• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවේ HEART TO HEART වෙතින් ලංකාවට ඩොලර් මිලියන ගණනක බෙහෙත්! තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි!

December 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකාවේ HEART TO HEART වෙතින් ලංකාවට ඩොලර් මිලියන ගණනක බෙහෙත්! තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි!
Share on WhatsAppShare on Facebook

තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, HEART TO HEART INTERNATIONAL ආයතනය තුන්වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය ආධාර තොගයක් යැවීම සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතිය ලබාගෙන ඇති අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් ඇ.ඩො. 7,270,756.31 (රු. බිලියන 2.7) ක් වේ. නවතම පරිත්‍යාගයට අධි රුධිර පීඩනය සහ අනෙකුත් හෘද රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වූ Propranolol Hydrochloride සහ Labetalol HCL සහ ශරීරයේ අඩු පොටෑසියම් මට්ටමට ප්‍රතිකාර කිරීම සඳහා වූ Potassium Chloride වැනි හදිසි ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුළත් වන අතර අවපීඩනය, භින්නෝන්මාදය, බයිපෝල අක්‍රමිකතා වැනි ඇතැම් මානසික තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා Quetiapine Fumarate ද, රුධිරයේ අධික යූරික් අම්ල මට්ටම අඩු කිරීමට සහ රක්තවාතය (ආතරයිටිස් ආකාරයක්) වැළැක්වීමට Allopurinol ද ඇතුලත් වේ.

වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවාසී ජනතාව කෙරෙහි දක්වන ලද පරිත්‍යාගශීලීත්වය වෙනුවෙන් HEART TO HEART INTERNATIONAL වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මෙම තානාපති කාර්යාලය සම්බන්ධීකරණයෙන්, තෙවැනි ඖෂධ පරිත්‍යාගය 2022 දෙසැම්බර් 29වැනි දින ගුවනින් කොළඹට ළඟා වීමට නියමිතය. පෙර පරිත්‍යාගවලදී පරිදිම, මේ සම්බන්ධ සියලු වියදම් HEART TO HEART INTERNATIONAL විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකාවට කිසිදු වියදමකින් තොරව ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පරිත්‍යාගය භාරගනු ඇත.

මේ වන විට HEART TO HEART INTERNATIONAL ආයතනය විසින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබා දුන් මුළු පරිත්‍යාගවල වටිනාකම දළ වශයෙන් ඇ.ඩො. 19,915,909.38 වේ. (රු. බිලියන 7.4)

කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා හි මූලස්ථානය පිහිටි HEART TO HEART INTERNATIONAL (HHI) ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.5 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙම ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත්වලදී, වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලගැන්වීම මගින් ප්‍රතිචාර දක්වා ඇත. මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය “Philanthropy 400” හිද ඇතුලත් ආයතනයකි.

SendShareShare
Previous Post

ඡන්දෙ කල් දාගන්න අන්තිම ට්‍රයි එක දෙන්න ව්‍යවස්ථාදායක සභාව කොහොමහරි අද පත්කරගැනීමේ සූදානමක්! විපක්ෂනායකට ලොකු බලපෑම් කරන්නත් සූදානම්! මුලු විපක්ෂයම අද බලාගෙන ඉඳී!

Next Post

අතන මෙතන වාහන නවත්තලා යන්න එපා! CCTV තිබ්බා කියලා හොරුන්ට කිසි ගාණක් නෑ! බලන්න මේ හොරා වාහනේ ඉස්සරහා කුඩු කරලා හෙඩ්ලයිට් දෙකම ගලවන් යන හැටි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.