• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්න රැසකට වාසනාව උදාකරන්න ගුරු ලෑස්තියි

August 19, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
ලග්න රැසකට වාසනාව උදාකරන්න ගුරු ලෑස්තියි
Share on WhatsAppShare on Facebook


ලග්න රැසකට සුබපල උදාකරමින් අගෝස්තු මස 11 වන දා සුරගුරු වක්‍රයෙන් මිදෙයි


සිවු මසකට පසු එළඹෙන අගෝස්තු මස 11 වැනි දා සිට ග්‍රහ ලොව ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සිය අසුබ වක්‍ර ග්‍රහ ගමනින් මිදී, නිවෘතව සුබපල උදාකරනු ඇත-



මේ වන විට වෘශ්චික රාශියේ බුධට අයත් දෙට නැකතේ දෙවැනි පාදයේ වක්‍ර ගමනක යෙදී සිටින බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා එළඹෙන 2019 අගෝස්තු මස 11 වැනි ඉරිදා දින සවස 07-09 ට සිය වක්‍ර භාවයෙන් මිදී වෘශ්චිකයේ නිවෘත භාවයට පත්වනු ඇත- නොවැම්බර් 05 වන දින ධනු රාශියට ගමන් කරයි. ඒ අනුව ගුරු වැනි අතිශය සුබ ග්‍රහයෙකු රාශි චක්‍රයේ වක්‍රවීම හෙවත් පසුපසට ගමන් කිරීම එම ගුරුගෙන් ලැබෙන අතිශය සුබ ප්‍රතිඵල නෙැලැබී යාමකි- ඒ අනුව එම අසුබ තත්ත්වය දුරු කරමින් මෙම නිවෘත වීමත් සමගින් සුබ ප්‍රතිඵල ඉදිරි කාලය තුළ නොඅඩුව ලැබෙනු ඇත- මෙම ගුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම හේතුවෙන් පොදුවේ වෘශ්චික, ධනු, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, තුලා, යන ලග්න හිමියන්ටත් ගුරු මහදශා හා අතුරු දශා ගත කරන්නන්ටත් හා විශේෂයෙන් හෘද රෝග ඇති අයටත්, භික්ෂූන් වහන්සේ ඇතූඵ පූජක පක්ෂය ටත් මෙම ගුරු වක්‍රයෙන් මිදීම බෙහෙවින් සුබ දායක තත්වයකි-
එසේම මෙම ගුරු වක්‍රයෙන් මිදීම හේතුවෙන් වෘශ්චික ලග්න හිමි ඔබට මෙම වසර සියලු අංශවලින් බෙහෙවින්ම සුබ දායක වන අතර කටක ලග්න හිමි කාන්තාවන්ට ඉකුත් කාලය තුළ ප්‍රමාද වූ දරුඵල වාසනාව හිමිවන අතර වෘෂභ ලග්නය හිමි ඔබගේ මෙතෙක් ඉටු නොවූ විවාහ කටයුතු මෙම කාලය තුළ සාර්ථක වීමේ ප්‍රවණතාවක් උදාවනු ඇත. මිථුන ලග්න හිමි ඔබට සහෝදර සෙහෝදරියන්ගෙන් උපකාර හා උදව් හිමිවන කාලයක් වනු ඇත. සිංහ හා තුලා ලග්න හිමියන්ට තම ආර්ථික හා ව්‍යාපාර අංශවලින් සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මෙම ගුරු වක්‍රයෙන් මිදීම මේෂ ලග්න හිමියන්ගේ රැකියා කටයුතු වලට සුබදායක වන ග්‍රහ මාරුවක් වනු නොනුමානය. ධනු හා කන්‍යා ලග්න හිමියන්ගේ මෙතෙක් ප්‍රමාද වූ විදෙස් ගමන් බලාපොරොත්තු ඉටුවන කාලයක් වීමට ඉඩ ඇත. මකර ලග්න ඔබට මධ්‍යම ඵල උදාවන අතර හ කුම්භ ලග්න හිමි ඔබගේ විවාහ කටයුතුවලට සුබදායක වන්නේය. මීන ලග්න හිමි ඔබගේ මෙතෙක් සුවවීමට ප්‍රමාද වූ රෝගාබාධ සුව වනු ඇත.
