• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පත්තිනි පුරාණයේ සැඟවුණු ඇත්ත

January 11, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පත්තිනි පුරාණයේ සැඟවුණු ඇත්ත
Share on WhatsAppShare on Facebook

පානදුර සිට හොරණ හරහා රත්නපුර මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනකු නිසැකවම නතර වන ස්ථානයක් ලෙස ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ මාර්ග වර්ගීකරණය අනුව 8 මාර්ග අංකය හිමිව ඇති මේ මාර්ගයේ දිනකට විශාල වාහන ප්‍රමාණයක් සහ ජනතාවක් එහා මෙහා ගමන් කරන අතර ජාති ආගම් භේදයකින් තොරව ඒ බොහෝ දෙනකු තෙද පත්තිනි දේවාලය අසල මොහොතක් නතර කර ආශීර්වාද ලබා ගැනීම සුවිශේෂී කරුණක් වී ඇත.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන මාර්ගයක් අද්දරම මෙවැනි දේවාල දක්නට ලැබෙන නමුත් ඒ බොහොමයක් වෙන් වී ඇත්තේ කතරගම, විෂ්ණු, සමන් වැනි දේවතාවුන් වෙනුවෙනි. පත්තිනි මෑණියන් වැනි දේවතාවියන් වෙනුවෙන් වෙන්වූ දේවාල ඒ අතර ඇත්තේ කිහිපයකි. සුළුතරයක් වූ එවැනි දේවාල අතර ප්‍රධාන තැනක් ඇල්ලගාව තෙද පත්තිනි දේවාලයටද හිමි වී ඇත.
ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය පිහිටා ඇත්තේ සබරගමුව සහ බස්නාහිර පළාත් වෙන් කරන මායිමේය. කළුතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය වෙන් වන්නේද එතැනිනි. දකුණේ සිට මුහුදුකරය හරහා උඩරටට ගමන් කරන්නකු භූමියේ කඳුකර ලක්ෂණ පළමු වරට අත්විඳින්නේද ඒ ඉසව්වේදීය. කළු ගඟ අයිනේ අතිශය මනරම් ඉසව්වක පිහිටි ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය පිහිටීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාය.

ඉතිහාස තොරතුරු අනුව ඇල්ලගාව තෙද පත්තිනි දේවාලයේ ආරම්භය සිදුව ඇත්තේ 1588 වසරේදී පමණය. එනම් සීතාවක රාජසිංහ රජ සමයේදීය. සීතාවක රාජසිංහ රජු පත්තිනි දේවිය වෙනුවෙන් දේවාල ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 1578 වසරේදී සිදුවූ මල්වතී බිසවගේ අභාවයෙන් පසුවය. තම වයසට වඩා බොහෝ සෙයින් බාල වූ මල්වතී කුමරිය රාජසිංහ රජු විසින් බලෙන් පැහැරගෙන ගොස් තම බිරිඳ බවට පත් කර ගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. බලෙන් පැහැරගෙන ගියද ඔහු මල්වතී බිසවට බොහෝ ප්‍රේම කළ බවද සඳහන් වන අතර ඒ හේතුවෙන් තමන්ට පෙර ඇය මිය යෑම රජුගේ බලවත් කනගාටුවට හේතු වී ඇත. රාජසිංහ රජු විසින් මල්වතී කුමරිය සිහිවීම වෙනුවෙන් ඉදිකළ පළමු පත්තිනි දේවාලය ඉදි කර ඇත්තේ සීතාවක රාජ මාලිගය ආසන්නයේමය. නමුත් පෘතුගීසීන්ගේ උදව්වෙන් කොනප්පු බණ්ඩාර උඩරට රාජධානිය ආක්‍රමණය කිරීම ආරම්භ කළ අතර ඒ අතරතුර ඇතිවූ ගැටුමකින් පරාජය වූ රාජසිංහ රජු පසුබැස ඇත්තේ වර්තමාන ඇල්ලගාව දේවාලය ඉදිවී ඇති ප්‍රදේශයටය.
යුද්ධයෙන් පරාජය වුවද, තම ප්‍රේමවන්තිය අමතක නොකළ රාජසිංහ රජු එලෙස පලා එන අතරමඟද, පත්තිනි දේවාල කිහිපයක් ඉදි කර ඇත. එලෙස ඉදි කළ පත්තිනි දේවාල අතරින් කිහිපයක් බටවල, රඹවල, කඹුරුමුල්ල ආදී ප්‍රදේශවල වර්තමානයේදීද දැකිය හැක. රාජසිංහ රජු විසින් ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය පළමුව ඉදි කර ඇත්තේ වර්තමාන දේවාලයට එපිටින් කළු ගඟෙන් එපිට පිහිටි කන්දක් මතය. ප්‍රදේශවාසීන් පවසන අන්දමට දේවාල කන්ද ලෙස අදටද හඳුන්වන එම කන්ද මුදුනේ පැරැණි දේවාලයේ ඇතැම් කොටස් තවමත් දක්නට ඇත. එකල දේවාලය සඳහා ගමන් කිරීම සඳහා කළු ගඟ තරණය කළ යුතු වූ අතර ඒ දිනවල කළු ගඟේ පළලින් අඩුම ස්ථානය ලෙස දක්නට ලැබුණේද මේ ස්ථානය බව පැරැන්නන්ගේ මතකයේ අදටත් නොමැකී ඇත. මීට දශක කිහිපයකට පෙරද එම ස්ථානයේ කළු ගඟ ඉතා පටු එකක් වී ඇති අතර එතැනින් ගඟ ගලා ගොස් ඇත්තේ කුඩා ඇල්ලක් ලෙසටය. මේ ප්‍රදේශයට ඇල්ලගාව නම ලැබී ඇත්තේ ඒ හේතුව මතය.

