• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහෙම තියාගෙන වැඩක් නෑ! විසුරුවා හරින්න! ඊජිප්තුවේ COP 27 සමුලුවට ගිය රනිල් දැන් සමුලුවට බනින්න පටන් අරන්!

November 30, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් හෙට අයවැය පාර්ලිමේන්තුවට අරන් එයි!
Share on WhatsAppShare on Facebook

දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ COP27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් 2022-11-28 දින නිකුත් කරමිනි.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.

මානව වර්ගයාගේ අනාගතයට ඇති විශාලතම තර්ජනය වන දේශගුණික විපර්යාසවල‍ට මුහුණ දීම සඳහා COP යටතේ වසර 27 ක් තිස්සේ ලෝක නායකයින් රැස්ව සිටිති. එහෙත්, COP ක්‍රියාවලිය මගින් එකඟවී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වීය සහ සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට අපි මුලපුරා නැත.

COP27 සමුළුවේදී ඇතිකරගත් එකඟතාවන්, අනුපූරක සහ ප්‍රගතිශීලී පිළියමක් කරා ලෝකයේ ජාතීන් යොමු කිරීමට අපොහොසත් වී ඇත. කණගාටුවට කරුණක් නම්, සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීමයි. සමුළුවේ අවසාන ප්‍රතිඵලය කණස්සලුදායකය.

විශාලතම හානිවලට ඓතිහාසික ලෙස වගකිව යුතු හා දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිඵලදායක විසඳුම් ලබා දිය හැකි රටවල නායකයින් මෙම සමුළුවට සහභාගි නොවීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකාරකම්වල ඉදිරි ගමනට විශාල බාධාවකි.

සමකය ආසන්නයේ දකුණු අර්ධ ගෝලයේ ජාතීන්ට (Global South) අර්ධ ජයග්‍රහණයක් වන ‘හානි හා අලාභ අරමුදල‘ ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදුවිය. එය සාත්ෂාත් කර ගනු ලැබූවේ G77 ජාතීන් එකාවන්ව පෙළ ගැසී පසුගිය වසරවල එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

හානි හා අලාභ අරමුදල නිවැරදි දිශානතියේ පියවරක් වුවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සැපයීම සඳහා වගකිව යුතු ජාතීන් හඳුනාගැනීමේ දී දැඩි අතපසු වීමක් සිදු වී තිබේ. අරමුදල පිහිටුවීමේ මූලාශ්‍රවල වගකීම් හෝ වන්දි පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් නොවේ. එනිසා, G77 රටවලට හානි හා අලාභ අරමුදල එහි පූර්ණ විභවතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අඩුපාඩු සපුරාලීමේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය වනු ඇත.

එපමණක් නොව, මෙම අරමුදල පසුගාමීය. එය සිදු වූ හානි සඳහා පමණක් වන්දි ලබා දෙනු ඇත. එය දේශගුණික විපර්යාසවලට මූලික වූ හේතු ආමන්ත්‍රණය නොකරයි. එබැවින් දැනට සිදු වෙමින් පවතින පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 100ක මූල්‍ය ආධාර ඉලක්කය සපුරා ගැනීමට ඉලක්කගත උත්සාහයක් දැරීම අත්‍යවශ්‍ය කරුණකි.

ලෝකය මීට පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, ඒ නිසා දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන් කල්මැරීමට ඉඩ හැරිය නොහැක. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි වීමට ඉඩ නොදිය යුතු බවට පසුගිය වසරේදී ලෝකය ඒකමතික තීරණයකට පැමිණියේය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මකට ද එකඟ විය. කෙසේ වෙතත්, එහි මුල් ඉලක්කය නොවෙනස්ව තිබෙන අතර, මෙම ඉලක්කය සපුරා ගත යුතු ආකාරය COP 27 හි ගත් තීරණ දෙස බලන විට යම් පසුබෑමකට ලක්ව තිබේ .

තවද, ෆොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වීමේ හෝ විමෝචනය පිළිබඳ නව ඉලක්ක කෙරෙහි දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන බව නොපෙනෙයි. මෙම ගිවිසුම් වෙඩි පහරකින් ලත් තුවාලයකට දමන ලද කුඩා වෙළුම් පටියක් බඳුය. දේශගුණික විපර්යාස නූතන ලෝකයට ත්‍රස්තවාදය වැනිම තර්ජනයකි. ලෝක නායකයන් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වන විට පැත්තකට වී සිටීමේ වරදට වරදකරුවන් වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතු අතර, ඒ වෙනුවට අතීත තීරණ ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය යුතුය. එය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කෙරෙන වසරක ආරම්භය සනිටුහන් කරන මුද්‍රාවක් විය යුතුය.
මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතුය. එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසුය. මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැත.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමාට ඊයේ වැරදුණා! අංගුලිමාලයි දේවදත්තයි පැටලුණා! ඒක හැන්සාඩ්ගත වුණා! ඒක ජනාධිපතිතුමාට හරි නෑ! අගෞරවයක්! කතානායකතුමනි ඒක හැන්සාඩ් එකෙන් අයින් කරන්න! රනිල්ට වුණු වැරැද්ද හරිගස්සමින් අදත් සජිත් ධම්ම පදයෙන් වසලයයි-බ්‍රාහ්මණයයි ගැන කතා කරයි! (VIDEO)

Next Post

අංගුලිමාල කතාව තව දුරදිග යයි! රනිල් කියන විදිහට ඇඟිලි කපලා තියෙන්නේ දේවදත්ත! ගල් පෙරළලා තියෙන්නේ අංගුලිමාල! හෙට අනිද්දා කියයිද දන්නේ නෑ ‘දේවානම්පියතිස්ස දුවනවා… මුවා එළවනවා…’ කියලා! තුෂාර ඉඳුනිල් අලුත් පැත්තක් පෙන්වයි! (VIDEO)

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.