පොදුවේ රට වශයෙන් ගත් කල මෙම කාලසීමාව තුළ පසුගිය කාලයේ ජනතාව අතර පැවති නොසන්සුන්කාරී තත්ව හා නීති විරෝධී ක්‍රියා යම් පමණකට පහව යනු ඇත- රාජ්‍ය පාලක ඇත්තන්ට පසුගිය කාලයේ පැවතී බාධාකාරී තත්ත්ව අඩු වන කාල සීමාවකි- අධ්‍යාපනය, නීතිය වැනි අංශවල කැපීපෙනෙන දියුණුවක් ඇති වන කාලයකි- රටට විදේශ ආධාර හා උදව් හිමිවනු ඇත- නීති විරෝධී ක්‍රියාවන් හා අයථා ක්‍රමවලින් මුදල් උපයා ගත් අය මෙන්ම එවැනි නීති විරෝධී ආයතන මෙම කාලසීමාව තුළ රටට හෙළිවනු ඇත-
ගුරුගේ පාලනය යටතේ පවතින විෂයන් ගණනාවකි. එනම්, රටේ වැදගත්ම මහා භාණ්ඩාගාරය, අධ්‍යාපනය, නීතිය, ආගම, දර්ශනය, බැංකු හා වෙළෙඳ ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, හමුදා බැරැක්ක, විහාරස්ථාන, රක්ෂණ සමාගම් වැනි ඉතාම වැදගත් ස්ථාන ගණනාවක්ම ගුරුට හිමිය. මෙම අංශයන්වල දියුණුවක් ඇති වන කාල සීමාවකි-
ගුරු ලග්න භාවයේ සිටින අයගේ ශරීර මහත් වේ. ඔබ අප ජීවත් වන පෘථිවියට මඳක් ඈතින් ගුරු සිටියද ඔහුගේ බලපෑමේ කිරණ ශක්තිය නිරතුරුවම ඔබට ලබාදෙනු ඇත. අහස පැහැදිලි කාලයේදී කහපාටින් බබලන බ්‍රහස්පති ඔබට පහසුවෙන් හදුනාගත හැකිය. සුරගුරුට උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් 16 දෙනෙකු සිටිනා අතර ග්‍රහ මණ්ඩලයේ සුබම සුබ පුරුෂ ග්‍රහ තාරකාව ද වන්නේය. ගුරුගේ ඥාානය, නැණවත් බව, නිරහංකාර බව, පරිත්‍යාගශීලි බව, ධර්මිෂ්ඨ බව, විනීත බව මෙන්ම ගුණ ධර්මාදීන්ගෙන් පිරිපුන් බව නිසාවෙන්ම ග්‍රහ මණ්ඩලයේ ගුරුට අභියෝග කිරීමට අන් ග්‍රහයන්ට නොහැකිය. ගුරු අන්‍යයන්ට ආදරය හා කරුණාව දැක්වීම නිසා ඔහුට කවුරුත් ඉතාම කැමතිය. බ්‍රහස්පති යමක් විසුරුවාහරින ග්‍රහයා නිසාවෙන් ඔහුගේ යෝග වීමක් නැතහොත් එක්වීමක් හෝ දෘෂ්ටියක් ලැබූ පමණකින්ම කෝටියක් දෝෂ භංග වී නැති වී යයි. එවිට නිතැතින්ම සුබ පල උදාවනු ඇත. එපමණක්ද නොව අසුබම ග්‍රහයෙකුට :රවි, කුජ, ශනි, රාහු, කේතු* ගුරුගේ දෘෂ්ටියක් වැටුණු කල එම අසුබ නැතිවි සුබ භාවයට පත්වේ. එය සුරගුරු හට ඇති ප්‍රමුඛ ගුණයකි. මෙම ග්‍රහයා හට ප්‍රධාන වශයෙන් පුත්‍ර කාරකත්වය හිමි අතර ඥාානකාරකත්වය මෙන්ම ධනකාරක හා අධ්‍යාපන නෑකමක්ද ඔහුට හිමිය. මෙම ග්‍රහයා යෝගවීම් මත ගුරු හංස, වැනි පංච මහා පුරුෂ යෝග හා ගජ කේශරි, රණහංස, භූමිපාල, ජයසිදු වැනි ඉතා සුබ යෝග මෙන්ම සකට වැනි අසුබ යෝගද උදාවේ. ගුරු බලවත්ව ජන්ම පතේ පිහිටා සිටියද, රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහ දෘෂ්ටියකට ලක් වුවහොත් ඔහුගේ සුබ පල අඩුවනු ඇත. ඒ කෙසේ වුවත් අන් ග්‍රහයන් මෙන් පාප