ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා තලවතුගොඩ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණ.
මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීව සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාය.
කෙසේවෙතත් උත්සවය අතරතුරදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැමිණෙද්දී රැස්ව සිටි පිරිස් කෑ ගසමින් හූ තැබීමය.
ඒ අනුව සංවිධායකයන් විසින් වහාම විදුලි ආලෝක නිවා දමා ශාලාව අදුරු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඊට අදාළ වීඩියෝ කොටස පහත දැක්වෙන අතර මෙහි සම්පූර්ණ වීඩියෝවද අප සතුය.