වර්තමානයේ දක්නට ලැබෙන පරිදි මහා මාර්ගය ආසන්නයේ දේවාලය ඉදි වී ඇත්තේ මීට සියවසකට පමණ පෙරය. කන්ද තරණය කිරීම අපහසු වීමත්, වර්ෂා කාලයේදී කළු ගඟේ සැඩ පහර රළු වීමත් ඒ සඳහා හේතු වී ඇත. දේවාලය ගඟෙන් එපිට පිහිටි සමයේදී අත් දුටු ආශ්චර්යවත් සිදුවීමක් පිළිබඳවද ප්‍රදේශවාසීන්ගේ මතකයේ ඇත. එකල කළු ගඟ තරණය කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ඉතා කුඩා ඒදණ්ඩකි. දැඩි වර්ෂාවකින් පසු චණ්ඩ වූ කළු ගඟේ සැඩ පහරෙන් එම ඒදණ්ඩ ගසා ගෙන ගොස් ඇත. ගම්වාසීන්ට දේවාලය වෙත ගමන් කිරීම සඳහා වෙනත් කිසිදු පහසුකමක් නොවූ අතර එම දුෂ්කරතාවයෙන් ගම්වාසීන් මුදවාලන ලෙස දේවාලයේ කපු මහතා දෙවියන්ගෙන් ඉල්ලා ඇත. ඉන් දින කිහිපයකට පසු ගඟ අයිනේ තිබූ දැවැන්ත කුඹුක් ගසක් ගඟ හරහා පෙරළී ස්වාභාවික ඒදණ්ඩක් නිර්මාණය කර තිබෙන අතර ඉන් පසු දශක ගණනාවක් යන තුරු ගම්වාසීන් එම ඒදණ්ඩ භාවිතයට ගෙන ඇත.

වර්තමානයේදී දේවාලය අවට ජනතාව ඕනෑම කටයුත්තකට පෙර තෙද පත්තිනි දේවාලය වෙත පැමිණීම පුරුද්දක් කොට ගෙන තිබෙන අතර ඊට අමතරව දරු සම්පත් බලාපොරොත්තු වන බොහෝ දෙනකු, ගැබිනි මවුවරුන් මෙන්ම කුඩා දරුවන් රැගත් මවුවරුන් රැසක්ද දිවයිනේ සතරදිග්බාගයේ සිට ඇල්ලගාව තෙද පත්තිනි දේවාලය වෙත පැමිණෙන ආකාරය දක්නට ඇත.
ඇල්ලගාව කපු රාලලාගේ පරම්පරාව විසින් පරිපාලනය කටයුතු සිදු කරන ඇල්ලගාව තෙද පත්තිනි දේවාලයේ පැවැත්වෙන ප්‍රධාන මංගලෝත්සවය ලෙස ගම්මඩු ශාන්තිකර්මය හඳුන්වා දිය හැක. එහි ආරම්භය සිදු වී ඇත්තේද දේවාලය ආරම්භ වූ මුල් කාලයේදීමය. ප්‍රදේශවාසීන් ආශීර්වාද කරමින් වසර සිය ගණනක් පුරා අඛණ්ඩව සිදු කරන ඇල්ල ගාව තෙද පත්තිනි දේවාලයේ ගම්මඩු ශාන්තිකර්මය මෙවර පැවැත්වුණේ පසුගිය සති අන්තයේදීය. අවට ජනතාව පමණක් නොව ඈත දුර බැහැර ප්‍රදේශවලින්ද පැමිණි ඉතා විශාල ජනකායක් මධ්‍යයේ පැවැති ඇල්ලගාව තෙද පත්තිනි දේවාලයේ ගම්මඩු උත්සවය ඉතා සාර්ථක එකක් විය. මුළු රැයක් පුරා පැවැති ශාන්තිකර්මය අවසානයේ ඇද වැටුණු පොද වැස්සකින් ප්‍රදේශයම ප්‍රබෝධමත් වූ අතර ශාන්තිකර්මය සඳහා සහභාගි වූ ජනතාවගේ සිත් සතන් ප්‍රීතියෙන් පිනා යන ආකාරය එහි ගිය අපට දක්නට හැකි විය.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හිටිහැටියේම ‌ගෝඨා ඇඳුම ‌වෙනස් කළේ ඇයි?

Next Post

දෙගම්බඩින් බිහිවූ රස අතර රජෙක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.