චීනයෙහි ‘Zero Covid’ ප්‍රතිපත්තියට එරෙහිව පුලුල්ව රට පුරා පැවති විරෝධතා වෙනත් පැත්තකට යොමු කිරීම සදහා මෙන්ම චීන ජාතිකයන් යටපත් කිරීමට යම් තුරුම්පුවක් ලෙස චීන ජනාධීපති ෂී ජින්ග්පින්ග් මහතා තායිවානය තෝරා ගැනීමට ඉඩ ඇති බව වාර්තා වේ.
උපායමාර්ගික සන්නිවේදනය සඳහා ඉන්දු පැසිෆික් මධ්‍යස්ථානයට අනුව මහජන මතය සහ චීන දේශපාලනයේ ඔහුගේ ස්ථාවරය පවත්වා ගැනීම මෙහි අරමුණ වනු ඇති බව පැවසේ.
ප්‍රධාන නගරවල එහි ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පුලුල්ව පැතිරුනු විරෝධතා හේතුවෙන් චීනය දේශපාලනිකව, ආර්ථිකව හෝ සමාජීය වශයෙන් ‘හොඳ තත්වයක’ නොමැති බැවින්, චීනයේ මහජන මතයට බලපෑම් කිරීමට චීන නායකත්වයට තායිවානය තුරුම්පුවක් ලෙස භාවිතා කළ හැකි බව හමුදා විශේෂඥයෝ ප්‍රකාශ කළහ.





