සීදුව, කොටුගොඩ, ගලිගන්එළිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු කළ වෙඩිතැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණි.
පොලිසිය පැවසුවේ පිස්තෝලකරු විසින් ආදළ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 11ක් පමණ එල්ලකර ඇති බවය.
අද පෙරවරු 7ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
වෙඩිකරුවන්ගේ ඉලක්කය වී තිබුණේ උදෑසන ආහාරය රැගෙන යාමට පැමිණ සිටි පුද්ගලයෙකි.
පොලිසිය පැවසුවේ ප්‍රදේශයේ කොළ කැඳ අලෙවිකරන ස්ථානයකට යතුරුපැදියෙන් පැමිණි එම පුද්ගලයා ලුහුබැඳි තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.
එම වෙඩිතැබීම අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණි.










