සෙලාන් බැංකුව මෙරට ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ‘Seylan Merchant Portal’ නමින් පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. පුද්ගල රුචිකත්වයට අනුව එකිනෙකට වෙනස් අවශ්‍යතාවන්වලට පහසුවෙන් සකස් කළ හැකි මෙම ගෙවීම් ක්‍රමය, දිනක් ඇතුළත සක්‍රීය කිරීමට හැකිවීම විශේෂත්වයකි. මෙතුළින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු වෙනත් තලයකට ඔසවා තබනු ලැබේ.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නංවාලීම සඳහා අතදීම යුගයේ අවශ්‍යතාවක් බව හඳුනාගෙන සිටින සෙලාන් බැංකුව, එම අරමුණ වෙනුවෙන් නිරන්තරයෙන් නව හඳුන්වාදීම් සිදුකිරීමට කටයුතු කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ආරක්ෂිත අන්තර්ජාල ගනුදෙනු සඳහා වඩාත් සුදුසු නව හා වැඩිදියුණු කළ ගෙවීම් වේදිකාවක් ලබා දීමෙන් සෙලාන් බැංකුව නව්‍ය ඩිජිටල් පරිවර්තනයන් තුළින් පාරිභෝගික පහසුව උපරිම කිරීමට කටයුතු කරයි.