දෘෂ්ටිවලින් පහසුවෙන් මෙම ග්‍රහයා දුර්වල කළ නොහැක. පුරාණයේ සිටම බ්‍රහස්පතිට ගුරු මෙන් සලකනු ලබයි. සෑම ජාතියක්ම හා ආගමක්ම ඔහුව උසස් අන්දමින් සලකනු ලබයි. ඒ නිසාවෙන් බ්‍රහස්පතිට ගුරුන් වහන්සේ, යුක්තිය පසඳින්නා ආදී නම්ද භාවිත වේ. අශ්වයන්ට, ඇතුන්ට, මුවන්ට, ගෝනුන්ට හා ගෘහවාසී සතුනට හා මොනරාදී පක්ෂීන්ටද මෙම ග්‍රහයා අධිපති වන්නේය. ගුරු හට ධනු හා මීන යන දෙරැසේ ලග්නාධිපති අයිතියද හිමිය. එම නිසා ගුරු එම ලග්න දෙකට අයිතිකරුය.
ධනු හා මීන යන රාශි දෙක ගුරුගේ නිවස්නයන් හෙවත් ස්වක්ෂේත්‍ර වූ බලගතු රාශි දෙක වෙය. බ්‍රහස්පති පසුගිය ජුනි 19 වැනිදා ගොඩවූ කටකයේදී ඔහුගේ බලය බෙහෙවින් වැඩි අතර ඔහු එහිදී උව්ඡය. ඉතා බලවත්ය. මකරයේදී කිසිදු බලයක් නැති නීචයෙකු වන අතර මේෂ, සිංහ, වෘශ්වික තෙරැසේදී මිත්‍රයෙකි. කුම්භය ගුරු හට ගුණ අගුණ නොමැති සම රාශියක් වන අතර වෘෂභ, මිථුන, කන්‍යා, තුලා යන රාශි ගුරුගේ සතුරන්ය. පුනාවස, විසා හා පුවපුටුප යන නැකැත් සුරගුරුගේ පාලනයේ පවතින අතර බ්‍රහස්පතින්දා දිනයටද ගුරු හට පූර්ණ අයිතියක් ඇත. පුෂ්පරාගය ගුරු ගේ පාෂාණයයි.
කීර්තිය, ප්‍රශංසාව, දීර්ඝ ගමන් යාම, පිට පළාත් වල ජීවත් වීම, මෙන්ම උගතුන්ගේ වාසස්ථාන මෙන්ම ප්‍රභූන්, සීයලා හා මුණුබුරන්ටද ගුරුගේ අධිපතිත්වය හිමිය. මෙම ග්‍රහයා අසුබ වූ කල අක්ෂි රෝග, නිදි මතගතිය, දියවැඩියාව, චර්ම රෝග, සෙංගමාලය, සිහි විකල් බව, ශරීරය අධික ලෙස මහත් වීම, ස්ත්‍රීන්ගේ ඇඟ උණුකරවා යාම, උණ මෙන්ම මුත්‍රා සමග ධාතු පහවිම වැනි රෝගාබාධ හටගැනීමටද හැකියාව පවතී. මා ඔබේ ජන්ම පත්‍රයේ 6, 8, 12, රාශිගත වීම හෝ 22 වැනි දෙර්කාණාධිපති, 64 වැනි නවාංශකාධිපති, හෝ බාධක හා මාරක ග්‍රහයා වීම මත ගුරු හට ඔබට එතරම් සුබ පල ගෙන දීමට නොහැකි වේ. නමුත් බ්‍රහස්පති කිසිවිටක අන් ග්‍රහයන් මෙන් ඔබට කරදර කරන්නේ නැත. ඔබ මරාදමන්නේ ද නැත.
කෙනෙකු උප දින විට ගුරු ඔහුගේ ලග්න රාශි ගතව එනම් පළමු වැන්නේ බලවත්ව සිටි විට කෝටියක් දෝෂ භංග වී අතිශය සුබ පල උදා වේ. ඊට හේතු වන්නේ ලග්නයේ සිටින විට ඔහු හට 5, 7, 9 යන ඉතා වැදගත් රාශි තුනම පෙනෙන නිසාවෙනි. පස්වැන්න යනු පුත්‍ර ස්ථානය හා අධ්‍යාපනය නිසාත් හත්වැන්න යනු කාලත්‍ර ස්ථානය හෙවත් විවාහ ස්ථානය නිසාත් නම වැන්න යනු භාග්‍ය ස්ථානය නිසාත් ගුරු ගේ දෘෂ්ටියෙන් එම ස්ථාන 3ටම පිරිපුන් බලවත් ශක්තියක් ලැබේ. ඒ නිසා ඔහු සිංහ හා වෘෂභ ලග්න දෙක හැර අන් ලග්න 10 යටම ඉතා බලවත්ය. එවිට ධනය කීර්තිය ඥාානය දියුණුව ලැබේ. ඊට අමතරව 2, 4, 5, 7 විවාහයට හැර, 9, 10 හා 11 ගුරු හට ඉතාම සුබ ස්ථාන වේ. 