• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙම්වතාට වට්ස්ඇප් පණිවුඩයක් යවා ජීවිතය හැර ගිය ලස්සන සචිනි!

December 25, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පෙම්වතාට වට්ස්ඇප් පණිවුඩයක් යවා ජීවිතය හැර ගිය ලස්සන සචිනි!
Share on WhatsAppShare on Facebook

දරුවෙක්ට තමන්ගෙ අම්මාගෙන් තාත්තාගෙන් ලබන ආදරය හැරුණාම වෙනත් කෙනකුගෙන් ආදරය ලබනවා නම් ඒ තුරුණු වියේදී ජීවිතයට ළං වන තම පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන්ය.

එලෙස ආදරෙන් බැඳෙන ඒ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගෙ හදවතේ ලැගුම් ගන්නවා. ඒත් අපි හිතන විදියට අපි බලාපොරොත්තු වෙන විදියට ඒ ආදර හීනය සැබෑ කරගන්න ලැබෙන්නේ කියෙන් කී දෙනාටද? වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් ආදරය කරන්නේ සල්ලිවලට, එහෙමත් නැත්නම් කාමුක හැඟීම්වලට. යහපත් ගුණධර්ම වර්තමාන සමාජයෙන් ගිලිහිලා ගිහින්. ආදරය කියන වචනයේ සැබෑ අරුතවත් අද ඉන්න බොහෝ අය දන්නේ නැහැ. ඒ නිසාම තමයි ආදරය විඳින පිරිසට වඩා ආදරයෙන් දුක්විඳින, ආදරයෙන් වේදනාවට පත්වෙලා ජීවිත හැර යන පිරිස වැඩිවී තිබෙන්නේ. තම ආදරවන්තයා කෙරෙහි දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙන ආදරයෙන් බැඳුණු තරුණියක් ගෙල වැලලාගෙන සියදිවි නසාගත් ශෝචනීය පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබුණේ මේ තත්ත්වය තව තවත් තහවුරු කරමින්ය. මේ ශෝචනීය සිදුවීම සිදුව තිබුණේ පසුගිය 18 වැනිදා රාත්‍රී 7.25ට පමණය.

පෙම්වතාට වට්ස්ඇප් පණිවුඩයක් යැවූ මේ තරුණිය ජීවිතය අහිමි කරගෙන තිබුණේ සමස්ත තරුණ පරපුරටම වැදගත් පණිවුඩයක් කියා දෙමින්. එලෙස ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වතුපිටිවල රණවිරුගම පදිංචිව සිටි 21 හැවිරිදි සචිනි ගයත්‍රී නමැති රූමත් තරුණියකි. ඇගේ පෙම්වතා වූයේ නිට්ටඹුව හුබුටියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ. මියගිය තරුණිය තම පෙම්වතාට යවා තිබූ අවසන් වට්ස්ඇප් පණිවුඩයේ මෙලෙස සඳහන්ව තිබුණේය.

‘ඔයා බොරු දේවල්වලට මාව ඇදලා දාලා මේ පාර ඇවිල්ලා ජනේලෙට තට්ටු කරාට අරින්නේ නැතිවෙයි ගොඩාක් පින්….
මං ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා ඔහොම කරලා ගොඩක් සතුටු වෙයි. මේ මගේ අන්තිම මැසේජ් එක. ඔයා එක්ක ඉන්න තමා හැමදාම හීන මැව්වේ. ඒත් ඔයා මම කරපු නැති දේකට මාව පටලවන්න හැදුවා. ඔයා මෙච්චර කල් මට දුන්න දුක ඇති. බොරුවට කියන්නේ කියලා හිතන්න එපා. ආයෙමත් එන දවසක බලන්න මම නැහැ. මං යනවා සුදූ මේ ඇත්තමයි… මං මගේ අම්මාට අන්තිම පාරට කතා කරනවා. මං කතා කළේ නැහැ. මට කතා කරන්න ඕනේ. ඒත් කතා කරන්නේ නැහැ.
ආයේ මං කතා කරන්නේ නැහැ ඔයාට… I Love You…! ඔයා මට මේ කරපු දේට ඇත්තටම ඔයාට දවසක විඳවන්න වේවි. මට මෙච්චර දුකක් දීලා මං නොකරපු දේකට මාව අල්ලලා, මට ආදරේ නොකර මාව මෙහෙම අසරණ කළාට ගොඩාක් පින් ඔයාට… දවසක කල්පනා කරලා බලන්න මොකද්ද කළේ කියලා. ඔයා සතුටින් ඉන්න…’

