• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ගේ බෑග් චෙක් කරනවා කුඩු අල්ලන්න! අහුවෙන්නෙ කුඩු නෙමෙයි කෑම නැති හිස් කෑම පෙට්ටි පමණයි! චෙක් කරන්න ඕන ළමයින්ව නෙමෙයි කුඩු ගේන ලොකු ලොකු අයව! කිලිනොච්චියේ දරුවන්ටත් බස් එකක් අරගෙන ගිය විපක්ෂනායක මෙහෙම කියයි! (VIDEO & PHOTOS)

December 21, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
දරුවන්ගේ බෑග් චෙක් කරනවා කුඩු අල්ලන්න! අහුවෙන්නෙ කුඩු නෙමෙයි කෑම නැති හිස් කෑම පෙට්ටි පමණයි! චෙක් කරන්න ඕන ළමයින්ව නෙමෙයි කුඩු ගේන ලොකු ලොකු අයව! කිලිනොච්චියේ දරුවන්ටත් බස් එකක් අරගෙන ගිය විපක්ෂනායක මෙහෙම කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත්,එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ටි සහිත බෑග් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවත් ඒ මහතා පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 45 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට අද (20) විපක්ෂ නායකතුමා විසින් පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කීය.

පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් දෙමාපියන්ට කන්න දෙන්න විදිහක් නැති අවස්ථාවක ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ පාසල් බෑග් පරීක්ෂා කිරීම නොව ඔවුන්ට නිසි පෝෂණයක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු මෙරට 43 ලක්ෂයක් වූ පාසල් දූ දරුවන්ට පාසල් කාලයේ දී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන බව පැවසීය.

දෙවැනි ලෝක සංග්‍රාමයේ දී න්‍යෂ්ටික අවි ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට පතිත කිරීම තුළ විශාල විනාශයක් එකී නගර තුළ සිදු වුවත් නැවත ජපානය හිස ඔසවා ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට පත් වූයේ නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම තුළින් බවත් ෆින්ලන්තය වැනි රටවල් සියවසක් ඉදිරියට අධ්‍යාපන සැලසුම් නිර්මාණය කර දියුණු අධ්‍යාපන ගමනක් ක්‍රියාත්මක කරන බවත් එමෙන් ම වියට්නාමය වැනි රටවල් තාක්ෂණික සහ කාර්මික අංශයෙන් විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත්තේ අධ්‍යාපනය ශක්තිමත් කිරිම තුළින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම කාලාන්තරයක් පුරා අපේ රටේ ඇත්තේ ගිරව් වැනි කටපාඩම් කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් වුවත් අප රටට අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

පිළියන්දලදී පොලිස් වීරයා රංගජීවට වෙඩි තිබ්බ පාතාලයාත් ඉන්දියාවේදී අල්ලපු නව දෙනා අතර! නම ආමි අසිත! EXCLUSIVE

Next Post

විදුලි ඉංජිනේරුවන් කියපු කතාව උපයෝගිතා කොමිසමේ සභාපතිත් තහවුරු කරයි! අලුත් අවුරුද්දේ පැය 8ක් 10ක් කරන්ට් කපන්න සිද්ධ වේවි!

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.