3, 6, 8, 12, එතරම් සුබදායක නැත. එහෙත් එම ස්ථානවලදීද අනෙක් ග්‍රහයන් මෙන් බ්‍රහස්පති දඩබ්බර නොවේ. ගුරු ආසන්න වශයෙන් වසර 12කට වැඩි කාලයකදී ග්‍රහ වළල්ල වටේ හෙවත් ඔබේ ජන්ම පතේ කොටු 12ටම ගමන් කරයි. එසේ යන ඔහුට සුබවාදී රාශි බොහොමයකි. එනම් 2, 5, 7, 9, 11 යන රාශිවලදී ඔහු බොහෝ හොද ප්‍රතිඵල උදා කරයි. නමුත් 1, 3, 4, 6, 8, 10, 12 යන රාශිවලදී නම් එතරම් සුබඵල ගෙනදීමට නොහැක.
උපතින් ගුරු බලවත් වූවෝ තමාගෙන් තමන්ටත්, එමෙන්ම තමාගෙන් අනුන්ටත් අල්ප හෝ අනර්ථයක්, කරදරයක් නොවන සේ ජීවන ප්‍රවෘත්තිය ගෙන යෑමට දනිති. අනුනට උපකාරයක් මිස අපකාරයක් නොවන සේ කටයුතු කරති. ගුරුගේ බලයට සාපේක්ෂව සිත කය වචනය පිරිසිදුව පවත්වාගෙන යති. මධ්‍යස්ථව කටයුතු කරමින් පවතින රජය කාගේ වුවද රාජ්‍ය නීති රීතීන්ට සම්ප්‍රදායයන්ට ගරු කරමින් උසස් ගුණධර්මයන්ගෙන් යුක්තව ගෞරවාන්විතව සම්‍යක්දෘෂ්ටිකව ජීවත් වෙති.
ධනකාරකයා වන්නේ ද ගුරුමය. හුදෙක් ලෞකික සම්පත්තීන් සම්පාදනය අරබයා නොව ලොව සියල්ලෙහි පැවැත්මට ධනය අවශ්‍ය වන බැවිනි. මෙහිදී ඩොලර්, රුපියල් ආදිය මෙන්ම ධනය සඳහා වූ විවිධ ආදේශකයන් ආදිය පමණක්ම නොව ප්‍රඥාවන්තයන්ට ධනය වූ සතුට මානසික සුව සහනය ද ඒ සඳහා උපකාරී වන භෞතික හා අභෞතික සම්පත් ආදිය ද ධනය යන්නෙන් අදහස් කෙරේ.
චක්‍රවර්තී රාජ්‍යයකට කහවනු රන්මසු රන්රිදී මුතු මැණික් ඇත්දළ ආදියෙන් යුත් අප්‍රමාණ ධන සම්භාරයන්ගෙන් සපිරි මහා භාණ්ඩාගාරයේ සිට ඈත පිටිසර වෙල් යායක් අසල පිහිටි ගමක කුඩා පැල්පතක් ඉදිරියේ ඉදිකොට ඇති දිළිඳු ගොවි පවුලක් සතු මහා ධනය වූ වී බිස්සක් දක්වා සියලු ධනයන්, ධන සංචිතයන්, භාණ්ඩාගාර ආදියෙහි භාරකාරත්වය කළමනාකාරීත්වය ගුරුට හිමිව ඇත.
බ්‍රහස්පතිගේ මහ දශා කාලය අවුරුදු 16කි. කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මෙම ග්‍රහයා සුබවාදීව සිටිනා විට ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය දශා මහ දශා කාලයේ හිමිකරු වීමට ගුරුට අවස්ථාව ලැබේ. එය ඔහු ලැබූ මහත් වූ භාග්‍යයකි. ගුරු ගේ දශා කාලය ඉගෙනගන්නා විට ලැබූ විට ඒ පුද්ගලයා අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරනු ඇත. ඒ වගේම ඔහු සහෝදර අන් ග්‍රහයන්ගේ අතුරු දශා කාලද ගුරු හට හිමිය. නමුත් ඒවා කෙටි කාලයන් වේ.
මාස 04කට ආසන්න කාලයක් සුබඵල උදා නොකළ ගුරු එලබෙන අගෝස්තු 11 වැනි දා සිට සුබඵල උදා කරනු ඇත-
ජ්‍යොතිෂවේදී
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ 0382293771 / 0772753100

SendShareShare
Previous Post

යුගදිවි ගැටුමට මෙන්න විසඳුම්

Next Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.