මෙම පණිවුඩය ලැබීමෙන් පසු මේ පෙම්වතා කිහිප වතාවක්ම ඇයට දුරකතන ඇමතුම් ලබාගත්තත් ඒ එකදු ඇමතුමකටවත් ඇය ප්‍රතිචාර දක්වා නැහැ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පෙම්වතා තම මිතුරකුද සමග පෙම්වතිය පදිංචි වේයන්ගොඩ දංවිලාන පිහිටි කුලී නිවෙස වෙත බයිසිකලයකින් පැමිණ තිබුණා. පෙම්වතා දිනපතාම ඇයට තුන් වේලටම ආහාර ගෙනැවිත් දීම පුරුද්දක් වශයෙන් කළ බවත්, තරුණිය මියගිය දිනයේද ඔහු ඇයට ආහාර ගෙනැවිත් දී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. කෙසේ වෙතත් තරුණියගේ වට්ස්ඇප් පණිවුඩයෙන් කලබල වූ පෙම්වතා ඇගේ නිවෙසට පැමිණ කිහිප වතාවක් දොරට තට්ටු කළත් එය විවෘත නොකිරීම නිසා ඔහු පෙම්වතිය පදිංචි කුලී නිවෙසේ හිමිකරුගෙන් ඒ පිළිබඳ විමසා තිබුණා. එහෙත් නිවෙසේ හිමිකරුවන් පවසා ඇත්තේ තරුණිය එහි සිටිනවාද නැද්ද යන්න තමන් නොදන්නා බවයි. ඒ අනුව පෙම්වතා නිවෙසේ වහලට නැඟ උළුකැට කිහිපයක් ඉවත් කර කාමරය තුළට බැස ඇති අතර, එහිදී ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ ඇඳ ඇතිරිල්ලෙන් ගෙල වැලලාගෙන සිටි තම පෙම්වතියයි. ඔහු සිය මිතුරාද සමග වහාම ක්‍රියාත්මක වී තරුණියව ඉන් ගලවාගෙන රෝහල වෙත රැගෙන යෑමට යතුරුපැදියෙන්ම පිටත්ව ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණිය රැගෙන යන අතරතුර එම යතුරුපැදියේ ඉන්ධන අවසන්ව තිබුණේ නොසිතූ ලෙසයි. ඒ අනුව තරුණයන් දෙදෙනා යතුරුපැදිය සහ තරුණියව නිට්ටඹුව පින්නගොල්ලවත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක දමා යන්නට කටයුතු කර ඇත. ඉන් අනතුරුව පෙම්වතා වේයන්ගොඩ පොලිසියට ගොස් පවසා තිබුණේ තරුණිය රෝහලට රැගෙන යන අතරතුර යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම නිසා ඇයව කැලයේ අතහැර දමා ආ බවයි. කෙසේ වෙතත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබුණේ යතුරුපැදියේ පැමිණි තරුණයන් දෙදෙනා මේ සිදුවීමෙන් පසුව පොලිසි දෙකකට ගොස් භාරවී තිබූ බවයි. තරුණයන් දෙදෙනා තරුණියවද රැගෙන යතුරුපැදියෙන් ගමන් කරන සී.සී.ටී.වී. දර්ශනද පොලිසියේ විමර්ශන නිලධාරීන් පරීක්ෂා කළා. තරුණිය අවසන් වරට ලබාගත් ඡායාරූප කිහිපයක්ද පෙම්වතාට එවා ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබුණා. තරුණයන් ලබාදුන් තොරතුරට අනුව තරුණියගේ මළ සිරුර සොයාගත් අතර, ඇගේ දකුණු පාදය යතුරුපැදියේ සයිලන්සරයට සිරවීම නිසා සිදුවූ තුවාලයක්ද දක්නට ලැබුණා.

මේ අතරතුර කුලී නිවෙසේ හිමිකාර යුවළද තරුණිය අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ගොනු කිරීමට වේයන්ගොඩ පොලිසියට පැමිණ තිබුණා. එහිදී පොලිස් නිලධාරීන් එම යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එහිදී ඔවුන්ට සිදුවීම පිළිබඳ සත්‍ය හෙළිකරන්නට සිදුවුණා. තරුණිය අතුරුදන්ව නැති බවත්, තරුණියගේ පෙම්වතා සහ තවත් මිතුරකු පැමිණ වහලයෙන් කාමරය තුළට ඇතුළුවී ගෙල වැලලාගත් තරුණිය තොණ්ඩුවෙන් ඉවත් කරගෙන යතුරුපැදියෙන් රැගෙන ගිය බවත් ඔවුන් පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

මෙලෙස මියගිය සචිනි මීට වසරකට පමණ පෙර මෙම තරුණයා සමග ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, ඊට සිය මවුපියන්ගේ දැඩි විරෝධය එල්ල වීම නිසා ඇය මවුපියන්ගෙන් වෙන්ව කුලී නිවෙසක ජීවත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඇය ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිට ඇති බවත්, ඇය හමුවීමට පෙම්වතා නිරන්තරයෙන් එහි පැමිණි බවත් පොලිස් විමර්ශනවලදී හෙළිකර ගැනුණා.

