මිෂනාරී සමාගම් ආදී මිෂනාරී කණ්ඩායම් දිවයිනේ විවිධ ප්‍රදේශවල මිෂනාරි පාසල් ආරම්භ කරන ලදී. ඒ වගේම බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ යුගයේදී 1818දී පස්වැනි ආඩිකන් නමැති පදවිය යටතට රජයේ පාඨශාලා පත්කරන ලදී. ආඩිකන්වරයා එංගලන්ත කතෝලික සභාවේ ලාංකේය නියෝජනය හා පාලනය කිරීම සිදුකරනු ලැබීය. ඒ වගේම අධ්‍යාපනය හා සැලසුම් සිදුකිරීම, පාලනය සිදුකිරීම සිදු කරනු ලැබුවේ කතෝලික සභාවට වාසි සහගත වන අයුරිනි. ඉන්පසුව කෝල්බෲක් කොමිසමේ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වන යුගය වන විට පාඨශාලා වර්ග තුනක් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
- රජයේ පාඨශාලා
- මිෂනාරි සමාගම් යටතේ වූ පාඨශාලා
- පෞද්ගලික පාඨශාලා
ඒ වගේම කෝල්බෲක් කොමිසමේ නිරීක්‍ෂණ අනුව මුහුදුබඩ ප්‍රදේශවල පැරිස් පාසල් 97ක් තිබුණු අතර, ඒවායෙහි කියැවීම, ලිවීම, අංක ගණිතය සමඟ ක්‍රිස්තියානි ධර්මය ප්‍රධාන විෂයන් බවට පත්විය. ඒවා ඉගැන්වූයේ මවු භාෂාවෙනි. කෝල්බෲක් කොමිසමේ යෝජනාවලින් අධ්‍යාපනය සඳහා අවධානය යොමු කරන ලදී.
1954 වර්ෂයේදී පාසල් කොමිසමක් පිහිටුවමින් රජයේ පාස්ලවල වගකීම් ඊට ලබා දීමට කටයුතු කරන ලදී. ඒ වගේම එහි ප්‍රධානත්වය ආඩිකන්වරයාට භාර දෙන ලදී. ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ආරම්භ කරන ලදී. ඒවා මිෂනාරී සමාගම් විසින් පාලනය කෙරිණි. මිෂනාරි පාසල් පැවැති ප්‍රදේශවල රජයේ පාසල් පිහිටුවීම තහනම් කරන ලදී. මේ නිසාවෙන් ප්‍රදේශවල අධ්‍යාපන ක්‍රමයේ එකම බලධාරියා වූයේ මිෂනාරී සමාගම්ය.
ඉංග්‍රීසි රජය යටතේ අධ්‍යාපන අංශයෙහි සංවර්ධනයක් දක්නට ලැබිණි. නමුත් දේශීය ආගමික මධ්‍යස්ථාන මුල්කරගත් පිරිවෙන්හි අධ්‍යාපන මධ්‍යස්ථානවලට කිසිදු සහායක් ලැබුණේ නැත. බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන භික්‍ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් පවතින අතර, ක්‍රිස්තියානි අධ්‍යාපනයට ස්වභාෂා හා දේශීය අධ්‍යාපන ක්‍රමය දුර්වල තත්ත්වයකට පත්විය.
එංගලන්ත සභාවේ නියෝජිත පාසල්වලට කොමිසමේ බලතල පැවරිණි. නමුත් අධ්‍යාපනය ආගමීකරණය වීම නිසා වෙනත් නිකායන්ගේ විරෝධතා ඒ සඳහා එල්ල විය. ඒ නිසා එයද සිදු කිරීමට අපොහොසත් විය.
1841 මැකන්සි ආණ්ඩුකාරවරයාගේ කාලයේදී මාධ්‍ය පාසල් කොමිසම පිහිටුවන ලදී. එබැවින් මේ නිසා අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට කටයුතු කරන ලදී.
දේශීය උගතුන් මෙන්ම විදේශිකයන්ද අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් සඳහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන ලදී. එනිසාවෙන්ම අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කරන ලදී. එය යෝජනා කළේ ජේම් ද අල්විස් සහ මුතු කුමාරස්වාමි යන නිල නොලත් මන්ත්‍රීන්ය. ඉන්පසුව 1865 මෝර්ගන් කමිටුව නමින් කමිටුවක් පත්කරන ලදී. එහිදී මෝර්ගන් කමිටුවේ යෝජනා ලෙස, - අධ්‍යාපන පරිපාලනය සඳහා ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුවක් පිහිටුවීම.
- අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම රජය යටතට පවරා ගැනීම.
- මූලික අධ්‍යාපනය මවු භාෂාවෙන් ලබාදී ද්විතීයික හා උසස් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දීම.
- රජයේ නොවන පාසල්වලට පවා රජයේ ආධාර ලබා දීම.
- කාන්තා අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා බාලිකාවන්ගෙන් ගාස්තු අය නොකිරීම සහ පාසල්වල බාලිකාවන්ට තෑගි ලබාදීම.
- කර්මාන්ත පාසල්, ද්විභාෂා පාසල් මාධ්‍ය පාසල්, ගුරු පුහුණු පාසල්, කොළඹ ඇකඩමිය ආදී වශයෙන් පාසල් වර්ගීකරණය කිරීම හා විෂයමාලා සංශෝධනය සිදුකිරීම.
ආදී යෝජනා සිදුකරන ලදී.
ඒ වගේම 1859 වර්ෂයේදී කොළඹ ඇකඩමියේ කොටසක් ලෙස ක්වීන් කොලීජිය ආරම්භ කරන ලදී. ඒ වගේම එය කල්කටා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොට පවත්වාගෙන යන ලදී. ඒ වගේම තවත් කෘෂිකාර්මික අංශයේ දියුණුවක් ලෙසින් 1884 කොළඹ කෘෂිකාර්මික විද්‍යාලය ආරම්භ කරන ලදී. ඒ වගේම 1893දී රජයේ කාර්මික විද්‍යාල ආරම්භ කරන ලදී. ඒ වගේම රජයෙන්ම වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන ලද්දේ 1870 වර්ෂයේදීය. බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාල පර්යේෂණයන් මෙරටදී සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ වගේම තවත් සුවිශේෂී සිදුවීම වන්නේ මෝර්ගන් කමිටුව සතු බලතල රජයට පවරා දීමයි. එතුළින් ජාතික අධ්‍යාපන ක්‍රමයක ආරම්භය සිදුවූ බව පෙනෙයි. ක්‍රිස්තියානි අධ්‍යාපන ක්‍රමය බි්‍රතාන්‍යයන් යටතේ තවදුරටත් ශක්තිමත් වන විට බෞද්ධ හින්දු පාසල් තවදුරටත් ශක්තිමත් වූ බව පැහැදිලි වෙයි.
ඒ අනුව 1906 අංක 5 දරන නාගරික පාඨශාලා ආඥා පනත නීතිගත කොට ස්වභාෂා අධ්‍යාපනය අනිවාර්ය කෙරිණි. මෙලෙසින් ක්‍රමක්‍රමයෙන් අධ්‍යාපනික දියුණුවක් දක්නට ලැබිණි.
කාංචනා මධුවන්ති රත්නායක











