පකිස්ථාන පාලක පක්ෂයේ නායිකා ශාසියා මාරි ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික යුදමය තර්ජනයක් එල්ල කර තිබේ.
ඒ පසුගිය දිනෙක ඉන්දියාව, පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භුතෝ දැඩි විවේචනයට ලක්කර තිබීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පකිස්ථානය විසින් පළමුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය විවේචනය කිරීමත් සමග මෙම මත ගැටුම ආරම්හ වූ බවයි.
පකිස්ථානය සතුව පරමාණුක බෝම්බ පවතින බව ඉන්දියාව අමතක නොකළ යුතු බවත්, අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒවා භාවිතයට ගත හැකි බවත් පකිස්ථාන පාලක පක්ෂ නායිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.