වේයන්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීන් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 19 වැනිදා වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා විසින් සිදුකරනු ලැබුවා. එහිදී තහවුරු කෙරුණේ තරුණිය මියයෑමට හේතුව ගෙල වැලලාගැනීම හේතුවෙන් ශරීර අභ්‍යන්තර අවයවවලට හානි වීම බවයි.

මේ හැම දෙනාගේම ජීවිත තුළ දුක සතුට වේදනාව ගැබ්වෙලා තිබෙනවා. අපේ ජීවිතවලට නොවෙනස් වන ආදරයක් ලැබුණා නම් ඒ අපේ මවුපියන්ගෙන්ම පමණයි. අපි මානසිකව වැටෙන හැම වෙලාවකම අපේ ශක්තියට අපේ මවුපියන් හිටියා. ජීවිතවලට එන අනපේක්ෂිත ප්‍රශ්නවලට මුහුණ දීමට අපි දරාගැනීමේ ශක්තිය ගොඩනගාගත යුතුයි. බැඳීම් තාවකාලික බව නිතරම සිතට ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට ජීවත් වෙන්න පහසුයි. අපි අවුරුදු සිය ගණනක් ජීවත් වෙන්න නෙවෙයි මේ ලෝකෙට එන්නේ. ලස්සනට ජීවිතය ගතකරලා මේ ලෝකය හැර යන්නයි. පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ වගකීම් තේරුම් ගෙන සතුටෙන් ආදරයෙන් ජීවත් වීමයි කළ යුත්තේ. තමන්ට නොගැළපෙන පෙම්වතෙක් පෙම්වතියක් නිසා විඳව විඳවා ඉන්නේ නැතුව ඒ ජීවිතවලින් ඈත්වෙලා හිත ශක්තිමත් කරගෙන ධාර්මික ජීවන රටාවකට යොමුවී මනස සකස් කරගන්න තරුණ තරුණියන්ට පුළුවන් නම් ඒක තමයි ජීවිතයක සැබෑම ජයග්‍රාහණය වන්නේ. නමුත් වර්තමානයේ තරුණ තරුණියන් මෙවැනි ප්‍රශ්න හමුවේ තව තවත් ප්‍රශ්න වැඩිවන දිශාවටයි ගමන් කරන්නේ. මානසික ප්‍රශ්නවලින් හෙම්බත් වන ඔවුන් විශාදය වැනි දරුණු මානසික රෝගී තත්ත්වයන්ට පත්ව අවසන සියදිවි හානිකර ගැනීමට පවා පෙලඹෙන අයුරු දිනෙන් දින වාර්තා වන සිදුවීම්වලින් පෙනී යනවා.

අපි හැම මොහොතේම සිතිය යුත්තේ අපිට ලැබී ඇති ලස්සන ජීවිතයට වටිනාකමක් දිය යුත්තේ කෙසේද යන්නයි.
සචිනි වත්මන් පරපුරේ පෙම්වතුන්ට පෙම්වතියන්ට වටිනා පාඩමක් කියා දුන්නා. ‘තරුණ ජීවිතවල හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා’ කියලා සචිනි යන්න ගිහින්. ඔයා ආදරය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා. දස මාසයක් කුස තියන් හදපු අම්මා තාත්තා අතහැරලා ඔයා ගෙදරින් පිටව ආවේ ඒ අම්මා තාත්තාව අමතක කරලා. ඒ මවුපියන්ගේ ආදරයටත් වඩා ආදරයක් ඔයාගේ පෙම්වතාගෙන් ලැබේවි යන බලාපොරොත්තුවෙන්. නමුත් ඔයා බලාපොරොත්තු වුණු ආදරයේ සිහින බොඳවෙනකොට ඒ ආදරය නොලැබෙනකොට ඔයා දහස් වරක් අසරණ වන්නට ඇති. දරාගන්නට බැරිම තැන ඔයා හැම දේම අතහරින්නට ඇති. නමුත් සචිනි ඔයා මේ ප්‍රශ්නවලට ඥානාන්විතව මුහුණ දුන්නා නම් අදත් ඔයා ජීවතුන් අතර ඉන්නවා. මතු උපදින කිසිදු භවයක ඔයාට මෙවන් අකල් මරණයක් උරුම නොවේවා කියලා ‘මව්රට’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුබ ගමන් සචිනි…



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රටට පීඩන අවපාතයක් ඇතුලු වෙයි! අද දවසෙම වැස්ස තමයි! හෙට වෙනකම් මෙහෙමයි!

Next Post

එක දිගට පැය 5ක් වහී! නුවර ටවුන් එක යටවෙයි! ස්ටේෂන් එක ජලාශයක් වෙයි! (VIDEO)

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.